මෙරට කම්කරු ඇමතිවරයා මනූෂ නානායක්කාරය.මජර දේශපාලනයේ බඩජාරී නොසන්ඩාලයකු වූ මනූෂ නානායක්කාර ගේ අමාත්‍යංශයේ ලේකම්වරයා ආර්.ඒ.පී විමලවීරය. මේ කාලකණ්නි ඩබලගේ පජාත කෙරුවාව තකට තකය. මොහු අධිකරණය තඹ දොයිතුවකට ගනන් නොගන්නා නිළධාරියෙක් බවත් තමන් මෙරට ව්‍යවස්ථාවටත් ඉහළ බල අධිකාරියක් ඇති නිළධාරියකු බව පෙන්වා දී තිබේ.
මේ පාදඩයා අභියෝග කර ඇත්තේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයටත් පානදුර මහාධිකරණයටත්ය.
හොරණ මහේස්ත්‍රාත්වරයා පාදඩ ලේකම්වරයාගේ බල ආධිපත්‍යය ඉදිරියේ වල්ගය පුකේ ගසා ගෙන ඇති බව පෙනී යයි.මොහු දින 7ක් ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළද එය ඉටු නොවීම නිසා මහේස්ත්‍රාත්වරයා එම නඩු විභාගයෙන් ඉවත් වූ බව ජනමාධ්‍ය වාර්තා කරන ලදී.ඇතැම් විට තමන්ගේ නොහැකියාව ගැන මහේස්ත්‍රාත්වරයාට ලැජ්ජා හිතෙන්නට ඇත.බඩගින්නට පොල් ගෙඩි දෙකක් කැඩූ විට අවුරුදු පහකට අත් හිටවූ දඬුවම් පමුනවන ආඩම්බරකාර මහේස්ත්‍රාත්වරුන් අමාත්‍යංශ ලේකම් වරයකුගේ චංඩි උද්දච්චකම ඉදිරියේ බයාදු නිවටයන් බවට පත් වීම ගැන රටේ ජනතාවගේ අවධානය යොමු විය යුතු කාරණයකි.
එහෙත් මේ මහේස්ත්‍රාත්වරයා පාවා දී ඇත්තේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය බව අප අමතක නොකළ යුතුය.
අනෙක් පසින් දේශපාලන මෙරට කෙරුම්කාරයන් ඉදිරියේ නීතියේ තුනටිය ඉලාස්ටික් වෙන බවට හොඳම උදාහරණයක් ලෙස මේ සිදුවීම දැක්විය හැකිය.අප දැනුවත් ආකාරයට මෙරට ව්‍යවස්ථානුකූලව අධිකරණ නීති පද්ධතිය තුළ යම් නෛතික ක්‍රියාමාර්ගයක වග උත්තරකරුවකු නැතහොත් විත්තිකරුවකු බවට පත් නොවී සිටීමේ මුක්තිය ඇත්තේ ජනපතිවරයාට පමණය.එහෙත් මේ සිද්ධියෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතියෙකුගේ අමාත්‍යංශ ලේකම්වරයකුටද ඒ මුක්තිය හිමි වී ඇති බවය.විමලවීර වැනි පාදඩ නොසන්ඩාලයන් ඉදිරියේ හොරණ මහේස්ත්‍රාත් හා පානදුර මහාධිකරණ විනිසුරුවරයා නිවටයන් බවට පත් වන්නේ ඒ වටපිටාව තුළය.
අධිකරණ සේවා කොමිෂමේ පිංගුත්තරයන්ද දේශපාලනික බල පුළුවන්කාර කම ඉදිරියේ පීචං තීන්දු වලට එළඹෙන බව මේ සිදුවීමෙන් හෙළිවේ.ඊළඟට අපට ප්‍රශ්ණ කරන්නට ඇත්තේ අග විනිසුරුවරයාය.තමන් යටතේ සිටින මහේස්ත්‍රාත්වරයකු හා මහාධිකරණ විනිසුරුවරයකුගේ වෘත්තිමය බල අධිකාරියට අභියෝග කරන පාදඩ ලේකම්වරයකු පිළිබඳව අගවිනිසුරු වරයා දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න අප දැන ගැනීමට කැමතිය.මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ කිසිත් කර කියා ගත නොහැකි පීඩිතයන්ට එරෙහිව පමනක්ද යන්න අග විනිසුරුවරයා පැහැදිලි කළ යුතුය.එසේ නැති නම් අගවිනිසුරුවරයා අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නට එන විට නිරුවතින් පැමිණීම හොඳය.ඒ අගවිනිසුරු පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංඟද එසේත් නැතිනම් නපුංශක ලිංගද යන්න බලා ගන්ටය.
එලෙසම මෙම ලේකම්වරයා දින හතක් ඇතුළත පොලිස්පතිවරයා මගින් අත් අඩංගුවට ගෙන දින 7 ක් තුළ තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හොරණ මහේස්ත්‍රාත් නියෝග කර තිබුණි.එහෙත් පොලීසිය හා පොලිස්පති එම නියෝගය පඩේකට ගනන් ගෙන නැත.මහේස්ත්‍රාත්වරයා එම නඩු විභාගයෙන් ඉවත්වන්නේ ලැජ්ජාවටද දේශපාලන බලපෑමටද යන්න ගැන අපට සැකයකි.ඒ මහේස්ත්‍රාත්වරයාට දනිස අනවිස යටතේ ඊට වඩා වැඩි යමක් තම නියෝගය කඩ කළ පාර්ශවයන්ට එරෙහිව පනවන්නට තිබුණ නිසාය. එහෙත් ඔහු නිවටයකු ලෙස එම නඩු විභාගයෙන් ඉවත් වී ඇති බව පැහැදිලිය.
මේ සියළු සිදුවීම් තුළින් පැහැදිලි වන්නේ පාදඩ පාහර දේශපාලඥයන් ගේ අනීතික මැදිහත්වීම් තුළ මෙරට නීතිය සිල්ලර විදියට බාල්දු වෙමින් පවතින බවය.
අධිකරණය විනාශයි කුජීතයි කම්මුතුයි