උණුසුම් පුවත් උණුසුම් පුවත්

ආචාර්ය දයාන් ජයතිලක චැනල් 4 වැඩසටහන පිළිබඳව මෙසේ පවසයි

Spread the love

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සඳහන් කරමින් චැනල් 4 ආයතනයෙන් ප්‍රචාරය කරන ලද වැඩ සටහන මේ වන විට විවිධ අංශ වල සාකච්ඡාවලට වෙමින් තිබේ.කෙසේවෙතත් එම වැඩසටහන ජාත්‍යන්තරවත් දැඩි අවධානයට ලක් වී ඇති බව පෙනී යයි.

නුදුරේදීම පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කිරීමට ආණ්ඩුවට සිදු වෙන ඇති බව නිසැකය.ඒ ජාත්‍යන්තරව සිදු කෙරෙන බලපෑම ඉතා ප්‍රබල වීමට හේතුවන බව පෙනෙන්නට ඇති බැවිනි.

මෙරට රාජ්‍ය තාන්ත්‍රික විෂයෙහි විශිෂ්‍ඨ අත්දැකීම් බහුල  විද්වත් වෘත්තිකයකු වන ආචාර්ය දයාන් ජයතිලක විසින් ඊයේ (6)දින හිරු ටීවී රූපවාහිනයේ දෘශ්‍ය මාධ්‍යවේදී ඩිලාන් මායාදුන්නේ සමග කළ සාකච්ඡාවේදී පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සිදු කළ චැනල් 4 වැඩසටහන තුළින් රට ඉදිරියේදී මුහුණ පෑ හැකි තත්ත්වය ගැනත් වැඩිදුරටත් ඒ ගැන තමන් හට පෞද්ගලිකව තිබෙන අත් දැකීම් ගැනත් අනාවරණය කරන ලදී. ආචාර්ය දයාන් ජයතිලක එම සාකච්ඡාවේදී මෙසේ පැවසීය. පාස්කු ප්‍රහාරය වන වි⁣ට මම රුසියාවෙ තානාපතිවරයා ලෙස කටයුතු කෙරුවෙ.

මට එහිදී පාස්කු ප්‍රහාරය ගැන සංවාදයට ගෝචර සිදුවීම් දෙකක් පිළිබඳව මුහුණ දීමට සිද්ධ වුනා 

ඉන් ප්‍රථම සිද්ධිය 2019 වර්ෂයේ ජුනි මාසයේ දිනයකදී සිද්ධ වුනේ.මා ඒ දිනයේ රුසියාවෙ ඌපා කියන නගරයේ පැවැත්වුන  ජාත්‍යන්තර ඉහළ පෙලේ  හමුදා නිළදාරින් ගේ සමුළුවකට සහභාගි වුනා.අපේ රටෙන් ඒ සමුළුවට ආවෙ අනුරාධ විජේරත්න කියල ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ නියෝජ්‍ය ලේකම් වරයෙක්.මෙම සමුළුව සංවිධානය කෙරුවෙ රුසියානු ආරක්ෂක මණ්ඩලයේ සභාපති නිකුලස් පෙටෘගස්.ඒ අයගේ ඉල්ලීමක් තිබුණා මට මේ සමුළුව අමතන්න කියලා.

මේ සමුළුවට රට රටවල් වලින් පැමිණියා.ඇමරිකාවෙනුත් ආවා.රටවල් 193 ක ආරක්ෂක නිළධාරීන්ගේ සහභාගිත්වය මේ ⁣සමුළුව තුළ තිබුණා

මේ සමුළුවට ඉන්දියාව නියෝජනය කෙරුවෙ මෝදි අගමැතිවරයාගේ ජාතික ආරක්ෂක නියෝජ්‍ය උපදේශක රාජින්ද ඛන්නා.මා ඔහුව අඳුරන්නෙ මම පැරිසියේ තානාපති වරයා ලෙස කටයුතු කරද්දි ඉඳල .ඒ දවස්වල ඔහු ඒ රටේ ඉන්දියානු තානාපති කාර්යාලයේ දෙවැනියා විදියට හිටියා.

ඔහුත් මමත් මේ සමුළුව ඇමතුවා.රාජින්ද ඛන්නා සමුළුව අමතද්දි කිව්වා ලංකාවෙ සිද්ධ වුන පාස්කු ප්‍රහාරයට කලින් ලංකාවෙ අදාල අංශ  වලට ඒ ගැන දැනුවත් කරා කියලා.එහෙත් ඔවුන් ඒ ගැන නොසළකා හැරියෙ ඇයි කියල ඔහු ප්‍රශ්ණ කෙරුවා.ඉන් පස්සෙ ඔහු මේ ගැන ම⁣ගෙන් පෞද්ගලිකවත් ඇසුවා.ඒත් එතැනදි මම අතිශයින් කණගාටුවට පත්වුනා. ඔහු ලෝකයටම ඇහෙන්න එහෙම ප්‍රශ්ණ කළ එක ගැන.ඒ ප්‍රශ්ණයට තවම පිළිතුරක් ලැබිල නැහැ.

ඒ ප්‍රශ්ණයට පිළිතුර එක්ක අනුව තමයි අපට මේ චැනල් 4 ප්‍රශ්ණයෙ ප්‍රතිචාරය හා ප්‍රතිරාවය සීමා කරන්න හැකි වෙන්නෙ.

ලංකාවෙ කතෝලික පල්ලිය කියන්නෙ ලෝකයේ පැරණිතම හා විශාලම ජාත්‍යන්තර සංවිධානයේ ලාංකික රූපනය.වතිකානුව හා කතෝලික පල්ලිය තමුන්ගෙ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරයි.ඒකට මුහුණ නොදී මේ ප්‍රශ්ණය විසඳගන්න ඕන නම් ඉන්දියාවෙ රාජින්ද ඛන්නා මගෙන් අහපු ප්‍රශ්ණයට අපි පිළිතුරු දෙන්න වෙනවා.

දැන් ලංකාවෙ කොමිසන් සභා වාර්තාව අනුව එහි නම් කරල තියෙනවා නිළධාරීන් පස් දෙනෙක් ගැන.එක්කෙනෙක් නොවෙයි.පස් දෙනෙක් මේ ගැන දැන දැන ගෙන හිටියා කියලා.දරුණු වැස්සක් වහින්න එනවනම් , වතුර කැපුවත් අපි අපේ දන්න කියන අයව ඒ ගැන දැනුවත් කරනවා.

මේ මිනිසුන්ගෙ රස්සාව ඕක.ඒ කියන්නෙ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වෙන්න යනවානම් හැමෝටම ඒක කියන එක.පස් දෙනෙක් මේක වාර්තා කෙරුවෙ නැහැ.එක්කෙනෙක් නම් හිතන්න පුළුවන් එයා නිදාගෙන හිටියා කියල.ඒත්  පස්දෙනෙක් එකම රස්සාව කරන අය.ශ්‍රී ලංකා ආරක්ෂක ක්ෂේත්‍රයේ එක්තරා මට්ටමක බුද්ධි සේවයේ පස් දෙනෙක්.පස්දෙනෙක් මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන තොරතුරක් ඉන්දියාවෙන් සැල වුනාම ඒ ගැන ඝංටාරය ගහන්න ඕන නේද.ඒ ගැන දැන් ඇහැව්වාම එක එක  දේවල් කියනවා.මෙතැන නේ ප්‍රශ්ණය.

පිටරටකින් තොරතුරක් දුන්නට පස්සෙ එකම රස්සාව කරන පස්දෙනෙක් මේක හරි තැන් වලට දැනුමි දුන්නේ නැති නම් මුකුත් කළේ නැතිනම් වෙන්න ඉඩ දුන්නා නම් ඒකට හේතුව මොකද ඒකට ලැබෙන යුක්තිය මොකද්ද.

ඌෆාවලදි මහා ආරක්ෂක මණ්ඩලයක්

ඉදිරිපිටදි මේ ප්‍රශ්ණය ඇහැව්වාම නිරුත්තර වෙලා හිටිය මම ඊළඟට දෙයක් කෙරුවා.ඇමරිකාව කිව්වට අයිසිල් එක එක්ක ගහගත්තා කියලා ඔවුන්ව සිරියාවෙදි පැරැද්දුවෙ රුසියාව.ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අයිසිල් එකට විරුද්ධව රුසියානු මුළු රාජ්‍යයම ඉහළ වගකීම දරන්නේ හමුදාව නොවෙයි.විදේශ අමාත්‍යංශය.රුසියානු විදේශ අමාත්‍යංශය එක්ක මගේ ඉතා හොඳ සම්බන්ධකම් තියෙනවා.එහි හිටියා සරි මොරටෙග් කියල ප්‍රධානියෙක්.ඔහු විශිෂ්ඨයෙක්.   ඔහු හිටියෙ විදේශ අමාත්‍යංශයෙ ඇන්ටි ටෙරරිසම් ප්‍රධානියා විදියට.එයා ඉස්සර රුසියානු හමුදාවෙ වඩාත් විශිෂ්ඨ ප්‍රති ත්‍රස්තවාදී ඒකකය වන ඇල්ෆා කණ්ඩායමට අණ දී තිබෙනවා.මම එයාව ගිහින් හම්බවුනා.හම්බවෙලා කිව්වා දන්නවනේ අපේ රටේ සිද්ධ වෙච්ච දේ .ඒ ගැන දන්න දෙයක් තියෙනවා නම් මට කියන්න.මම

දන්නවා ඔය ගොල්ල තමයි අයිසිල් එකට එරෙහිව ලෝකයෙ ඉන්න විශේෂඥයො කියල.එයා එතැනදි මට මෙහෙම දෙයක් කිව්වා.සමහර රටවල දේශීය කණ්ඩායම් ඉන්නවා ඇති  අයිසිල් එක වන්දනාමාන කරන.ඒ ගොල්ලොන්ට අත වනන කට්ටිය ඉන්නව ඇති.නමුත් අපි බැලුවා.නිල අයිසිල් සංවිධානයෙන් හෝ රට රටවල නිල අයිසිල් ඒකක වලින් ලංකාවෙ පල්ලි වලට ගහන්න ඕන කියල මෙහෙම ඕඩරයක් ගියෙ නැහැ.අපි දන්න සැබෑ අයිසිල් සෛලයකින් හෝ මෙම ඕඩරය ගියෙ නෑ.ඒකට මොනව හරි හිතවත්කම තියෙන හෝ කණ්ඩායමක් ඕක කලා වෙන්නැති.

නමුත් ඒක අයිසිල් නොවෙයි.ඒ නිසා අපටත් මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා.අපි දන්නවා ලංකාවෙ සිංහල බෞද්ධ යම් යම් කොටස් මුස්ලිම් කොටස් සමග ප්‍රශ්ණ ඇතිවුනා.නමුත් කවදාවත් ලංකාවෙ ක්‍රිස්තියානි පල්ලිය හා මුස්ලිම් ජන කොටස් අතර ප්‍රශ්ණයක් ඇති වුනේ නැහැ.ඒ හන්දා අපටත් මේක ප්‍රශ්ණයක්.

ඒ කියන්නෙ ඒ අයටත් ප්‍රශ්ණයක් තියෙනවා.මෙතැන සිද්ධ වුන ගුප්ත දෙයක් ගැන ගැටලුවක් තියෙනවා.ඒ වගේම මේ ප්‍රශ්ණය සාධාරණීකරණය කරන්න පාවිච්චි කරන වීඩියෝ එකේ අන්තිමට අයිසිල් ලොක්කගෙ කටහඬින් කියනවා ලංකාවෙත් මෙහෙම දෙයක් අපේ කට්ටියක් කළා කියලා.

මෙයා මට කිවිවා ඒ කටහඬ එනකොට ඔයා හොඳට ඇහැව්වද එතැන පොඩි ගැප් එකක් තියෙනවා නේද කියලා.මම කිව්ව⁣ ඔව් කියල.අර අයිසිල් ලොක්කගෙ මූණ  පේන්නෙ නෑ නේද.ඕකේ……පේන්නෙ ඔයගොල්ලන්ගෙ කට්ටියගෙ මම කිව්වා ඔව් කියලා.


Spread the love

You may also like