පසුගියදා මෙරට මාධ්‍ය මගින් අනාවරණය කරන ලද නාමල්ගේ ලයිට් බිලට පොලු තැබීම ගැන රාජපක්ෂ පවුලේ රෙදි ගැලවීමට හේතු වී තිබේ.එහෙත් වෙනදා විදියටම ඒ ලයිට් බිලට තබා ඇති දඩ පොල්ල ගැන නාමල් රාජපක්ෂ මං සුදනා කයිවාරුව සමාජ ගත කරමින් සිටී.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව සඳහන් කර විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් එම බිල පිළිබඳව ලිඛිතව විමසීමක් කරන ලද්දේ ඒ පිළිබඳව කිසිත් නොදන්නා විදියටය.
ඉන් අනතුරුව පාම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලන රැස්වීමක ප්‍රකාශ කරන ලද්දේ එම විදුලි බිලට රාජපක්ෂ පවුලේ කිසිම සම්බන්ධතාවක් නැති බවය. ඔහු එහිදී මෙසේ පැවසුවේය.
මං දැන් විවාහ වෙලා අවුරුදු පහක් වෙනවා.මට දැන් දෙවෙනි බබාත් පහුගිය මාසෙ හම්බු වුනා.දැන් තමයි විදුලි බිලක් ගැන කියන්නෙ.අද වෙන කම් මටවත් මගේ තාත්ත නමටවත් එහෙම විදුලි බිලක් ඇවිල්ල නෑ.එහෙම විදුලි බිලක් තියෙනව නම් එක එකාගෙ නම් වලට යවන්නෙ නැතුව අපට එවන්න ඕන.නැතිනම් තුන්වැනි බබා හම්බවෙන කොටත් ඔය විදුලි බිල වේදිකාවට එනවා.ඒ දවස්වල කිව්වෙ මට ලැම්බෝ ගිනි තියෙනවා.රත්තරන් අස්වයො ඉන්නව කියල. ඉතින් අපට විදුලි බිල ගෙවන්න ප්‍රශ්ණයක් නෑනේ
දැන් ඔය විදියට කයිවාරු ගහන පාම නාමල් රාජපක්ෂ තවමත් හිතාගෙන ඉන්නේ මෙරට ඉන්නේ පූනක්කු බී ඇතිදැඩි වෙන මී වස්සන් කියාය.අප්පා මහරජාට ඇඳ ජනතාව ගොනාට ඇන්දුව විදියට ඉදිරියටත් ජනතාව රැවටී ජයවේවා යැයි කියන්නට සූදානමින් ඉන්නවා යැයි නාමල් හිතනවා වෙන්නටත් බැරි නැත.ඒත් දැන් ජනතාවට වංගු ගහන්නට මේ හාදයන්ට නොහැකිය.
මේ වන විටත් ජනතාව මේ ලයිට් බිලේ ඇත්ත ස්ටෝරිය හොයාගෙන අහවරය.මේ ලයිට් බිල ඇත්තේ පාම ඩී.වී.චානක ගේ නමටය.නාමල් ගේ විවාහයේ සංවිධාන කටයුතු කරන ලද්දේ ඩී.වී .චානකය.විවාහ
මංඟල්‍ය පැවැත්වෙන ස්ථානයට විදුලිය හා ඒ අදාල ආම්පන්න ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යවා ඇත්තේ මේ ඩී.වී.චානකය.ඉතින් අපේ නමට විදුලි බිලක් ඇත්තේ නැතැයි කයිවාරු කෙප්පයක් ඇද බාන්නට නාමල් රාජපක්ෂට පුළුවන් වී තිබේ. ඩී.වී චානක පාවා දෙමින් නාමල් රාජපක්ෂට මං සුදනා වීමටද පුළුවන.ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතන්දරයත් ඒ වගේමය.
ඩී.වී.චානක යනු මහින්ද රාජපක්ෂගේම ජානය.ඒකාගේ අප්පා මරා දාන්නේ වම්බොට්ටාය.වම්බොට්ටා මහින්ද රාජපක්ෂගේ කුලී මිනීමරුවාය.
ඩී.වී.චානක ගේ උප්පැන්නයේ තියෙන අප්පාගේ නමට වඩා එහා ගිය කතන්දරයක් අපි දනිමු.ඒ නිසා තමන්ගේ රුධිර ගනයේම සහෝදරයා වෙනුවෙන් ඒ ලයිට් බිල ගෙවන්නට ඩී.වී.චානක ඉදිරිපත් වන හැටි කාටත් කාටත් බලා ගන්නට පුළුවන් වනු ඇත.
