උණුසුම් පුවත් උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම එස්.අයි.එස් සාමාජිකයන් නොවන බවට හෙළි වුනා – විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි පවසයි

Spread the love

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ⁣විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පසුගියදා ටීඑන්එල් රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලද්දේ පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ නැති පිරිසක් බවට විමර්ශන වලදී අනාවරණය වූ බවය.

මෙහිදී හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ප්‍රකාශ කළ ආකාරයට සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම එස්.අයි.එස්.සංවිධානයේ සාමාජිකයන් නොවූ බවට අනාවරණය වූවා සේම එම සංවිධානය ඔවුන්ට ආයුධ හෝ මුදල් ලබා දී නැත.

සහරාන් හෂීම් විදේශයකදී හෝ අත් අඩංගුව⁣ට ගැනීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් පවා ලබා ගෙන තිබූ බවත් එම තත්ත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශනය කරමින් සිටියදී හමුදා හා රජ්‍ය බුද්ධි අංශ වලින් තොරතුරු ලැබුණේ සහරාන් හෂීම් සොයාගැනීමට නොහැකි බවට බවට හා ඔහු නැගෙනහිර පළාතේ සිටින බව එම බුද්ධි අංශ වලින් වාර්තා කළ බවටද මෙම සාකච්ඡාවේදිි රවි සෙනෙවිරත්න විසින් අනාවරණය කරන ලදී.එම බුද්ධි වාර්තා අනුව නැගෙනහිර පළාතේ මෙහෙයුම් කළද සහරාන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ  බව සදහන් කළ රවි සෙනෙවිරත්න මෙහි අවධානයට ගත යුතු කාරණයක් ලෙස පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු සිඳු කළ විමර්ශන වලදී සහරාන් හෂීම් මීගමුව ,වත්තල ,ගල්කිස්ස හා පානදුර වැනි ප්‍රදේශවල ජීවත්වී ඇති බවට හෙළි වුවද හමුදා හා රාජ්‍ය බුද්ධි අංශ එම බුද්ධි තොරතුරු වසන් කිරීම බරපතල ප්‍රශ්ණයක් බවය.  

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන් ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම සොයා ගත් වැදගත් ප්‍රශ්ණගත තොරතුරු ගණනාවක් මෙම සාකච්ඡාවේදී  රවි සෙනෙවිරත්න විසින් අනාවරණය කෙරිණි. 


Spread the love

You may also like