කෝට්ටේ බාලිකා විද්‍යාලයක විදුහල්පතිණියකට කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී වරයකු වන සමන්ත පීරිස් නැමැත්තා වට්ස් ඇප් මගින් අපහාස කිරීමක් සම්බන්ධයෙන් එම විදුහල්පතිනිය ඇතුළු දෙමව්පියන් කිහිප දෙනෙකු පසුගිය 23 වන දින වැලිකඩ පොලීසියට ගොස් තිබේ.

එම අවස්ථාවේ වැලිකඩ පොලිස් ස්ථානයේ සිටි මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා පැමිණිල්ල කිරීමට ගිය විදුහල්පතිණිය ඇතුළු මව්වරුන් පිරිසට සිය කලිසමෙහි ෂිප්ට් එක පහතට ඇද පුරුෂ ලිංගය පෙන්වා ඇත.

පොලිස් ස්ථානය තුළදීම අසභ්‍ය ආකාරයෙන් හැසිරුණ මෙම තැනැත්තා ගැන විදුහල්පතිණිය විසින් වැලිකඩ පොලීසියට පැමිනිලි කර ඇතත් ඔහු මෙතෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නැති බව වාර්තා වේ.