වරාය නාවුක හා ගුවන් සේවා අමාත්‍යංශය අතිශය දූෂිත තත්වයට පත්ව ඇති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව එම විෂය බාර රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසන ලදී.නියෝජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රකාශය කරන ලද්දේ ඔහු විසින් කොළඹදී පසුගිය 21 වන දා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය ඇමතිවරයා විසින් තම අමාත්‍යංශයේ නිළධාරීන් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට පමණක් රාජකාරි කරන බවත් තමන් පවරන කිසිදු රාජකාරියක් එම නිළධාරීන් ඉටු නොකරන බවත් පවසන ලදී.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවෙිදී නම සඳහන් කිරීමක් නොකර චෝදනා කරන ලද්දේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාටය.
එම මාධ්‍ය හමුවේදී මෙරට ගුවන් සේවාවට තරුණියන් බඳවා ගැනීමේද ඉතා දූෂිත ආකාරයට සිඳු වෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර විසින් අනාවරණය කෙරිණි.
අප විසින් මීට ඉහත දිනකදී වාර්තා කරන ලද්දේ නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයාගේ දියණිය විසින් ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලක වරුන් බඳවා ගැනීමට ලක්ෂ දහයක මුදලක් අය කරමින් සිටින බවය.මෙම අමාත්‍යංශය පාලනය කරන්නේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය වරයා නොව ඔහු ගේ දියණිය බව තතු දන්නෝ පවසති.ඇය සිය පියාගේ යටතේ පවතින සියළුම අමාත්‍යංශ වල රාජකාරි කටයුතුවලට බලපෑම් කරමින් දූෂිත ජාවාරම් වල නිරත වෙන බව සත්‍ය කාරණයකි.
දැන් සිදු වී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට එම දූෂිත ජාවරම් වලින් තඹ දොයිතුවක වාසියක් නැති වීමය.ඔහු මාධ්‍ය සාකච්ඡා පවත්වා විලාප නගන්නේ ඒ නිසා බව පැහැදිලිය.
තමාට සාධාරණයක් ඉටු නොවන්නේ නම් තමා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවද පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රේමලාල් ජයසේකර ප්‍රකාශ කරන ලදී.
ඇමති සිරිපාලද සිල්වාගේ දියණියට අපට කියන්නට ඇත්තේ තනියෙන් නොකා බෙදා හදාගෙන කෑමට පුරුදු වන ලෙසය.