උණුසුම් පුවත් උණුසුම් පුවත්

නයි දෙරණේ මහ නයා ජනපති සටනට සූදානම් වේ

Spread the love

මාටින් මුදලාලිගේ ගෙදරට නයා ආ කතන්දරය ලියා තිබුණේ චන්ද්‍ර අනගිරත්නය.ඒ කතාව හරියටම මතක නැතත් එය මේ විදියට ලියන්නට පුළුවන.කතාව කියන්නේ මාටින් මුදලාලිය. මාටින් මුදලාලිගේ ගෙදරට ආ ඒ  නයා ඇතුළු වූයේ අළුත්ම බීඑම්ඩබ්  එක නවතා තිබූ ගරාජයෙනි.ගරාජයෙන් ගෙට ඇදුන නයා ජර්මන් ටයිල් අල්ලා තිබූ බිම දිගේ ඇදී අඟල් හතලිහේ ටීවී එක දරණ ගහ ගෙන හිටි හැටි බය හිතෙනවාය.එතැනින් නයා ඇදුනේ ඉතාලියෙන් ගෙන්වූ පැන්ට්‍රි කබඩ් ගසා තිබූ මුළුතැන්ගෙටය.නයා මුළුතැ⁣න්ගෙට ඇදී යන විට බුක් බුක් ගෑවේ දඩෝරි බල්ලාය. ඒ බල්ලා මාටින් මුදලාලි ගේ ගෙදරට අරගෙන ඇවිත් තිබු⁣නේ දොස්තර පුතා පිටරටකිනි.බල්ලා ටිබෙටින් මැස්ටිෆ් වර්ගයේය. නයා ආපසු විසිත්ත කාමරයට ඇදී ඇවිත් ලක්ෂ පනහකට මිලයට ගත් ඇන්ටික්ස් සෝපාව උඩට නැංගේය.සෝෆාව උඩ තිබුණේ මුදලාලිගේ ලෝයර් ලේලිගේ ලක්ෂ හයක් විතර වටිනා ඇපල් ෆෝන් එකය.

පම්පෝරි නයා මාටින් මුදලාලිගේ ගෙදර කරක් ගැහැව්ව කතන්දරය එහෙමය.මාටින් මුදලාලි මල ගෙදරක නයිට් එකක් ගහන විට ඔය නයා ස්ටෝරිය ඇද බාන  එක හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ෂුවර් බව ගමේ වුන් දනී.

ඉන්පස්සේ ආවේ කැලණියේ නයි ස්ටෝරියයි.ඒ නයා අතුරුදන් වූයේ මිල්ටෙරි නන්දසේනට හැට නව ලක්ෂයක් ඡන්ද අරන් දෙමිනි.

දැන් ඒ කැලණි නයා ගේ අහිගුන්ටිකයා ඡන්දය ඉල්ලන්නට සූදානමිනි.මේ අහිගුන්ටිකයා හෙට අනිද්දා වන විට මාටින් මුදලාලිගේ ගෙදර ආ නයා ගේ විස්තරේට වඩා නයි ටෝක්ස් දෙන බව නම් සහතිකය. එම අහිගුන්ටිකයා වෙනින් කවුරුවත් නොවේ. දෙරණ ටීවී ආයතනයේ හිමිකරු දිලිත් ජයවීරය.ඔහු මේ වන විට දේශපාලන පක්ෂයක් මිලදී ගෙන ඇතැයි වාර්තා⁣ වේ.මිලට ගත් පක්ෂය හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂය බව කියවේ. අපේක්ෂාව ඉදිරි ජනපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම බවද දැන ගැන්මට තිබේ.

මේ පක්ෂයේ ඡ්‍යෙෂ්ඨ නායකයා නියම පොරකි.මොහු දකුණු පලාතේ ආණ්ඩුකාර කමේ ඉන්නා දවස්වල එජාපයට දර දිය ඇද්ද කොලුවෙක් ආණ්ඩුකාර කාර්යාලයේ පියන් රස්සාවට බැඳුනේය.දැන් මේ පියන් කොල්ලා ආණ්ඩුකාරයාට සර් කියයි.ඒත් සර් කියනවාට ආණ්ඩුකාරයා කැමති නැත.දවසක්දා පියන් කොල්ලා ගෙන්නා ගත් ආණ්ඩුකාරයා ඌට උපදෙස් දුන්නේ මට සර් කියන්න එපා.හාමු මහත්තයා කියාපං කියලාය.පියන් කොල්ලා ඊට පහුවෙනිදා සිට රස්සාවට ගියේ නැත. මව්බිමේ ජනතාවගේ හාමු මහත්තයා සමග දිලිත් ජයවීර සෙට් වීමත් මරුය.   

දිලිත් ජයවීර මේ වන විටත් කොළඹින් පිටත ප්‍රදේශවල මහජන හමුවීම් පවත්වමින් සිටී.මොහු සිතා ගෙන ඇත්තේ “කැලණියේ නයා” නාටකයෙන් රට රැවටූ ආකාරයට ජනතාව මුලාවට පත් කර ඡන්දය ලබා ගත හැකි බවය.

මෙවැනි තක්කඩියන් ගේ රෙදි ගලවා ඔවුන්ගේ තරම හෙළි කර දීම ජනතාව විසින්ම සිදු කරනු ඇති බව නිසැකය.

කෙසේ වෙතත් ඔහු ඉදිරි කාලයේදී දෙරණ වාහිනිය සිය ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනු ඇතැයි සිතිය හැකිය.පොදු තරංග පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගැනීමට යොදා ගැනීම බරපතල වරදකි.ඒ සම්බන්ධයෙන් මෙර⁣ට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ගේ අවධානය යොමු විය යුතුය.එපමනක්ද නොවේ .නයි දෙරනේ නයි නටවන්නාගෙන් ප්‍රවේශම් වීම ඇඟට මොළයට  පමනක් නොව රටටත් හොඳය.


Spread the love

You may also like