උණුසුම් පුවත් උණුසුම් පුවත්

අධිකරණ නියෝග තඹ දොයිතුවකට නොසලකන කම්කරු අමාත්‍යංශ ලේකම් නිසා මහේස්ත්‍රාත් නඩු විභාගයෙන් ඉවත් වේ

Spread the love

හිටපු ⁣කම්කරු කොමසාරිස් ජනරාල් හා වර්තමාන කම්කරු අමාත්‍යංශ ලේකම්ආර්.ඒ.පී.විමලවීර සහ තවත් හිටපු කම්කරු කොමසාරිස්වරයකුට එරෙහිව තම අධිකරණයේ විභාග වන නඩුව මින් ඉදිරියට තමන් විසින් කැඳවීමක් නොකරන බවට හොරණ මහේස්ත්‍රාත්

අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ. හොරණ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකහදිසි අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකදී බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබේ.

පසුගිය ජුලි මස 24 වෙනිදා හොරණ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුවේ දෙවන විත්තිකරු වන  වර්තමාන කමිකරු අමාත්‍යංශ ලේකම් ආර්.ඒ.පී.විමලවීර අධිකරණයටත් ඉදිරිපත් කරන ලෙසටත් එම නියෝගය පොලිස්පතිවරයා මගින් දින 7 ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසත් නියෝග කරන ලදී.එහෙත් එම නියෝගය පොලීසිය මගින් ක්‍රියාත්මක නොකළ නිසාත්, එම නඩු කටයුත්තෙන් ඉවත්වීමට තමන්ට නිදහස ඇති බව අධිකරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති නිසාත් තමා මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව මහේස්ත්‍රාත්වරයා ලිඛිතව අධිකරණ කොමිෂමට දන්වා ඇති බව අනාවරණය වේ.මේ අතර පානදුර මහාධිකරණය විසින්ද එම අධිකරණයට බාර වන ලෙසට කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර ඇතත් ඔහු මෙතෙක් එම අධිකරණයට බාර වී නැති බවද වැඩිදුරටත් දැන ගැන්මට තිබේ.


Spread the love

You may also like