උණුසුම් පුවත් වෙනත් උණුසුම් පුවත්

කහටගස්දිගිලියේ මහේස්ත්‍රාත් බජාර් එකේ පාදඩ චණ්ඩියෙක් වෙලා

Spread the love

කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු සමඟ මෝටර් රථයකින් පැමිණ තමා ගමන් කළ ජිප් රථයට ගමන් කිරීමට නොහැකි වන ලෙස⁣ට මාර්ගය හරස් කොට රථ වාහන වරදක් සිදු කරන ලදැයි තමාට චෝදනා කරමින් තමාගේ රියදුරු බලපත්‍රය ඔහුගේ බාරයට ගෙන තමා මහේස්ත්‍රාත් නිල මැදිරියට රැගෙන ගොස් නීති විරෝධී බලපෑමක් කරන ලදැයි චෝදනා කරමින් පෞද්ගලික මුල්‍ය ආයතනයක කළමණාකරුවකු වන කහටගස්දිගලිය,ලයිට් පාර,ලිපිනයේ පදිංචි චන්න සුරාජ් සෙනෙවිරත්න විසින් අධිකරණ කොමිෂමේ ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

අදාල පැමිණිල්ල මෙසේය.

මාගේ සමීපතම හිතවතකු වන වෛද්‍ය පාරිස් මහතා පෞද්ගලික කාරණාවකට

මට අයත් එන්සී/සීබීඑච්/9989 අංක දරණ ප්‍රිමියෝ මෝටර් රථය ඉල්ලා ගත්තා.එම නිසා 2023/ඔක්තෝම්බර් මස 05 වන දින මා මගේ හිතවතකු වන 

වෛද්‍ය අශෝක පාරිස් මහතාට අයත් ඩබ්.පී.සී.ඒ.යූ 1340 අංක දරණ මෝටර් රථයෙන් අනුරාධපුරයේ පිහිටි මාගේ සේවා ස්ථානයට වාර්තා කිරීමට පිටත් වුනා.කහටගස්දිගිලිය සිට අනුරාධපුරය දක්වා වන මාර්ගයේ රත්පත්විල ප්‍රදේශය පසුකර අනුරාධපුරය දෙසට කිලෝමීටර් දෙකක් පමණ ධාවනය කරමින් සිටින විටදී එදින උදෑසන 7.50ට පමණ මට පසුපසින් වේගයෙන් කළු පැහැති මෝටර් රථයක් නොකඩවා නළාව නාද කරමින් හා ප්‍රධාන විදුලි පහන් නොකඩවා දල්වමින් මා පසුපස හඹා එන බව මා පැදවූ ජිප් රථයේ පැති කණ්නාඩි වලින් නිරීක්ෂණය කළා.

ඒ අනුව වහාම මා පැදවූ ජිප් රථයේ වේගය අඩු කිරීමට මා කටයුතු කළා.ඒ සමගම පිටුපසින් පැමිණි කළු පැහැති 

මෝටර් රථය මාගේ ජිප් රථය ඉදිරයෙන් යන මඟ අවහිර වන සේ මාර්ගය හරස්

කරමින් නතර කළා.එම සිඳුවීම බටහිර චිත්‍රපටයකට සමානයි.එම කළු පැහැති එන්.ඩබ්/කේපී3076 අංක දරණ මෝටර් රථයෙන් බැස පොලිස් නිළධාරියකු (කහටගස්දිගිලිය පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක නිහාල්)පැමිණියා.ඒත් සමඟම තවත් පුද්ගලයකු රියදුරු අසුන දෙසින්

බැස පැමිණියා.ඔහු මෝටර් රථය පදවා ගෙන පැමිණි පුද්ගලයා බව හඳුනා ගත්තා.එලෙස පැමිණි ඔහු ඔබ කවුදැයි මගෙන් විමසුවා.එම අවස්ථාවේ මා අනුරාධපුර මුල්‍ය ආයතනයක ශාඛා

කළමණාකරු බව පැවසුවා.ඒත් සමඟම එම පුද්ගලයා තමා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරයා බවත් මා පැදවූ ජිප් රථය අනුරාධපුර දෙසට ධාවනය කරන අතරතුර මාගේ ජිප් රථයේ රෝදයකට හසු වූ ගල් කැටයක් විසිවී මහේස්ත්‍රාත් වරයා පැදවූ මා පසුපස හඹා ආ මෝටර් රථයේ ඉදිරි වීදුරුවේ වැදී හානි සිඳු වී ඇති බවත් ප්‍රකාශ කළා.මාගේ ජිප් රථයේ රෝදයකින් ගලක් විසිවීමේ සිද්ධියක් සිඳු නොවුන බව මා ඊට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කළා.එවිට මහේස්ත්‍රාත්වරයා ඔව් ඔයා දැන ගත්තෙ නැති බව තේරුණා.නමුත් රෝදයෙන් ගලක් විසි වී ඇවිත් මගේ විනඩ්ස්ක්‍රීන් එක ඩැමේජ් වුණා යනුවෙන් ප්‍රකාශ කළා.

පසුව මහේස්ත්‍රාත්තුමා මාගේ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියා.මා එය එතුමාට ලබා දුන්නා.ඉන්පසු එකී රියදුරු බලපත්‍රය මහේස්ත්‍රාත්වරයාගේ සන්තකයට ගෙන මා යන ගමන නතර කර මගේ ජිප් රථය නැවත  හරවා මහේස්ත්‍රාත්වරයා පසුපසින් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය තෙක් ධාවනය කරන ලෙසට මට අණ කළා.

ඒ අවස්ථාවේදී මා ඉතා පීඩනයට හා අසරණ තත්වයට පත්වුණා.

මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් පරිදි

මා පැදවූ ජිප් රථය නැවත හරවා මහේස්ත්‍රාත්තුමන් පැදවූ මෝටර් රථය පසුපසින් ධාවනය කළා.එලෙස ධාවනය කිරීමේදී මාගේ රියදුරු බලපත්‍රය මා සන්තකයේ තිබුණේ නැහැ.ඊට හේතුව රියදුරු බලපත්‍රය කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්තුමා සිය භාරයට ගෙන තිබුණ නිසා.මහේස්ත‍්‍රාත්තුමා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගමන් ගන්නා අතරතුරදී කහටගස්දිගිලිය නගරය මැද මෝටර් රථය නවත්වා රථ වාහන රාජකාරියේ නියුක්තව සිටි කහටගස්දිගිලිය පොලීසියේ නිළධාරීන් කැඳවා ඔවුන්ටද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත එන ලෙස දැනුම් දුන්නා.පසුව මහේස්ත්‍රාත්තුමා එතුමන්ගේ මෝටර් රථය කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ඇතුළත් කර නතර කළා.ඉන් අනතුරුව මහේස්ත්‍රාත් නිල මැදිරියට පැමිණෙන ලෙසට මට නියෝග කළා.මා නිල මැදිරියට ගියා.ඒ අවස්ථාවේ කහටගස්දිගිලිය පොලීසියේ 

ස්ථානාධිපකිවරයාද රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකුද මහේස්ත්‍රාත් නිල මැදිරියට කැඳවා තිබුණා.එහිදී මහේස්ත්‍රාත්තුමා මට දැනුම් දුන්නා එතුමාගේ මෝටර් රථයයට තෙවන පාර්ශවයේ රක්ෂණයක් පමණක් ලබා ගෙන ඇති බවත් එම නිසා මහේස්ත්‍රාත්තුමාගේ මෝටර් රථයේ ඉදිරි වාමුවාවට සිඳුව ඇති හානිය වහාම පියවන ලෙසත් ඒ සඳහා ජපන් රීකන්ඩිෂන් වාමුවාවක් සැපයීම කරන ලෙසටත් නැතහොත් එක් ලක්ෂ දස දහසක මුදලක් ගෙවන ලෙසත් එලෙස⁣

නොගෙවන්නේ නම් නීති මගින් මා හට එරෙහිව කටයුතු කරන බවටත් මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිළධාරියා ඔහුට සාක්ෂි වශයෙන් සිටාන බවටත් දැනුම් දුන්නා.එදින සවස 5 ට පෙර එකී වාමුවාව ගෙන එකී බිල් පත කහටගස්දිගිලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා මඟින් තමාට ලැබීමට සළස්වන ලෙසත් දැනුම් දුන්නා.

මා පැදවූ ජිප් රථයේ අයිතිකරුවන වෛද්‍ය පාරිස් මහතාද සිය නිල මැදිරියට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.ඒ අනුව වෛද්‍ය අශෝක පාරිස් මහතාද සිය දෛනික උදෑසන රෝගී සායනය අතරමැද  නවතා  මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට උදෑසන 8.45 ට පැමිණියා.ඒ අවස්ථාවේදී සිය මෝටර් රථයේ ගල් කැටයක් වැදුන බව මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට ප්‍රකාශ කළා.තමා එවැනි සිඳුවීමක් නොදන්නා බව වෛද්‍යවරයා මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියා.

මාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන මාගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගෙන මා හට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන ලෙසට එහිදී මහේස්ත්‍රාත්වරයා කහටගස්දිගිලිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අණ කරමින් කියා සිටියා.ඒ අනුව පොලීසිය මාගේ රියදුරු බලපත්‍රය සිය බාරයට ගෙන මා හට 

975591 අංක දරණ තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කළා.එහි වරද ලෙස රිය අනතුරක් සිදු කිරීම යනුවෙන් සඳහන් කර තිබෙනවා.එමෙන්ම මට විරුද්ධව නඩුවක් පවරන බවත් මේ මස 24 වැනි දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථයේ වාමුවාව සවි කර දුන් පසු රියදුරු බලපත්‍රය මා හට මුදා හරින ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කෙරුවා.

අලුතෙන් වාමුවාව සවි කිරීමට දින තුනක කාලයක් ගත වන බවත් එම දින තුන සදහා මහේස්ත්‍රාත්වවරයාට ගමන් කිරීමට වෙනත් මෝටර් රථයක් සූදානම් කර දෙන ලෙසටත් මට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කහටගස්දිගිලිය පොලීසියේ නිළධාරීන් උපයෝගී කර ගනිමින් වින්ඩ්ස්ක්‍රීන් එක දැමීමට සූදානම්ද නැතිනම් රුපියල් 110,000 ක් ගෙවීමට සූදානම්ද යනුවෙන් විමසමින් එදින සවස 5 වන තුරුම බලපෑම් කළා යැයිද පැමිණිල්ලේ දැක්වේ.මෙම සිඳුවීමෙන් තමා දැඩි මානසික පීඩනයටත් අපහසුතාවටත් පත් වූ බව ස්වකීය පැමිණිල්ල මගින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාට දැනුම් දී ඇති චන්න සුරාජ් සෙනෙවිරත්න මහතා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා සිය නිල බලය අවභාවිතා කරමින් සිඳු කළ මෙම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිඳු කරන ලෙසද ඉල්ලා තිබේ.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂම මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති 

බව වාර්තා වේ.


Spread the love

You may also like