උණුසුම් පුවත් උණුසුම් පුවත්

දේශබන්දුගේ ෆේස් බුක් ගිණුමට හැකරයන් ඇතුළුවෙලා

Spread the love

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිල ෆේස් බුක් ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.මේ වන විට ඔහුගේ ෆේස් බුක් ගිණුමේ ඔන් ලයින් ක්‍රීඩාවක් විකාශනය කෙරේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා ඇත්තේ තමන්ගේ නිල ෆේස් බුක් ගිණුම හැකර් ප්‍රහාරයයට ලක්ව ඇති හෙයින් එහි පල වන  ඒවාට ප්‍රතිචාර නොදක්වන ලෙසය.

තවදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ හැකි ඉක්මනින් එය යථාවත් කරන බවත් ඉන් අනතුරුව හැකර් ප්‍රහාරය එල්ල කළ අයට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කරන බවය.

පසුගිය කාලයේ ඡෙනිපො දේශබන්දු මෙරට පොලිස්පති වරයා වීම සඳහා බලවත් උත්සායක නිරත විය.ඔහුගේ ෆේස් බුක් ගිණුම හැකරයන් විසින් අත් පත් කර ගැනීම පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසා ඇත්තේ තමන්ගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කර ගත නොහැකි දේශබන්දු මෙරට පොලිස්පතිවරයා වීම හාස්‍යජනක විය හැකි බවය.    


Spread the love

You may also like