උණුසුම් පුවත් උණුසුම් පුවත්

මවුලානාට එරෙහිව විලාප නැගූ මහින්දානන්දගේ පෝරිසාද පැටිකිරිය මෙහෙමය

Spread the love

අද පාර්ලිමේන්තුවේදී චැනල් 4 නාලිකාවේ ප්‍රචාරය වීමට අපේක්ෂිත වැඩ සටහන සම්බන්ධයෙන් විවිධ මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.එහිදී චැනල් 4 නාලිකාව සමග එම වැඩසටහනට දායකත්වය දක්වා ඇති  අසාද් මවුලානා ගේ පැටිකිරිය ගැන හිරලය පාත් කරගෙන මොර දුන්නේ මාර බඩුවකි.මේ උන්නැහේ අසාද් මවුලානා ගේ  අයුතු උපයාගැනීම් ගැන කියා මොර දෙන විට අපට සිනාසෙන්ට  පුළුවන් වූයේ අධෝමුඛයෙනි.

ඇත්තටම ඒ වෙනින් කවුරුත් නොවේ.හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේය.මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අසාද් මවුලානාට එරෙහිව අදහස් දැක්වූයේ තමන් එල සුදු චරිතයක් යැයි හිතාගෙන වෙන්න ඇතිය.එහෙත් තමන්ගේ පැටිකිරිය කුණු වී ඕජස් ගලන ගඳ ගහන බව ඒකාට අමතක වී  තිබේ.

මහින්දානන්ද ගේ පියා මීතලාවේ සයිමන් අලුත්ග⁣මගේ තාත්තා කාලයක් නාවලපිටිය ආසනයේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයා විය.ඒ දිනවල ගඟ සිරි පුර විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මහින්දානන්ද පසුකාලයකදී තාත්තාගේ මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කර කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වූයේය.තාත්තාගෙන් පසු මහින්දානන්දගේ ⁣සහෝදරයා විජයානන්ද අලුත්ගමගේ නාවලපිටිය ශ්‍රීලනිප සංවිධායකවරයා බවට පත් වූ නමුත් ඔහු වැඩි කාලයක් ක්‍රියාකාරී දෙශපාලනයේ නිරත නොවීය.ඔහු අසූව දශකයේ මැද භාගයේ දේශපාලනයෙන් ඉවත්ව විදේශගත වූ බව පැවසේ.1993 වසරේ පලාත් සභා මැතිවරණයට නාවලපිටිය ආසනයෙන් මහින්දානන්ද ඉදිරිපත් කිරීමට සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක කටයුතු කළාය.ඒ වන විට මහින්දානන්ද හිටියේ නන්න පෝල් වෙලාය. සිංගර් ආයතනයේ රුපියල් 1250ක වැටුපකට සේවය කළ මොහු අනතුරුව කෑගල්ලේ හා මහනුවර ජයබිම හා ඒ ඇන්ඩ් ආර් යනුවෙන් දේපළ සමාගම දෙකක් අරඹන ලද නමුත් ඒවා බංකොලොත් විය.ඒ අතරේ සිරිමාවෝ බණ්ඩාරනායක ගේ මැදිහත් වීම  ඔහුගේ පින හිස මත කඩා වැටීමකි.ඔහු පලාත්සභා මැතිවරණයට පොදු ⁣ජන පෙරමුණෙන් තරග වැදුනේය.ඉන් ජයග්‍රහණය කළ මහින්දානන්ද 1985 වර්ෂයේදී මධ්‍යම පලාතේ සෞඛ්‍ය අමාත්‍යවරයා වූ අතර 2000 වසරේදී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර ජයග්‍රහණය කෙරුවේය.එතැන් සිට ඔහු මේ දක්වා අඛන්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර සිටී.

පාර්ලිමේන්තු නියෝජනය තුළ මහින්දානන්දට විවිධ දූෂණ චෝදනා එල්ල වූවද ඔහුගේ දූෂිත බව පළමුවරට සමාජයට අනාවරණය වූයේ  විවාහක  බිරිඳ වූ ආශා විජයන්ති දික්කසාද නඩුවක් පැවරූ විටය.ඇය විසින් එම නඩුවේදී අලුත්ගමගේ දේපොල හා වත්කම් පිළිබඳව විස්තර අධිකරණයට ඉදිරි පත් කරන ලදී.

 පසුව මෙම දේපොල හා වත්කම් පිළිබඳව ඇය අල්ලස් කොමිසමටද පැමිනිල්ලක් කෙරුවාය. එහෙත් අල්ලස් කොමිසම ඒ ගැන ක්‍රියාත්මක නොවීය.එහෙත් යහපාලන සමයේදී ඇයගේ එම  පැමිණිල්ල අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක B 22467 /01/2015 වූ බී වාර්තාවක් අලුත්ගමගේට එරෙහිව කොළඹ මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කරන ලදී.

 එම නඩුවේ විස්තර ගොනුවේ සදහන් ආකාරයට 1987 වසරේ මුල්‍ය සමාගමක ණය එකතු කරන්නකු ලෙස රුපියල් එකදාස් දෙසීය පනහක වැටුපට  සේවය කළ මහින්දානන්ද  සිතා ගන්නට බැරි තරමට දේපොල හා වත්කම් හිමි කර ගෙන තිබුණි.

එම දේපොල හා වත්කම් අතර 

බොරැල්ල කුරුප්පු පාරේ අංක 66දරණ ස්ථානයේ පර්චස් 20.85ක පිහිටි නිවස,මහනුවර ජෝර්ජ් ද සිල්වා මාවතේ 

අංක 309 බී දරණ නිවස හා එම ලිපිනයේම පිහිටි පර්චස් 18.03ක ඉඩම,රාජගිරිය ,නාවලපාරේ,

චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ අංක 15/1 ඉඩම ,ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සි හි අංක 159 /9/2 දරණ නිවස(මෙම නිවස මිලදී ගෙන ඇත්තේ ලක්ෂ  285කටය)

කොළඹ 7,කිංසි පාරේ 70/3/1 දරණ නිවස( ලක්ෂ 270 කට මිලදී ගෙන ඇත)

මෙම දේපොල වලට අමතරව එංගලන්තයේ නිවසක්ද,සිංගප්පූරුවේ ඩොලර් ලක්ෂ 5.05ක තැන්පතුවක්ද ලේඛනගතව තිබුණි.

මීට අමතරව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ තීරු බදු සහිත සංකීර්ණයේ ඇති චෙිම්බර් ඔෆ් ගෆ්ට් හා වීඩු ලංකා ආයතනයේ හිමිකාරිත්වය

මහින්දානන්ද සතු විය. 

මෙපනක්ද නොවේ.ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට මොහුට එරෙහිව බරපතල විෂමාචාර චෝදනා එල්ල විනි.ක්‍රීඩා අමාත්‍යංශයේ මිලදී ගැනීම් වලට අදාල කොන්ත්‍රාතු තමන්ට හිතවත් කවිඳු බිල්ඩර්ස් ආයතනයට ලබා දී මහින්දානන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ සංචාර වලට යන විට ගුවන් ටිකට් පත් ලබා ගෙන ඇත්තේ රත්වත්තේ කෙනෙකුට හිමි ගුවන් සමාගමකිනි.මේ සියල්ල මොහු සිදු කර ඇත්තේ අමාත්‍යංශ නීති රීති වලට පටහැනිව සිය අභිමතයටය.  

මොහු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ජනපතිවරණ කාලසීමාවකදී ක්‍රීඩා අමාත්‍යංශයේ මුදලින් මිලට ගත් කැරම් බෝඩ් 14000ක් හා දාම් බෝර්ඩ් 14000ක් මිලදී ගෙන ඒවා අමාත්‍යංශය වෙත බාර නොදී නොතිබුණි.

මේ මගෝඩියාට එරෙහිව  අයථා දේපොල අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 2013 වර්ෂයේදී පැවති පොලිස් විමර්ෂණයකදී මොහු සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරයකු ලෙස තමන්ට ලැබුණ වාහන බලපත්‍ර 05ක් විකුණා රුපියල් මිලියන 50 ක මුදලක් උපයා ගත් බවය.එම ප්‍රකාශය සත්‍යය නම් එහිදීද මහින්දානන්ද කර ඇත්තේ බරපතල වරදකි.ඒ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලැබීමට අවස්ථාව හිමා වූයේ 2013 වසරේ අයවැයෙන් පසුව නිසාය.

ඉතා කෙටි කාලයක් තුළදී මහින්දානන්ද උපයාගත් මෙම දේපොල හා වත්කම් ගැන වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ වල පවා සඳහන් කර නොතිබුණි. 

අද පාර්ලිමේන්තුවේදී මවුලානාගේ උපයා ගැනීම් වලට එරෙහිව විලාප නැගුවේ මෙවැනි පෝරිසාද වංචා කාරයෙකි.මොහුගේ අප සඳහන් කළ දූෂිත පැටිකිරිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නියෝජනයේ බොහෝ දෙනෙකු නොදන්නවා නොවේ.එහෙත් ඒ කිසිවකුත් මහින්දානන්දට ඔහුගේ වංචනික පැටිකිරිය සිහිපත් කිරීමට ඉදිරිපත් නො⁣වූයේ ඒ බොහෝ දෙනෙකුගේ  කිල්ලෝට වලද හුණු පොඩ්ඩක් හෝ තියෙන නිසා වන්නට ඇත. 


Spread the love

You may also like