ශ්‍රී ලංකන් ගුවන් සේවයට අළුතෙන් සේවක සේවිකාවන් බඳවා ගැනීම සඳහා අද(03)දින සම්මුඛ පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.එහිදී කාර්ය මණ්ඩලයට සේවක සේවිකාවන් 300 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට සැළසුමි කර ඇති අතර ඒ සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව 8000ක් බව වැඩිදුරටත් වාර්තා වේ.
එහෙත් මේ සඳහා බඳවාගන්නා සේවක සේවිකාවන් අතරින් පිරිසක් අමාත්‍යවරුන්ගේ හා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශය මත බඳවා ගැනීමට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙහිදීඅළුතෙන් සේවක සේවිකාවන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රෝඩාවක් බවද ඔහුගේ දියණිය මෙම රැකියා අවස්ථා මුදලට විකිනීමේ ජාවාරමක නිරත වෙන බවද ලංකා දවසට අනාවරණය වී තිබේ.