උණුසුම් පුවත් උණුසුම් පුවත්

බලය උදුරාගන්නට සිදු කළ රනිල් ගේ කුමන්ත්‍රණය හෙළිවේ

Spread the love

අරගලය අවස්ථාවේ ගාලු මුවදොර එජාපයට සම්බන්ධ ටෙන්ට් විස්සකට ආසන්නව පිහිටා තිබූ බව ආශු මාරසිංහ මන්ත්‍රීවරයා අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබෙි.ලංකා දවස මී⁣ට පෙර අනාවරණය කරන ලද ආකාරටම ජනපති මිල්ටෙරි නන්දසේන බලයෙන් පහ කර දැමීම එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් පැවති බව මෙහිදීී ආශු මාරසිංහ මන්ත්‍රීවරයා තහවුරු කර තිබේ.

ගාලු මුවදොර අරගලයත් සමගම මෙරට බොහෝ ප්‍රදේශවල පොදු ජන පෙරමුණේ සංවිධායක වරයන්ගේ ගෙවල් ගිණි තැබීම සඳහා එජාප මැර කණ්ඩායම් යොදවා සිටි බවට ආශු මාරසිංහ ගේ මේ ප්‍රකාශය තුළින් අපට සැකයක් මතුවේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඒ දින වල එම පක්ෂය තුළ බරපතල අර්බුදකාරී වටපිටාවක් නිර්මාණය වී තිබුණි.එහෙත් පක්ෂය තුළ උද්ගතව පැවැති එම අර්බුදය තඹ දොයිතුවකට නොසළකා හරිමින් රනිල් වික්‍රමසිංහ විසින් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි කර ගන්නා ලදී.ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ තමන් 2022 වර්ෂයේ බලය ලබා ගන්නා බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පවා කර තිබුණි.රනිල් වික්‍රමසිංහ ගේ මේ ක්‍රියාකාරකම් හා මැදිහත් වීම් එකිනෙක අනුපිළිවෙලට ගලපා ගත හොත් මිල්ටෙරි නන්දසේන බලයෙන් පහ කර දැමීම එජාපයේ රහස් කුමන්ත්‍රණයක් තිබූ බව තහවුරු කර ගත හැකිය.රනිල් වික්‍රමසිංහට බලයට ඒම සඳහා රහසිගත මාර්ග සිතියමක් සකස් වී පැවතුන බව ඉන් පැහැදිලිය.මෙය දේශපාලනිකව කිසිම ක්‍රියාකාරිකයකු විශ්වාස නොකරන වැඩපිළිවෙලක් විය.මිල්ටෙරි නන්දසේන ජනපති අපේක්ෂකත්වයට පත්වූ දා  සිටම එම වැඩ පිළිවෙළ සියුම් හා රහසිගතව ක්‍රියාත්මක වූ බව සිතන්නට හැකිය.මිල්ටෙරි නන්දසේන බලයට පත්ව ගත් අමනෝඥ තීන්දු තීරණ සමාජගත කළ රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල කණ්ඩායමක් එජාපයේ මේ මෙහෙයුමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සමිබන්ධ සිටියහ.

ජාත්‍යන්තරයද එවැනිම ආකාරයට දාම් පෙතේ ඉත්තන් එහා මෙහා කිරීමේ ක්‍රියාවලියක නිරත විය.

රනිල් ව්ක්‍රමසිංහ යනු දේශපාලන ක්‍රීඩාවේ කපටි නරියෙකි.වංගු ගසා දේශපාලනයේ කෙටි මං තුළින් සිය දේශපාලනික  පැවැත්ම තහවුරු කර ගන්නා අයෙකි.මොහු මෙරට විධායක ජනපතිවරයා ලෙස පත්ව ගත් සෑම ක්‍රියාමාර්ගයක් තුළම ඇත්තේ එම නිරූපනයයි.

2048 දක්වා තමන් පාලනය ගෙන යනවා යැයි ඔහු සිදු කර ඇති ප්‍රකාශය ඇතමුන් හාස්‍යයට ලක් කෙරුවද මෙහි යටි පෙළ අරුත ඉතා භයානක විය හැකිය.ඒ සතා එතරම් විසකුරු නිසාය.පලාත්පාලන මැතිවරණය කල් දැමීමට රනිල් වික්‍රමසිංහ ගේ තක්කඩි මැදිහත් වීම අනාගතයේ නීතිය බුල්ඩෝසර් කරගෙන යාමේ පෙර නිමිත්තක් ලෙස සැළකිය හැකිය.මහා රුධිර ගංඟාවක ජනතාව ගිල්වා සිය දේශපාලනික පැවැත්ම තහවුරු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ හට කිසිම චකිතයක් නැත.බටලන්දේ මිනිස් ඝාතනාගාරයේදී තරුණයන් පණ පිටින් ඇසිඩ් තටාක වලට බැස්සූ ඉතිහාසයකට ඔහු හිමි කම් කියන බව අප අමතක නොකල යුතුය.  

එහෙත් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට යටත් කළ නොහැකි වුවද සොබා දහමේ හැසිරීම  පිළිබඳව ආශ්චර්ය ජනක මැදිහත්වීම්  මෙරට  දේශපාලනය තුළ දැක ගත හැකිය.මෙරට මහා මිනිස් ඝාතනයන්ට අත් උදව් සැපයූ ප්‍රේමදාස ජනපතිවරයාගේ හා ඇමති රන්ජන් විජේරත්නගේ ශරිර කොටස් සවලෙන් එකතු කිරීම ගැන මතකයක් පවතී නම් එය නිශ්චය කර ගත හැකිය.මෙහි සඳහන් කිරීමට තර⁣මට ⁣දිග සොබා දහම විනිශ්චය කරන ලද එවැනි  නඩු තීන්දු ගනනාවක් පවතී.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ අධිපතිවාදී කෙරුවාව සම්බන්ධයෙන්ද අපට සිහිපත් කළ යුතු කරුණක් මේ සමග ගලපාගන්නට හැකිය.ඒ රනිල් වික්‍රමසිංහ බලයට පත් වූවද එය රැකගැනීමට තරමේ සමත්කමක් ඔහුට සොබා දහම විසින් දී නැති බවය. 



Spread the love

You may also like