උණුසුම් පුවත් උණුසුම් පුවත්

හමුදාවේ සැඟවුන වෙඩික්කරුවන් කොළඹ ප්‍රසිද්ධ හෝටල් වල ස්ථානගත කෙරේ-ප්‍රවේශම් වෙයල්ලා සහෝදරවරුනේ

Spread the love

රනිල් හාමු ඒකාධිපති ගමනක නිරත වෙමින් සිටින බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අවධානයෙන් සිටින බොහෝ දෙනෙකු දැන් වටහා ගෙන තිබේ.මේ සියළුම දෙනා හට ඒ පිළිබඳව අවබෝධයක් පවතින්නේ ආණ්ඩුවේ කියුම් කෙරුම් හරහා බව පැහැදිලිය.

ආන්ඩුව ගෙන ඒමට සැළසුම් කර ඇති ඇතැම් අණ පනත් පවා මෙරට මිනිස් අයිතිවාසිකම් ඩෝසර් කර ගෙන යන ඒවා බව අනාවරණය වේ.ඒ  පිළබඳව  මේ වන විටත් ආණ්ඩුවට එරෙහි දේශපාලනික වේදිකාවේ කතා බහට ලක් වෙමින් තිබේ.මේ වන විට ජනපතිවරයා හා ඔහුගේ සමීපතමයන් සිටින්නේ බලය රැකගැනීම පිළිබඳව බරපතල ආරවුලකය.ආණ්ඩුව රැක ගැනීම හා සිය දේශපාලනික ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට ජනපතිවරයා ඇතුළු මේ කණ්ඩායම මිල්ටෙරි  බලය ඉතා සැළසුම් සහගතව හා රහසිගතව මුදා හැරීමට සූදානමින් සිටින බවට අප හට තොරතුරු ලැබී තිබේ.

ජනපතිවරයාට හා ඔහුගේ සමීපතමයන්  තුළ පවතින බරපතල සැකය වන්නේ නැවත සමාජය තුල අරගලකාරී තත්වයක් නිර්මාණය වේද යන්න ගැනය.මේ නිසාම සමාජය තුළින් ආණ්ඩුවට එරෙහිව මතු වන විරෝධතාවන් සමාජ කම්පන තරංගයක් නොවන හුදකලා විරෝධයන් බවට පත් කිරීම ක්‍රමානුකූලව සිදු කරමින් පවතී.

කොළඹ කේන්ද්‍රීය කරගනිමින් පැවැත්වෙන විරෝධතාවන් හැකි ඉක්මනින් විසුරවා හැරීම එම සැළසුමේ එක් පියවරකි.ආණ්ඩුවේ එම සැළසුම නොතකා බරපතල විරෝධතාවක් මතු වුව හොත් එයට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමටද ආණ්ඩුව රහසිගත සූදානමක සිටී.ඒ සඳහා යොදා ගැනීමට ⁣යුද හමුදාා⁣වේ සැඟවුන වෙඩික්කරුවන් ගනනාවක් කොළඹ ප්‍රසිද්ධ හෝටල් වල ස්ථානගත කළ බව හමුදාවේ ඡ්‍යෙෂ්ඨයකු අප වෙත ප්‍රකාශ කරන ලදී. 

ජාතික ආරක්ෂාව සඳහා මහජන මුදලින් පුහුණුව ලැබූ  හමුදාවේ සැඟවුන වෙඩික්කරුවන් මෙරට ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් පෙල ගැසෙන ජනතාව ඝාතනය කිරීමේ අපේක්ෂාවෙන් යොදවා ගැනීමට සැළසුම් කර තිබීම ජනපති රනිල් රාජපක්ෂගේ සාහසික ඒකාධිපති උන්මාදය තහවුරු කරන්නකි.

කෙසේ වෙතත් ආණ්ඩුවට එරෙහිව කොළඹ කේන්ද්‍රීය කර ගනිමින් විරෝධතා පවත්වන දේශපාලන හා සිවිල් සංවිධාන නායකයන් හ⁣ට හමු⁣දාවේ සැඟවුන වෙඩික්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස අපි අනතුරු අඟවමු. 



Spread the love

You may also like