සතිඅන්ත මවුබිම පත්තරයේ අමුතු ජාතියේ නොසන්ඩාල ප්‍රවෘත්තියක් පල කර තිබේ.මේ පත්තරය සාමය හා නීතිය බාර ඇමති ටිරාන් අලස්ගේය.ඒ කියන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එල්ටීටී ත්‍රස්තවාදීන්ට මුල්‍යමය ආධාර සැපයීමට මැදිහත් වූ තැනැත්තාය.
- එහෙම බලනවානම් මේ රටේ නීතිය සාමය බාරව ඉන්නේ මරණ දඬුවමෙන් දඬුවම් දිය යුතු ත්‍රස්තවාදියකි.මවුබිම පුවත්පතේ මේ ප්‍රවෘත්තිය ලියා ඇත්තේ බෙනට් රූපසිංහය.මොහු කාලයක් එජාපයේ සිරිකොත පත්තරයේ කර්තෘ වරයාය.වයසට යන විට කාගේ හෝ වැසිකිලියක් සුද්ධ පවිත්‍ර කර දෙකයි පනහක් හොයා ගැනීම බෙනට් රූපසිංහ වැනි මෙරට ඡ්‍යෙෂ්ඨ පත්තරකාරයන්ට වැළඳී තිබෙන රෝගයකි.මුන්ට ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නේ නැත.ලොකු ගානක් දෙනවා නම් කලිසම පහත් කර පස්ස දෙන්නට වුනත් මේ වාහෙලා සූදානම්ය.බෙනට් රූපසිංහ ගේ ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත්තේ සිවුරු පොරවාගත් පන්සීයකට ආසන්න පිරිසක් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ වලට විරෝධතාවලට සහභාගි කරවීමට මෙරට යම් දේශපාලන පක්ෂයක් කටයුතු කරමින් පවතින බවට බුද්ධි අංශ වාර්තා කරන බවය.මේ කියන බුද්ධි අංශය මේජර් ජනරාල් සලේ ගේ බුද්ධි අංශය වෙන්ට ඕනෑය.ඒ මෙම බුද්ධි තොරතුර බෙනට් රූපසිංහ ලියා ඇති කතාව සත්‍යය නම් පමණය.බෙනට් රූපසිංහ යම් දේශපාලන පක්ෂයක් යන්නෙන් මෙහිදී අදහස් කර ඇත්තේ පෙරටුගාමී පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ විය හැකිය.අප එසේ ලියන්නේ ආණ්ඩුවට හිසරදයක් වුන වෙනත් දේශපාලන පක්ෂයක් ඇත්තේ නැති නිසාය.දැන් මේ බුද්ධි තොරතුරු වාර්තාව පිළිබඳව පොලිස්පතිවරයා ජනතාවට වහාම කරුණු දැක්විය යුතුය.ව්‍යාජ චීවරධාරින් පන්සියයක පිරිසක් මේ වන විටත් හඳුනා ගෙන ඇති නිසා ඔවුන් අත් අඩංගුවට ගැනීමට බාධාවක් නැත.එසේ නැතුව එම ව්‍යාජ චීවරධාරීන් නිදැල්ලේ හැසිරනහොත් මෙරට බෞද්ධ දර්ශනයට බලවත් නින්දාවක් වනු ඇත.බෞද්ධ දර්ශනයට මහත් අපකීර්තියක් ගෙන දිය හැකිය.පත්තරේ අයිතිකාරයා ටිරාන් අලස් බැවින් එතුමාණන් වහන්සේද මේ ගැන නිල ප්‍රකාශයක් කර මේ ප්‍රවෘත්තිය නිසා බෞද්ධ සැදැහැවතුන් අතර ඇතිවී තිබෙන බලවත් සංවේගය හා සැකය අවසන් කර දැමිය යුතුය.එහිදී මෙම ව්‍යාජ චීවරධාරීන් පන්සීය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිර්මට ටිරාන් අලස් ඇමතිවරයා කටයුතු කළ යුතුය.බෞද්ධයන් ගේ සිත් පෑරීම පිනට දෙන බුරියානි ගිල වටලප්පන් ඩෙසට් ගැනීම තරමේ හෑල්ලුවට බෙනට් රූපසිංහ සිතනවාදැයි නොදනිමු.එහෙත් මෙි ප්‍රවෘත්තියේ ප්‍රතිපුරුෂ වගකීම ඇත්තේ ඇමති ටිරාන් අලස්ට බව අපි සිහිපත් කරමු.මෙම ප්‍රවෘත්තිය තමන් තුළ පවතින දේශපාලන ආතතිය දරා ඉන්නට බැරි හන්දා පල කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් නම් මවුබිම පුවත්පතේ අයිතිකරු වන ටිරාන් අලස් ඇමතිවරයාද ,එම ප්‍රවෘත්තිය පල කරන ලද බෙනට් රූපසිංහද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 1/3 වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගත යුතුය.ඒ එම පනතේ සඳහන් වන ආකාරයට ආගමික වෛරය සඳහා පෙළඹවීම චෝදනාව යටතේය.කෙසේ වෙතත් ජාතික බුද්ධි ප්‍රධානියාද මේ පුවතට ඈඳා ඇති නිසා ඉන් අනාවරණය කරන තොරතුරු සිල්ලරට ගැනීමටද නොහැකිය.දැන් ඇත්තේ එම ප්‍රවෘත්තියට අදාලව වග කිව යුතු සියළු පාර්ශවයන් වහාම ජනතාව තුළ ඉන් මතුවී තිබෙන සැක සංකා අවසන් කිරීමය.