උණුසුම් පුවත් උණුසුම් පුවත්

දුම්රියෙන් වැටී මිය ගිය දරුවාගේ අම්මා⁣ගෙ විලාපය

Spread the love

පුතේ උඹ ඉතින්

නොකියාම අම්මාට

යන්න ගියෙ ඇයි පුතේ

දරාගන්නට බැරි තරමට

කඳුළු පොදි නලියන දෑසේ

ලේ වලට කැලතුන තන කිරි

මොර දී හඬයි පුතුනේ

සිහින තිබුණා අම්මාට

මහ ගොඩක් හිත යට

නුඹ ඔටුණු පළඳින දවස ගැන

මා ඇඟිලි ගැන ගැන හිටියා පුතේ  

පුතා මොරටුව කැම්පස් එකේ

කඩ පිලේදී මං කියන කොට

ආඩම්බර හුස්ම බරටම

තිබුණා පුතේ මගෙ පපුව යට

දේශපාලන තක්කඩියන්

නුඹේ මරණය විහිළුවක් කරගෙන

ඒ පාදඩ බල්ලන්ට මහ මගදි

හෙණ හතම ගහනවා සත්තයි

අම්මාට නැති දුකක්

තියෙන්නට බැහැ පුතේ කාටවත්

අම්මාගෙ ආදරය මයෙ පුතේ

ජාති ජාතිත් එහෙමයි 

අනේ උඹ ඉතින්

නොකියාම ගියේ ඇයි

මගේ රත්තරනේ 


Spread the love

You may also like