Spread the love

“ලබන වසර මුල සිට සැමට බදු ෆයිල් ” නමින් වැඩසටහනක් දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කල යුතු බවට පවසමින් ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියන් තිදෙනකු අමුතු රංගනයක මේ දිනවල යෙදෙයි. මොවුන්ට මේ සඳහා අවස්ථාව ලබා දී තිබෙන්නේ කොමසාරිස් ජනරාල් යැයි කියන වැඩ බැරි දාසගේ හපුආරච්චිය. 

නව බදු ලිපිගොනු විවෘත කිරීමට රුපියල් මිලියන 192 ක වියදම්  ලැයිස්තුවක් සකස් කර නිලදාරිනියන් තිදෙනා මේ වන විට එය අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශයට යොමු කර ඇත. කණ්ඩායමේ නායිකාව ජනරාල් පුටුවද ඉලක්ක කරගනිමින් සිටින නිසා තමන්ට දැක්මක් ඇතිබව ලොවට පෙන්වීමට මෙය අවස්ථාවක් කරගෙන සිටී. වැඩි දුර අධ්‍යාපන සුදුසු කමක් නොමැති එස්. චන්ද්‍රසේකර නමැති නව බදු ලිපිගොනු කල්ලි නායිකාව කරන්නන් වාලේ වැඩ කරනවා මිස දෙපාර්තමෙන්තු අරමුණු වෙනුවෙන් පැහැදිලි අවබෝධයකින් කටයුතු කිරීමට හැකියාවක් ඇත්තියක නොවන බව සැවොම දනී. දැනට සිටින බදු ජනරාල් හිතාමතාම ඇය කොන් කරවීමට ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස ඇය නව බදු ලිපිගොනු කල්ලි නායිකාව ලෙසට පත් කළ බවට කතා පැතිරෙමින් තිබේ.

දැනට දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරමින් සිටින අනෙත් කල්ලි නායිකාව ඉතිහාසයේ සිට බදු ලිපි ගොනු සමඟ සෙල්ලම් කරන්නියකි. නව බදු ගොනු විවෘත කරන විගසින්ම එයින් කොටසක් අහෝසි කර පහසුවෙන්ම මුදලක් උපයා ගත හැකි අයුරු ඇයට ඉගන්වීමට  අමුතුවෙන් වුවමනා නැත. දැනට අංග විකල RAMIS දත්ත පද්ධතියද ඊට පහසුකම් අපුරුවට සපයා දෙමින් සිටි.

නමින් නන්දකාන්ති තල්අරඹ වූ ඇයට මානව සම්පත් කළමනාකරණය පිලිබඳ කිසිදු සුදුසු කමක් නොමැත. නමුත් අහිංසක මිනිසුන් බියවද්දා බදු ලිපි ගොනු විවෘත කිරීමේ කලාව නම් ඇයට අපූරුවට ගැලපෙනු ඇත. 

මාස කිහිපයකට පෙර ජෙෂ්ටත්වය මුල්කරගෙන කල්ලියට එකතු වූ අනෙක් තැනැත්තිය රුක්දේවි ප්‍රනාන්දුය. ශිෂ්‍යත්ව ලබා ගැනීම පමණක් රාජකාරිය කරගත් ඇයට  ඉහළ එකතු වී වැඩ කිරීමට කිසිවකු නොමැති බැවින් බදු ලිපි ගොනු කල්ලියට මුක්කු ගසා සිටින්නේ දැනුමක් තිබෙන නිසා නොව කිරීමට වෙන කිසිවක් නොතේරෙන නිසාය.

දැන්වීම් ප්‍රචාරණය, පත්‍රිකා මුද්‍රණය, වාහන සඳහා ඉන්න්ධන, වැඩමුළු පැවැත්වීම වැනි කල් ඉකුත් වු බදු ක්‍රම වේද රැසක් පෙලට ලියා ඊට ඉදිරියෙන් හිතට එන මුදල් වටිනාකම් යොදා මේ තිදෙනා උත්සහ දරන්නේ නව බදු ලිපි ගොනු විවෘත කිරීමට නොව බඩ පුරවා ගැනීමටය.

මේ වෙලාවේ කලයුත්තේ මිලියනක් නව බදුගොනු විවෘත කිරීම නොව, බදු නොගෙවන ඉහල හොරුන්ගෙන් බදු එකතු කර පොඩි මිනිසාට හිරිහැර නොකර සිටීමය.

ආදායම් දෙපාර්තමේන්තුවට කිට්ටුවෙන් කටයුතු කරන IMF ද පැහැදිලිවම කියන කරුණකි අනෙකුත් කටයුතු නවතා බදු නොගෙවන විශාලම ආදායම්ලාභීන් සියයෙන්  නිවැරදිව බදු එකතු කිරීමට කටයුතු කළ යුතු බව.2024 සැමට බදු ප්‍රතිපත්තියේ අරමුණ ප්‍රභල ධනපතියන් හැර අනෙක් සැමට බදු ගැසීම බව රටේ අමන ජනයාට තේරෙන්නේ කවදා දැයි අපි නොදනිමු


Spread the love

You may also like