උණුසුම් පුවත් උණුසුම් පුවත්

මරුවා සමඟ වාසේ – සියළු රෝහල් වල ඉතාම බාල ඖෂධ බඩේ කැක්කුමට බෙහෙත් ගන්න පේරාදෙණිය රෝහලට ගිය 21 හැවිරිදි තරුණිය පෙට්ටියෙන් ගෙදර එයි

Spread the love


 ඇමතිවරයා ගේ සොහොයුරාගේ දියණිය ගේ පුරුෂයා විසින් ඉතාම බාල  ඖෂධ ගෙන්වා ඇති බව අපි පසු ගිය සති ගනනාවකට පෙර  රටේ ජනතාවට ඉතාම වගකීමෙන් හෙලිකලෙමු.

 ඒ වනවිටත් ප්‍රමිතියෙන් ඉතාම අඩු මුදලකට ඉන්දියාවෙන් හා පාකිස්තානයේ නිවාස තුල නිෂ්පාදනය කරනු ලබන බාල ඖෂධ ඉතාම අඩු මුදලට මිලට ගෙන සෞඛ්‍ය ඇමති කෙහෙලිය ගේ ඥාතීන් එවා මෙරටට ගෙනවිත් ඉතාම අධික මිලකට විකුණනු ලබන බව වෛද්‍යවරු පවා චෝදනාකලේය.

තම දියණිය ගේ බඩේ කැක්කුමකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට රැගෙන ගිය අවුරුදු 21 ක් වු කඩුගන්නාව,පොත්තපිටිය පදිංචිච මුදි සන්දීපනී මධුෂිකා ජයරත්න නැමති තරණිය මේ වනවිට මිය ගොස් තිබේ. එවනි අවාසනාවන්ත තත්වයකට ඖෂධ ජාවරම් පත්ව තිබියදි ඇමති කෙහෙලිය තව දුරටත් ඇමතිකමේ සිටීම විලි ලැජ්ජහවක් නැති කමකි එසේම මේවනි මිනිමරුවන්ට එරෙහිව රටේ ජනතාව හඩ නැගිය යුතුය.


Spread the love

You may also like