උණුසුම් පුවත් උණුසුම් පුවත්

මව්බිමට බුදු සරණ වේවා -හෙට අනිද්දා වන විට රනිල් හාමු අප්පට සිරි ආණ්ඩුවක් හදන එක සිකුරුය

Spread the love

ජනපතිවරයා තමන් රනිල් රාජපක්ෂ මිස අන් අයකු නොවන බව ජාත්‍යන්තරයට පෙන්වා දෙනු ලැබිණි.ඒ අතරේම පපුවට දෑතින් ගසාගෙන නේද හාමුදුරුවනේ යැයි අසන රාජපක්ෂ දේශප්‍රේමිත්වය ජාත්‍යන්තරව මුදා හරිමින් මිල්ටෙරි නන්දසේනගේ පලා යාමෙන් පසුව  බංකර් ගතව සිටි සිංහල බෞද්ධ විසිල් ගසන්නන්ට ආතල් එන්නතක් සැපයීමටද  රනිල් රාජපක්ෂ

හැකි වී තිබේ.ජනපතිවරයා වීමෙන් පසුව රාජපක්ෂවරුන්ගේ තග න්‍යාය රනිල් රාජපක්ෂටද ආවේෂ වී ඇති බව ඉන් පැහැදිලිය.

රනිල් රාජපක්ෂ ජර්මනියේ ඩොයිෂ්වෙල් රූපවාහිනී ආයතනය සමග කළ සාකච්ඡාවකදී  මේ ආවේෂය පෙන්නුම් කරන ලදී. එම සාකච්ඡාවේදී රනිල් රාජපක්ෂ කෑ ගසමින් හැසි⁣රු⁣ණේ රාජ්‍ය නායකයකු ගේ පෞරෂත්වය පෙන්නුම් කරමින් නොවේ.ඔහු එහිදී බරපතල මානසික ආතතියකට ගොදුරුව සිටි බව ශරීර භාෂාවෙන් ප්‍රකාශනය කෙරිණි.

ඔහු එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීකෂණයකට එකඟ නොවන බව පවසන ලදී.ඉන් අපට තහවුරු වන්නේ මෙරටදී පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිදු විමර්ශනයක් ආණ්ඩුව විසින් නොකරන බවය.මෙම මාධ්‍ය සාකච්ඡාවේදී රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ තර්ජනාත්මක හඬ හා මදාවිකාර හැසිරීම තුළ ඒ බව නිශ්චිතවම නිරූපනය විය.

රනිල් රාජපක්ෂ ජර්මානු මාධ්‍ය ආයතනයක් සමග කළ මේ සාකච්ඡාව කිසිසේත්ම හුදකලාව අවධානය යොමු කළ යුතු සිද්ධියක් නොවේ.

රනිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම නොපිළිගන්නා බව මදාවි ශෛලියන් ප්‍රකාශ කරන ලදී.එහෙත් 2015 වසරේ පැවැති යහපාලන ආණ්ඩුව

එම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වූ මානව හිමිකම් කවුන්සිලය හා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සම සහභාගිත්වයෙන් 30/1 යෝජනාවට මෙසේ එකඟ විය.

ඒ මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට හා සියලුම ජන කොටස්වල ජනතාව තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩ නැගීමට වග වීම අත්‍යවශ්‍යවන අතර ශ්‍රී ලංකා රජය විසින් විශේෂ උපදේශනයක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම හා එම යාන්ත්‍රණය මගින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම එමෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම ආදී වශයෙන් වේ.

එවකට යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වූයේ වර්තමාන ජනපතිවරයාය.එහෙත් ජර්මානු මාධ්‍ය ආයතනය හා කළ මාධ්‍ය සාකච්ඡාවේදී ජනපතිවරයාට ඒ අතීතිය සම්පූර්ණයෙන් අමතක වී තිබූ බව පෙනෙන්ට තිබුණි.සැබැවින්ම ඔහු රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා බව තවදුරටත් මෙහිදී තහවුරු කෙරිණි. 

කෙසේවෙතත් රනිල් රාජපක්ෂ මෙම මාධ්‍ය සාකච්ඡාවලදී සිදු කළ ප්‍රකාශයන් හුදකලාව ප්‍රශ්ණ කිරීම වැඩකට ඇති දෙයක් නොවේ.මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ඉදිරි මාර්ග සිතිය⁣ම බව විරුද්ධ පක්ෂයේ කවුරු කවුරුත් වටහා ගත යුතුය.එහෙත් අපට වැටහී ඇත්තේ විරුද්ධ පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව තක්සේරු කරමින් සිටින්නේ අන්ධයින්  අලියාගේ ස්වරූපය ගැන පැවසූ ආකාරයටය .

පසුගිය 02 වනදා හා 03 04,10 යන දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ එක දිගට විභාග කර තිබූ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ පලාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය කල් දමන ලදී.එහිදී එම පෙත්සම් විභාගයේ සභාපති විනිසුරු විශ්‍රාම යාමට නියමිතව තිබූ හෙයින් අගවිනිසුරුවරයා එහි සභාපතිවරයා ලෙස පත් විය.ඒ අනුව මෙම පෙත්සම් විභාගය නැවත නොවැම්බර් 21,22,29,30 දිනවල හා දෙසැම්බර් 01 යන දිනවල එක දිගට පැවැත්වීමට පංච පුද්ගල විනිසුරු මණ්ඩලය තීරණය කෙරිණි.

එම පංච විනිසුරු මණ්ඩලයට ජයන්ත ජයසූරිය,විජිත් මලල්ගොඩ ,මුර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන විනිසුරු වරුන්⁣ගෙන් සමන්විතය.

මේ පංච විනිසුරු මණ්ඩලය ⁣එම පෙත්සම් විභාග⁣ය අවසානයේ දීමට නියමිත තීන්දුව ගැන කීමට අපට අංජනම් බැලිය යුතු නැත.මේ විනිසුරු මණ්ඩලයේ මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය පතෝල වැට⁣කොළු චරිතයකි.ගුණත් නැත අගුණත් නැත.එහෙත් කට ගැස්මකට හදා ගන්නට බැරි කමක්ද නැත.අගවිනිසුරු ගේ විජිත් මලල්ගොඩ ගේ කෙරුවාව ගැන අමුතුවෙන් චරිත සහතික ලියන්නට ඕනෑ නොවේ.ඒ තරමට රාජපක්ෂ වැසිකලි⁣ හෝදන වුන්ය.දැන් රනිල් හාමු ගේ ඔඩොක්කු කුක්කන්ය.මේ දෙදෙනාම ලැජ්ජා නහර කප්පාදු කර  ගත් විනිසුරුවරුන්ය.

ගාමිණි අම⁣රසේකර හීන් නූලෙන් වැඩේ දෙන්නෙකි.

පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මානව හිමිකම් කඩ වී නැතැයි මුන්දැලා තීන්දු කළ හොත් හා ඒ සමගම මෙම විනිසුරු නඩය විසින් මැතිවරණය පැවැත්විය යුතු වන්නේ මහා භාන්ඩාගාරයේ ඇති තරම් මුදල් ඇති දවසක හෝ එය පාර්ලිමේන්තුව විසින් විසඳාගත ප්‍රශ්ණයක්  බවට තීන්දු කළ හොත් ඒ ගැන අපට පුදුමයක් ඇති වන්නේද නැත. 

ඒ සියල්ල තීරණය වනු ඇත්තේ රනිල් හාමු හා ඔහුගේ වට පඩයන්ගේ ඔළු මත ඇඳී තිබෙන හීන වල හැඩයටය.රනිල් හාමු ගේ වට පඩයන් මාධ්‍ය වලින් ප්‍රකාශ කරමින් සිටින විදියට මෙරට නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ රට බංකොලොත් බවින් මිදුන දවසකය.රනිල් රාජපක්ෂ මහජන රැස්වීම් වලදී සිදු කරන ප්‍රකාශයන් ඉතා සියුම්ව අධ්‍යයනය කරන්නේ නම් ඒ තුලින්ද ප්‍රකාශනය වෙන්නේ බලය අත් හැරීමට සූදානම් නැති බවය.එම කයිවාරුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අතර සමාන කමක් මිස වෙනසක් ඇති නොවන බව අපට හූනා කීවා වාගේ පැවසිය හැකිය.

වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා රනිල් රාජපක්ෂ ජනපතිවරයා බවට පත්වූ

 මුල් කාලයේදී ප්‍රකාශ කරන ලද්දේ 2048 වසර වෙන තුරු ජනපතිවරයා රනිල් බවය.මෙහිදී 2048 වර්ෂය අත් හැරියද ඉන් වජිර අබේවර්ධන ඇඟවූයේ දීර්ඝ කාලයක් මෙරට ජනපති ධුරයේ රනිල් රාජපක්ෂ බව අප ⁣තේරුමි ගත යුතුය.එහෙත් පසුගිය දිනක වජිර අ⁣බේවර්ධන ප්‍රකාශකරන ලද්දේ ජනපතිවරයා විසින් නියමිත කාලයට ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීමට කටයුතු කරන බවය.වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ගේ පළමු ප්‍රකාශයත් දෙවන වර කළ ප්‍රකාශයත් අතර පවතින්නේ බරපතල පරස්පරයකි.මෙය කපටි රඟපෑමක් බව පැහැදිලිය.ඒ කපටි බව තහවුරු කර ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් විභාග වන පෙත්සම් සමග ගලපා ගැනීමෙනි.

එම නඩුවේ තීන්දුව සමග වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා බබා පාට් එ⁣කෙන් මාධ්‍ය වෙත පවසනු ඇත්තේ ජනපතිවරයා මැතිවරණ පැවැත්වීමට කැමැත්තෙන් සිටියද අධිකරණය ⁣දී ඇති තීන්දුවට හිස නමන බවය.කොහොමද මුන්ගේ ටිකිරි මොළ යැයි එදාට කාට කාටත් සිහිපත් වනු ඇත.

මෙරට ඉදිරි මැතිවරණ නොපැවැත්වීම

හා ඉන් ඇතිවන සමාජ ප්‍රතිවිරෝධයන් මැඩලීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව භූමිය සකසමින් පවතින බව අපට   

ස්ථිරය.සයිබර් ආරක්ෂණ පනත හා ත්‍රස්ත මර්දන පනත බලය රැක ගැනීම සඳහා රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගොඩ නගන ආරක්ෂක  පවුරේ සක්ක ගල්ය.කවුරුන් විරෝධතා දැක්වුවද එම පනත සම්මත කෙරෙනු ඇති බව අප⁣ට විශ්වාසය.

ඒ අතරේම හමුදාපති පදවියට   ⁣මේ සියල්ලටම ගැලපෙන හැඩයේ අපූරු බඩුවක් ගෙන ඒමට සැළසුම් කර ඇති බව අපට අනාවරණය වී තිබේ.ඒ මේජර් ජනරාල් මාන්නගේය.මොහු කවරෙක්ද යන්න ගැන අමුතුවෙන් අටුවා ටිකා ලිවීම අවශ්‍ය නැත.අප කෙටියෙන්ම ඔහු ගේ කැරුට්ටුව සදහන් කරන්නට කැමැතිය.පසුගිය අරගලය සමයේදී අරගල කරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමේදී  හමුදා කඳවුරු වල අසූචි මිශ්‍ර කළ යුතු යැයිද ඒවා තමන්ට සැපයීමට හැකි බවද ආරක්ෂක මණ්ඩලයේදී ප්‍රකාශ කරන ලද්දේ මොහුය.

ඊළඟට දැනට ත්‍රිවිධ හමුදාපති ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ තනතුර පූර්ණ බල අධිකාරියක් යටතට ගෙන ඒමට නියමිතය.මේ වන විට ත්‍රිවිධ හමුදාපති තනතුර සාම විනිසුරු තනතුරකට සමාන තනතුරකි.එහෙත් එය ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇත.අනතුරුව ත්‍රිවිධ හමුදාපති ධුරයේ පූර්ණ බලැති අණදෙන්නා වන්නේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාය.මෙරට අගමැතිකම⁣ අපේක්ෂාවෙන් කට්ටඩි ගුරුකම් කළ ශවේන්ද්‍ර සිල්වාට මේ පදවිය ඉහටත් උඩින් වනු ඇත.මෙහිදී ශවේන්ද්‍ර ගේ සිත සැනසීම සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නට සිරිසඟබෝ වන්නට සිදුවීමද අනිවාර්ය කාරණයකි.

පොලිස්පති තනතුරටද පාදඩ දූෂිතයකු පත් කරනු ඇත.කවුරු විරෝධතා දැක්වූවද එය සිද්ධ වෙන බවද සහතිකය.විශේෂ කාර්ය බලකායේ සේනා විධායක තනතුරද වෙනස් කෙරේ.

ජනතාව බිය වද්දා ගනිමින් බලය රැක ගැනීම හා පාලනය කිරීම ආණ්ඩුවේ  සැළසුම වී ඇති බවට පෙරනිමිති පහල වෙමින් තිබේ.

ආණ්ඩුව සියළු වෙනස්කම් සිද්ධ කරනුයේ ජනතාවගේ යහපතට නම් නොවන බව වටහා ගත හැක්කේ මේ සියළු කරුණු කාරණා තේරුමි ගැනීමෙනි.ආණ්ඩුවට විරුද්ධ වන සියළුම දෙනා මැර මිල්ටෙරි යාන්ත්‍රණයකට යට කර දැමීම සිඳු වෙන බව නිසැකය.එහිදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෝ මානව හිමිකම් පස්ස පිස දැමීමට ගන්නා කඩදාසියක් තරම්වත් නොවටිනා දෙයක් විය හැකිය.

අප දැන් සිතිය යුතු වන්නේ ⁣මේ පාදඩ ⁣මැරයින්ට මුහුණ දෙන්නේ කවර ඉරියව්වකින්ද යන්නය.එහිදී නව දේශපාලන උපාය උපක්‍රමයන් භාවිතා කරන්නට සිඳු වෙනු ඇත. අපට දේශපාලනිකව මුහුණ දීමට සිටින ප්‍රධාන ප්‍රතිවාදියා සමරිසි අයෙකි.සමරිසි වූවන් ගේ සමාජ භාවිතය කෝප වූ විට සාමාන්‍ය පුද්ගල ක්‍රියාකාරකමට වඩා වෙනස්ය.ඔවුන් කෝපයට පත් වූ විට  ඉරිසියාකාරය.වෛරී සහගතය.

අමානුෂිකය.බටලන්ද වදකාගාරයේ සාක්ෂි වලින් ඒ බව තහවුරු කර තිබේ


Spread the love

You may also like