උණුසුම් පුවත් උණුසුම් පුවත්

උදයංග වීරතුංගගේ තහනම් කළ බැංකු ගිනුම් මුදාහැරීමේ කුමන්ත්‍රණයක් අත ළඟයි

Spread the love

කොළඹ මහාධිකරණයට මෝසමක් ගොනු කළ උදයංග වීරතුංග විසින් මිග් යානා ගණුදෙනුවේ මුදල් තැන්පත් කර ඇති බවට සැක කරමින් අත් හිටුවා ඇති බැංකු ගිනුම් දෙකක මුදල් තමන් වෙත මුදා හරින ලෙසට ඉල්ලීමක් කර තිබේ.

රුසියාවේ තානාපති වරයා ලෙස වසර 9ක් කටයුතු කළ තමන්ට ලැබුණු තානාපති වැටුප බැර කළ බැංකු ගිණුමේ මුදල් සහ මිග් ගණුදෙනුවට පෙර බැංකුවක තැන්පත් කරන ලද මුදල්ද මුදා මරින ලෙසට එම මෝසම මගින් උදයංග වීරතුංග ඉල්ලා ඇත.

මෙම මෝසම අධිකරණයට ඉදිරිපත් කරන ලද ජානාධිපති නීතිඥ අනිල් ද සිල්වා ප්‍රකාශ කරන ලද්දේ තම සේවාදායකයාගේ ගිනුම් ඒකපාර්ශිකව වසර 8 ක් තිස්සේ අත්හිටුවා තිබීමෙන් ඔහු මහත් ආර්ථික අපහසුතාවට පත් වී ඇති බවය.  

ජනාධිපති නීතිඥ වරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ මෙම මෝසම විභාගයට ගත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නඩු විභාගය කල් තබන ලදී.

උදයංඟ වීරතුංඟ ගේ මේ මෝසම ගැන අපේ අදහස නොලියා සිටිය හොත් එය හරි මදිය.  

උදයංග වීරතුංග ගේ මේ ඉල්ලීම ඉටු වෙන බවට අපට කිසිම සැකයක් නැති බව අපි සඳහන් කරමු.ඒ නඩුව අහන්නේ දමිත් තොටවත්ත නම් රාජපක්ෂ වහලා  නිසාය.අනෙක් කාරණය වන්නේ උදයංග වීරතුංඟ රැගෙන එන රුසියන් ගණිකාවන් ගේ සැප ගැනද දමිත් තොටවත්තට අමතක කරන්නට බැරි වීමය. නීතිපතිවරයාද මෙම මුදල් නිදහස් කළ යුතු බවට  උපදෙස් දෙනු ඇති බවටද කිසිම සැකයක් නැත.මේ නඩු ඇහිල්ල ජනතාව රවටන සෙප්පඩ විජ්ජාය. 

අන්තිමේදී මිග් යානා වංචාවක් සිද්ධ වී නැති බවටද අළුත්කඩේ නඩුකාර උන්දැලා චරිත සහතික ලියනු ඇති බවට අපට ටක්කෙටම ලියා තැබිය හැකිය.



Spread the love

You may also like