උණුසුම් පුවත් උණුසුම් පුවත්

රාජපක්ෂ බංගලාවේ රෙදි සෝදන මහාචාර්ය රොහාන් ගුණරත්නගේ ලොන්ඩරිය ගැන අපේ කයිවාරුව

Spread the love

පාස්කු ඛේදවාචකය සම්බන්ධයෙන් පැවැති කතා බහ පසුගිය දිනවලදී පැවතියේ හාවක් හූවක් නැතිව නිහඬවය.කිසිදු පර්ශවයකින් ඒ ගැන හාරා අවුස්සා බැලීමක් සිදු නොකිරිණි.

හිටි හැටියේම පාස්කු ඛේදවාචකයේ කමිපන තරංඟ නැවත ඇවිස්සී තිබේ.ඒ මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් පාස්කු සිඳුවීම පිළිබඳව ප්‍රකාශයට පත් කරන ලද  ග්‍රන්ථයක් නිසාය.

මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම තුළ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ ⁣පාස්කු ප්‍රහාරය මුසල්මානු අන්තවාදීන් ගේ ප්‍රහාරයක් මිස එය මෙරට යම් දේශපාලන පාර්ශවයක සැළසුමක් නොවන බවට සමාජයට අවධාරණය කිරීමය.මෙහි යම් දේශපාලන පාර්ශවය යනුවෙන් සඳහන් කළ හැකි වන්නේ මිල්ටරි නන්දසේන ඇතුළු රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී දේශපාලනය මිස අන් කිසිවක් නොවේ.

දැන් මෙරට දේශපාලනය තුළ රාජපක්ෂවරුන් පස්ස පිහ දැමූ කඩදාසියක තරම්වත් වටිනාකමක් නැති තරමේය.රනිල් හාමු කවර හැඩයේ කැටයම් දැමුවද මෙරට ජනතාව ඉන්නේ දෙන්නම් උඹලට ජම්බු යනුවෙන් හිත හදාගෙනය.නැකත එළඹෙන තුරු ජනතාව නිහඬව සිටී.රනිල් හාමු හිතාගෙන ඉන්නේ මෙරට ව්‍යවස්ථාව ඩෝසර් කරගෙන රට පාලනය කරන්නටය.මේ වන විට ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දමා තිබෙි.ඊළඟට එළඹෙන්නේ ජනපතිවරණයයි.⁣

ජනපතිවරණය කල් දමන්නටද රනිල් හාමු  ගේ අදහසක් තිබෙන්නට පුළුවන.

අධිකරණයට තර්ජනය කරමින් ඔහු මේ ගොං පාට් දමන්නේ ඒ සැළසුමේ අත්තිවාරම දාගන්නට වෙන්නත් පුළුවන.අපට ඒ ගැන කියන්නට ඇත්තේ රනිල් හාමු බටර් නැතුව ඇර ගන්නේ ඒ වැඩේ කරන්න ගිය විට බවය.

රාජපක්ෂ පාර්ශවය දැන් ඉන්නේ ජංගියේ කක්කා චූ යන සයිස් එකේය.ජාතික ජන බලවෙිගය ඉතා සැළසුම් සහගතව සිය දේශපාලන ප්‍රවාහය සංවිධාන කරමින් සිටී. එහිදී ජාතික ජන බලවේගය මැතිවරණ කොට්ඨාශ ඉලක්ක කර ගනිමින් සිය බළ මුළු ඒක රාශී කරන බව පෙනී යයි.මැතිවරණ කොට්ඨාශයක ග්‍රාම සේවා වසමක එහි පදනමයි.අනික් පසින් ජාතික ජන බලවේගය විශ්‍රාමික ආරක්ෂක හමුදා සෙනීන් ඒක රාශී කරමින් සිටී.මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ඇරඹුන එම වැඩසටහන අතිශයින් සාර්ථක බව පෙනී යයි.සාමාන්‍යයෙන් මෙරට ග්‍රාමසේවා වසමක සිවිල් මත හසුරවන්නන් වන්නේ රාජ්‍ය සේවයේ විශ්‍රාම්කයන්ය.ගමේ පන්සලේ දායක සභාවේදී,පොලීසියේ ආරක්ෂක කමිටිවේද මරණාධාර සංගමයේද බලය ඇත්තේ ඔවුන් අතය.ජාතික ජන බලවේගය මේ වන විට එම නිල අල්ලා ගෙන තිබේ.

අරක්ෂක හමුදා විශ්‍රාමිකයන් ගේ පෙල ගැස්ම පූර්වාදර්ශයක් කර ගත් දැනට සක්‍රීය සේවයේ නිරත ආරක්ෂක සේනා වල සෙනීන් හා  පොලීසියේ පහල ඇවරියේ නිළධාරීන් අතර ජාතික ජන බලවේගය පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගී තිබේ.එසේම ජාතික ජන බලවේගයේ දේශපාලනික බලය වඩාත් පුළුල්ව පැතිරී ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව අතරය.මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ මැතිවරණයක් පිළිබඳව සලකුණක් නැති වටපිටාවකය.එය එසේ වන්නේ නම් මැතිවරණයක් නිවේදනයට පත් කිරීමෙන් පසුව ජාතික ජන බලවේගය හා සම්බන්ධ වූවන්ගේ ක්‍රියාකාරිත්වය මීට වඩා දෙගුණ තෙගුණ විය හැකිය.

මිල්ටෙරි නන්දසේන බලයට ඒම සඳහා ගැසූ සිංහල බෞද්ධ තුරුම්බුව පිළිබඳව මතකයට ගත හැකි නම් ජාතික ජන බලවෙිගයේ ජාතිවාදී නොවන දේශපාලනික වැඩ පිළිවෙලද ඒ හා සමාන බවක් ⁣පෙනී යයි.

තවමත් ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා නම් කර නැත.

මෙහිදී මහචාර්ය හරිනි අමරසූරිය වැන්නියක ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂිකාව ලෙස නම් කළ හොත් එය දැනට ජාතික ජන බලවේගය ගෙනියන දේශපාලනික වැඩ පිළිවෙල තව දුරටත් ඉහල අගයක් ගනු ඇත.අප එසේ පවසන්නේ මෙරට දේශපාලනය තුළ තීරනාත්මක සාධකයක් ලෙස කාන්තාව අදෘශ්‍යමානව සිටින බැවිනි.එය කෙටියෙන් සඳහන් කරනවා නමි  නිවසක අම්මාට ඡන්ද වෙනස් කළ හැකි බවත් අපි අත්දැකීමෙන්ම දනිමු.

හෙට අනිද්දා වන විට සමගි ජන බලවේගය දෙදරීමකට ලක් වන බවට ඉඟි බිඟි ලැබෙමින් පවතී.එය එසේ වුවහොත්  සමගි ජන බලවේගයේ කොටසක් රනිල් හාමු හා සම්බන්ධ⁣ වෙනු ඇත.මෙවැනි දේශපාලනික ආරවුලක් ඇති වුව හොත් එහි වාසිය ගනු ඇත්තේද ජාතික ජන ⁣බලවේගයයි.

කෙසේවෙතත් මෙරට අනාගත දේශපාලනයේ බල සටන පවතින්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර මිස අනෙක් හාල් කෑලි පක්ෂ අතර නොවන බව අප වටහා ගත යුතුය.

රට දැන් පවතින්නේ එවැනි දේශපාලනික පසුබිමකය.අප ඒ ගැන සඳහන් කරන ලද්දේ මහාචාර්ය රොහාන් ගුණරත්න ප්‍රකාශයට පත් කරන ලද පොත පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ ඒ  දේශපාලන පසුබිම මත පිහිටා නිසාය.මේ මහචාර්යවරයාට මෙරට දේශපාලනය තුළ ඉදිරියේදී සිදුවන විපර්යාසය ගැන පැහැදිලි තක්සේරුවක් තිබේ.ඔහු මේ හදිසියේ අමුඩය ගහගන්නේ එම දේශපාලනික විපර්යාසය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිල්ටෙරි නන්දසේන නම් වූ තමන්ගේ  ස්වාමියාට ජම්පරය අඳින්නට සිඳුවන බව නිශ්චිතවම දන්නා නිසා වන්නට ඇත.එහිදී ඔහු සිය ග්‍රන්ථය මගින්  පාස්කු ප්‍රහාරය සිඳු කරන ලද්දේ මුසල්මානු අන්තවාදීන් බවට අනාවරණය කරමින් මිල්ටෙරි නන්දසේන ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මෙලේච්ඡ රැළ  ආරක්ෂා කරමින් සිටී.එම ග්‍රන්ථය තුළ ඇති ඡායාරූප මෙරට මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඒවා නොවේ.එම ඡායාරූප මෙරට ආරක්ෂක අංශ සන්තකයේ තිබෙන ඒවාය.මින් තව කාරණයක් අපට පැහැදිලිය.ඒ මහාචාර්ය රොහාන් ගුණරත්නට මෙම ග්‍රන්ථය ප්‍රකාශ කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශ ප්‍රධානියකුගේ හෝ කණ්ඩායමක උදව් උපකාර ලැබී ඇති බවය.ඒ අතරේම අප වෙත ඉන් තහවුරු වෙන කාරණයක් තිබේ.ඒ පාස්කු ප්‍රහාරයට මෙරට ආරක්ෂක අංශයක ප්‍රබලයින් සහභාගිවූ බවට ඉන් මහාචාර්ය රොහාන් ගුණරත්න වැදගත් හෝඩුවාවක්ද සපයා ඇති බවය.එසේ නැති නම් ආරක්ෂක අංශය සතුව තිබෙන ඡායාරූප මහචාර්යවරයා⁣ට දීමට කිසිදු හේතුවක් නැත.මහාචාර්ය වරයා ගේ ලොන්ඩරියට ආම්පන්න සපයා ඇත්තේ පාස්කු ප්‍රහාරයට වග කිව යුතු ආරක්ෂක අංශවල එම කණ්ඩායමයි.එය කිසිදු සැකයක් නැතුවම මෙම මැදිහත්වීමෙන් තීරණය කළ හැකිය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අප මුල සිටම චෝදනා එල්ල කරන ලද්දේ මේජර් ජනරාල් සලේ හටය.අප විසින් කළ එම චෝදනාව දැන් තහවුරු වී තිබේ.ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනපති කොමිසමේ සාක්ෂි කරුවකු වන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති රවි විජේවර්ධනගේ සාක්ෂියෙනි.මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිළධාරීන් ලෙස කටයුතු කළ අය වේ.ජනපති කොමිසමේ සාක්ෂි දුන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේවර්ධන පාස්කු ප්‍රහාර⁣ය හා සම්බන්ධ මෙරට ආරක්ෂක අංශයක ප්‍රධානියකු පිළිබඳව කඩදාසියක නම සදහන් කර කොමිසම වෙත ලබා දුන් බව ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.එහෙත් මේ ආරක්ෂක අංශ ප්‍රධානියා කවරක්ද යන්න කිසිම මාධ්‍යයකට අනාවරණය වූයේ නැත.එහෙත් එම කඩදාසියේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා 

විසින් සඳහන් කළ නම වූයේ මේජර් ජනරාල් සලේ ගේ නම බව මේ වන විට අපට තහවුරු වී තිබේ.   

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට සිද්ධ වූයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් හරහා බව අපි පිළිගනිමු.එහෙත් එම අන්තවාදී කණ්ඩායම ඔවුන්ද නොදන්නා අදෘශ්‍යමාන හස්තයක් විසින් හසුරවන ලදී .පාස්කු ප්‍රහාරයට පෙර 

මෙරට මුසල්මානුවන් හා කතෝලිකයන් අතර කිසිදු ආරවුලක් නොතිබුණි.⁣

කතෝලික ඡන්ද ගොඩ තමන් සතු කර ගැනීමේ වුවමනාව පාස්කු ප්‍රහාරයේ අදෘශ්‍යමාන හස්තයට තිබුණි.ඒ සඳහා අවශ්‍ය වූ බෙදුම් රේඛාව කතෝලික පල්ලි තුල බෝම්බ පිපිරවීමෙන් අඳින ලදී.මේ බෝම්බ පුපුරවා ගත් මුසල්මානුවන් කිසිවකු මරා ගෙන මැරෙන්නට ගිය අයවළුන් නොවන බව අපගේ ස්ථාවරයයි.මෙම අන්තවාදී කණ්ඩායම හා මෙරට හමුදා බුද්ධි අංශ සමග පැවැති සම්බන්ධතාව පිළිබඳව සාක්ෂි අනාවරණය වී තිබේ.මෙම පාස්කු ප්‍රහාරයේ බෝම්බ පිපිරවීමේ මුල් අත්හදා බැලීම ලෙස වාර්තා වූයේ මඩකලපුවේ කාතන්කුඩි අසල පාලමුනේදී 2019 අප්‍රේල් මාසයේ 16 දින යතුරු පැදියක් දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැරීමෙනි.ඉන් තහවුරු වන්නේ සහරාන් ගේ කණ්ඩායමට වෙඩි ද්‍රව්‍ය පිළිබඳ හමුදා තාක්ෂණය සමීප වූ බවය.එල්ටීටියෙන් පසුව ⁣කිසිම කණ්ඩායමක් මෙවැනි හැකියාවක් පෙන්නුමි කර නැත.

සහරාන් කණ්ඩායම ආගමික මතවාදයක කොටස් කරුවන් වුවද අවසානයේදී ඔවුන් බිලි බෝයිස් බවට පත් වූ බවට සැකයක් නැත.ඔවුන් දැනුවත් කර තිබ්බේ ඉලක්ක පථයට බෝමිබ තබා ආපසු පැමිණෙන ලෙසටය.එහෙත් දුරස්ථ පාලකයකින් තමන්ගේ ඉරණම විසඳෙන බවට ඔවුන් කිසිසේත්ම විශ්වාස නොකිරිණි.

ෂැන්ග්‍රිල්ලා හෝටලයේ බෝම්බ පිපිරෙන විට එහි ප්‍රධාන විධායක නිළධාරියා වූයේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරල් කපිල හෙන්දවිතාරණය.ඔහු මිල්ටෙරි නන්දසේන⁣ගේ සමීපතම හමුදා සගයකි.එම හෝටල් පරිශ්‍රයේ ආරක්ෂක අංශය බාරව කටයුතු කරන ලද්දේ මහින්ද රාජපක්ෂගේ නැගෙනියගේ පුත්‍රයාය.හිටපු නාවුක හමුදා නිළධාරියකු වූ වෙඩි ද්‍රව්‍ය පිපිරීම් පිළිබඳව විදේශගත පුහුණුවීම් ලැබූ අයෙකි. 

එසේම පාස්කු ප්‍රහාරයට වෙඩි ද්‍රව්‍ය පානදුරයට ගෙන ආ  බවට සැක පිට අත් අඩංගුවට පත් වූ ලොරිය ඊට පෙර බණ්ඩාරගම අධිවෙිගී පිවිසුමේදී පොලීසියේ පරීක්ෂාවට⁣ ලක් කිරීමට ගත් සූදානම ඡේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දෙශබන්දු ගේ උපදෙස් මත වැලකී පසුව මුදා හැර තිබුණි.මෙහිදී ඡෙ.නි.පො දේශබන්දු තෙන්නකෝන් එහි සිටි පොලිස් නිළධාරීන්ට පවසා ඇත්තේ එම ලොරිය මේජර් සේනාධිපතිගේ ඇවන්ගාඩ් සමාගමට අයිති බවය. 

පාස්කු ප්‍රහාරයේ ⁣යටි බිම් ගතව සැඟවී ඇති ඒ ආකාරයේ අබිරහස් කරුණු බොහොමයකි.එහෙත් මහාචාර්ය රොහාන් ගුණරත්න ගේ උත්සාහය මේ සියල්ල වසන් කර පාස්කු ප්‍රහාරය මුසල්මානු අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට සමාජගත කිරීමය.මේ උත්සාහය තුළ ඇත්තේ පාස්කු ප්‍රහාරයේ අදෘශ්‍යමාන හස්තය ලෙස ක්‍රියා කළ මිල්ටෙරි නන්දසේන ඇතුළු මෙලේච්ඡයන් කණ්ඩායම  ජම්පර ඇඳීමෙන් වලක්වා ගැනීමය. 

මහාචාර්ය රොහාන් ගුණරත්න යනු හුදෙක් කයිවාරු කාරයෙක් පමණක් බවට තහවුරු කෙරෙන බොහෝ තොරතුරු තිබේ.2018 මැයි මස 13 වන දින  කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති වියත් මග සම්මේලනයේදී ආරාධිත දේශනයක් කිරීමට මොහු⁣ට ආරාධනා කර තිබුණි.⁣මොහු එම දේශනය අරඹන අවස්ථාවේ එහි සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න  කෝපයෙන් ඉන් පිටවී ගියේය.පසුව ඒ ගැන තොරතුරු හෙළිවීමෙන් අනාවරණය වූයේ ⁣මහාචාර්ය රොහාන් ගුණරත්න මෙරට පැවැති යුද්ධය අවසාන භාගයේදීී රජයේ ආරක්ෂක හමුදා වලට එම යුද්ධය අවසන් කිරීමට නොහැකි බවට ජාතික හා අන්තර්ජාතික මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ හමුදා අතිශයින් හෑල්ලු කිරීම එයට හේතුව වූ බවය.

මහාචාර්ය  රෝහාන් ගුනරත්නගේ ත්‍රස්ත විමර්ශන විශේෂඥතාව කෙසේද  යන්න පිළිබඳව හොඳම උදාහරණයක් කැනඩාවෙන් වාර්තා වේ.2011 වර්ෂයේ පෙබරවාරි මාසයේදී  ලක්බිම

 පුවත්පතට ප්‍රකාශයක් කළ රොහාන් ගුණරත්න එල්ටීටී සංවිධානය කැනඩාව තුළ ක්‍රියාත්මක වන්නේ කැනේඩියන් ටැමිල් කොංග්‍රස් යන නමින් බවට ප්‍රකාශයක් කර තිබුණි.එමඟින් යුද විරෝධී කැනඩාවෙි වෙසෙන ශ්‍රී ලාංකික දෙමල ඩයස්පෝරාවේ අප්‍රසාදය එම සංවිධානයට එල්ල වී තිබුණි.එහිදී ඉන් තමන්ට අපහාසයක් සිඳුවුන බවට සදහන් කරමින් එම සංවිධානය රොහාන් ගුණරත්නට එරෙහිව කැනඩාවේ ඔන්ටාරියෝ උපරිමාධිකරණයේ නඩුවක් පවරන ලදී.

එම නඩුවේ තීන්දුව පරිදි එම සංවිධානයට කරන ලද අපහාසය⁣ට රොහාන් ගුනරත්නට වන්දි සහ නඩු ගාස්තු ලෙස කැනඩා ඩොලර් පනස් තුන් දහසක් ගෙවීමට සිඳුවිය.එය ලංකාවේ මුදලින් රුපියල් හැට නව ලක්ෂයකි.

රොහාන් ගූණරත්න ඉතා පැහැදිලිව අසත්‍ය ප්‍රකාශ කර ඇති බව විනිසුරුවරයා නඩු තිින්දුවෙි සඳහන් කර තිබේ.

මොහු පිළිබඳව 2003 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පලවූ ද ඒජ් පුවත්පතට ගේරි හියුස් නම් ලේඛකයා අපූරු ලිපියක් ලියා තිබුණි.ගේරි හියුස් තම ලිපියේ මෙසේ සඳහන් කර ඇත.

.”..අල්කයිඩා හෝ ත්‍රස්තවාදය ගැන අදහස් දැක්වීමක් අවශ්‍ය සෑම මොහොතකදීම රොහාන් ගුණරත්න ඒ සඳහා ඉදිරියට එනවා.නියම වේලාවට නියම තැනට ඔහු එනවා…..”  

මෙය බැලූ බැල්මට රොහාන් ගුණරත්න ගැන රෙකම⁣දාරුවක් ලෙස හැඟී ගියද ගේරි සිය ලිපියෙන් හුවා දක්වා ඇත්⁣තේ මොහුගේ අද්භූත විශ්ලේෂන ගැනය.

ඕස්ට්‍රේලියාවේ ජාතික බුද්ධි සේවාවන්ද මොහුගේ හිතළු ප්‍රකාශ හෙළා දැක තිබේ.

රොහාන් ගුණරත්නගේ වාචාල  කතන්දර  පිළිබඳව ඉතා වටිනා  සාක්ෂියක් 2003 වර්ෂයේ ජනවාරි මාසයේ නවසීලන්තයේ “හැරල්ඩ්” පුවත්පතින් හෙළිවේ.මොහු එම පුවත්පතට වගකීමි විරහිතව පවසා තිබුණේ නවසීලන්තය තුළ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමි රාශියක් ක්‍රියාත්මක වන බවය.එහෙත් නවසීලන්ත මුල්‍ය රහස් ඒකකය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ  ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමිවලට සම්බන්ධ කිසිදුු දේපලක් නවසීලන්තය තුළ නැති බවත් මොහුගේ එම ප්‍රකාශය නිසා එරට කිතුණු ලබ්ධිකයන් හා මුසල්මානුවන් අතර අනවශ්‍ය ජාතිවාදී හැඟීම් නිර්මාණය වන බවත්ය.  

රොහාන් ගුණරත්නගේ බොරු කයිවාරු ගැන තහවුරු වූ තවත් සිදුවීමක් ගැන ඇෆ්ගනිස්ථානයෙන්ද වාර්තා වේ. අල්කයිඩා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ වූ බවට චෝදනා කරමින් ඇෆ්ගනිස්ථානයේදී අත් අඩංගුවට ගත් ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් හික් නැමැත්තා අල්කයිඩා සාමාජිකයකු නොවන බවට රොහාන් ගුණරත්න ප්‍රකාශ කරන ලදී.එහෙත් ඇමරිකාව මෙම සැකකරු යුද අධිකරණයක් ඉදිරියට පැමිණවීමට තරමේ සාක්ෂි තමන් සතුව පවතින බව ප්‍රකාශ කිරීමත් සමගම රොහාන් ගුණරත්න තම ස්ථාවරය වෙනස් කර ගත් බව පැවසේ.

ඉස්ලාම් අන්තවාදය ගැන හිතළු ප්‍රකාශ කිරීම පිළිබඳව මේ ආකාරයට රොහාන් ගුණරත්න බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තරව ⁣නෝන්ඩි වී තිබේ.සැබැවින්ම මොහු මේ ආකාරයට අතේ ගෙතූ බොරු සමාජගත කරන්නේ මානසික ආබාධ⁣යකින්ද එසේත් නැතහොත් අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධානයක ඕනෑ එපා කම් වලටද යන්න සැකයක් ඇතිවේ.මෙම දෙවැනි කාරණය ගැන අප අවධානය යොමු කෙරෙන්නේ වැදගත් තහවුරුවක් සමගය.මොහු මෙතරම් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානවලට එරෙහිව ජාත්‍යන්තර  තලයේ හිතළු අසත්‍ය ප්‍රකාශ නිකුත් කරද්දීත් එම ත්‍රස්ත සංවිධාන මොහු සම්බන්ධයෙන් නිහඬව සිටීම විමතිය දනවන සිඳුවීමකි.අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන වල ක්‍රියාකාරකම් පිළිබඳව විදේශීය රටවල් වල ආරක්ෂක අංශ නොමග යැවීම සඳහා මොහු  එම ත්‍රස්ත සංවිධාන වල වැටුප් ලබන සේවකයෙක් ලෙස කටයුතු කරන්නේද යන්න සැක සහිත කරුණක් ඒ තුළ මතුවේ. 

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයද අතේ රෝලක් බව නිසැකය.එහෙත් එහිදී  මෙම ප්‍රහාරයේ සැබෑව අනාවරණය වීම වලක්වා ගැනීම ඔහුගේ අරමුණ වී තිබෙන බව පැහැදිලිය.


Spread the love

You may also like