උණුසුම් පුවත් උණුසුම් පුවත්

කාදිනල් හිමි ජනමතවිචාරණයක් ඉල්ලයි

Spread the love

Yahoo/Inbo

ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් පාලමක් ඉඳිකරන්නේ නම් ජනමත විචාරණයකින් ආණ්ඩුව එයට අනුමැතිය ගත යුතු බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමා ප්‍රකාශ කර සිටී.අපේ රට කෑලි කෑලි වලට විකුණ විකුණා එක එක රටවල විවිධ බලවේගවලට යටත් වෙමින් අඥාන තීරණ වලට එළඹී රට විනාශය කරා ගෙන යාමට කිසිවෙකු⁣⁣ට ඉඩ නොදිය යුතු බවද උන්වහන්සේ පවසයි

රාගම තේවත්ත පල්ලියේ පසුගියදා පැවැති දේව⁣ මෙහෙයකදී අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමා මේ බව සඳහන් කරන ලදී.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය.

” ඒ ගොල්ලො ඉන්දියාවට පාරක් හදනවලු.දැන් ඉන්දියාවෙන් අපට තියෙන ප්‍රශ්ණ මැදැයි.ඔබට මතක ඇති පරිප්පු ගෙනැති දැම්මා එක වතාවක්.එක කාලෙකදි හමුදාවක් එව්වා අපේ රටට.ඔබට මතකයි නම් ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපට බල කෙරුවා.බලකරලා ඒවා අපේ කර උඩ පැටේව්වා.තව පාලමකුත් හදා ගත්තාම හොඳට තියෙයි.කවුද මේ මෝඩ කතා කියන්නෙ.අපේ රට හැමදාම නිදහස් රටක්.කවදාවත් අපා කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නැහැ.වෙන රටකින් කැඩිලා ගියේ නැහැ.ලංකාව එදා ඉඳලම තිබුණෙ වෙනමම.මේ රටේ රජවරු ඉන්දියාවත් එක්ක ආර්ථික ගණුදෙනු කළ මිස වහල්කම් කරන්න ගියේ නැහැ.විදේශීය ජාතියකට අපේ රට යට වුනා නම් යට වුනේ අපේ නායකයන්ගේ පාවාදීම් නිසයි.හෙටත් ඒ දේ වෙන්න පුළුවන්.මේ පාලමක් හැදීම පිළිබඳව විශේෂ මහජන මත විමසුමක් කළ යුතුයි. මහජනතාවගේ මතය නැතුව මේ දේවල් කිරීම වැරදියි.අපේ රට වෙනුවෙන් අපි ඇත්තටම අද කණගාටු වෙනවා.නිදහස ලැබුවාට පසුව අප⁣ට දැන් සිද්ධ වෙලා තියෙන්නෙ අපේ නිදහස නැති කරගන්න.ඉඩම් අක්කර දහස් ගණන් දෙමු.අපේ රට කෑලි කෑලි වලට කඩල වෙන රටවල් වලට දෙමු.හරි හොඳයි. එතකොට අපට කිසි දෙයක් ඉතුරු වෙන එකක් නෑ.හැබැයි මේක අසනීපයක්.

x


Spread the love

You may also like