ජනපතිවරයාගේ පාර්ශවය සමග කටයුතු කරමින් සිටින පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම ඉදිරි දේශපාලන කටයුතු ලිබරල් පක්ෂය සමග සම්බන්ධවී කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.
ආචාර්ය චානක අමරතුංග විසින් පිහිටුවන ලද ලිබරල් පක්ෂය පසු කාලයකදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම වෙනස් කරන ලදී.මෙම පක්ෂයේ වර්තමාන නායකයා වන්නේ කමල් නිශ්ශංක වන අතර අමල් රන්දෙණිය ප්‍රධාන ලේකමිවරයා වේ.
නිමල් ලන්සා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුව ඉදිරියේදීී එහි නිළධාරී මණ්ඩලය සංශෝධනය කිරීමට නියමිතය.එම මන්ත්‍රී කණ්ඩායමේ මේ වන විට නායකයා ලෙස කටයුතු කරන්නේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා බව පසුගියදා වාර්තා විය.
නිමල් ලන්සා මන්ත්‍රීවරයා විසින් පොදු ජන පෙරමුනට සම්බන්ධ මන්ත්‍රීවරු හතලිහකට ආසන්න සංඛ්‍යාවක් නව පක්ෂයට සම්බන්ධ කර ගැනීමට ඉඩ පවතින බව ආරංචි මාර්ග වලින් පැවසේ.