උණුසුම් පුවත් උණුසුම් පුවත්

පිස්සු පූසා කොමිසමේ නිර්දේශයන්ට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගනියි

Spread the love

2015 ජනවාරි මාසයේ සිට 2019 නොවැම්බර් 19 වන දින දක්වා රාජ්‍ය නිළධාරීීීීන්ට සිඳු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීමට 2020 ජනවාරි 09 දිනැතිව 2157/44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන විසින් කොමිසමක් පත් කරන ලදී.විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා වූ අතර විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු එම කොමිසමේ අනෙකුත් සාමාජිකයන් විය.මෙම කොමිසම මගින් හිටපු ජනපතිවරයාට බාර දෙන ලද අවසන් වාර්තාව මගින් අධිකරණයේ නඩු 79 ක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබුණි.

එම කොමිසම විසින් ජනපතිවරයාට ඉදිරිපත් කරන ලද වාර්තාවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් පහක් ගොනු කෙරිණි.ජාතික  ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න,හිටපු නාවුක හමුදාපති ට්‍රැවිස් සින්නයියා ,හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක,සහ නාවුක හමුදාවේ විශ්‍රාමික අද්මිරාල්  සුසිත් වීරසේකර එම  පෙත්සම් ගොනු කරන ලදී.

ජනපති කොමිසමට ඇති නීතිමය බලය, කොමිසම කටයුතු කළ ආකාරය ,සහ අයුතු ලෙස බලය භාවිත කළ ආකාරය,මේ පෙත්සම්කරුවන් ප්‍රශ්ණ කරන ලද අතර  එවැනි තත්වයක් යටතේ තමන් එම සිඳුවීම්වලට අදාලව වග උත්තරකරුවන් කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවට අදාලව අධිකරණයේ විභාග වූ අපරාධ නඩුවේ විත්තිකරුවන් නිදහස් කර තමන්ව විත්තිකරුවන් කිරීමේ නිර්දේශයට එරෙහිව හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් වල සඳහන් විය.අධිකරණයේ විභාග වෙමින් පැවැති එම එම නඩුවට අදාලව තීන්දුවක් ලබා දීමට පෙර නඩුවේ කටයුතු අත්හිටුවීමට

කොමිසම විසින් කරන ලද නිර්දේශය බලය අයුතු ලෙස භාවිතා කිරීමක් බව මෙහිදී නීතිපතිවරයා විසින්ද අවධාරණය කෙරිණි.

මේ අතර මෙම කොමිසම  ඉදිරිපත් කළ ⁣නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණය⁣ට

අපහාසයක් වී තිබේද යන්න ගැන පරීක්ෂා කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට නීතිඥවරුන් සිවු දෙනෙකු අගවිනිසුරුවර⁣යාගෙන් ඒ දිනවල ලිඛිතව ඉල්ලීමක් පවා කරන ලදී.එම ඉල්ලීම කරන ලද්දේ අචලා සෙනෙවිරත්න සේනක පෙරේරා, ජෙයරත්නම්රාජා හා නාමල් රාජපක්ෂ යන නීතිඥ වරුන් විසිනි.

ඉහත පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාගයට ගැනීමට අද (12)දින ⁣ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා⁣ වේ.


Spread the love

You may also like