Spread the love

පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබා දීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.ඒ අනුව මහනුවර,ගාල්ල,

මාතර,කුරුණෑගල,පුත්තලම,කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුව  නියෝජනය කරන දේශපාලඥයන් ගණනාවක් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එම පක්ෂය ප්‍රධානත්වයෙන් සංවිධානය කරන සන්ධානයකින් තරග කිරීමට  අපේක්ෂිතය.

ජනපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එම කණ්ඩායම මේ එකඟතාවට පැමිණි බවද අනාවරණය වේ.මේ කණ්ඩායමට අයත් පිරිස පොදුජන පෙරමුණ මගින් කැඳවන රැස්වීම් පවා මග හරිමින් සිටින බවටද දැනගැන්ම⁣ට තිබේ.


Spread the love

You may also like