අමාත්‍ය දිළුම් අමුණුගමගේ සම්බන්ධීකරණ අමාත්‍යවරයකු වන මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පළතුරුව්‍යාපාරිකයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.මෙම සම්බන්ධීකරණ ලේකම් වරයා අත් අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝ 2250 ක් තිබූ බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබුණද මහනුවර පොලිස් බල ප්‍රදේශයේ කිසිම පොලිස් ස්ථානයකින් මොහු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් පොලිස් විශේෂ ආරක්ෂක බලකායේ අණ දෙන නිළධාරී වරුණ ජයවර්ධන ගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කරන ලද බවද වැඩිදුරටත් වාර්තා වේ.
මෙම සම්බන්ධීකරණ ලේකම් තනතුර සම්බන්ධයෙන් අපට යමක් ලියන්නට තිබේ.මෙරට අමාත්‍යවරයකු ගේ කාර්ය මණ්ඩලයට වැටුප් සහිතව මාධ්‍ය ලේකම්වරයා හැර තවත් සම්බන්ධීකරණ ලේකම් වරු තිදෙනෙකු පත් කර ගත හැකි වේ.වැටුප් ගෙවන සම්බන්ධීකරණ ලේකම් වරුන් හැරණ විට ඇමතිවරයෙකු විසින් වැටුප් නොලබන සම්බන්ධීකරණ ලේකම් වරුන් ගනනාවක් පත් කර ගැනීමේ සම්ප්‍රදායක් මෙරට පවතී.මෙම සම්බන්ධීකරණ ලේකම් තනතුරට පත් කර ගන්නන්ට හිමි එකම වරප්‍රාසාදය වන්නේ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයෙන් එම තනතුර සඳහන් කර නිකුත් කරන හැඳුනුම්පත වේ.
මේ සම්බන්ධීකරණ ලේකම් පත්වීම් දෙන බොහෝ අයවළුන් ඇමතිවරයාගේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ ලුම්පන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ය.
එම ජාවාරම්කාරයන් සිය දූෂිත ජාවාරම් සඳහා යොදා ගන්නේ ඇමතිවරයා විසින් නිකුත් කර ඇති සම්බන්ධීකරණ ලේකම් හැඳුනුම්පතය.මෙම හැඳුනුම්පත සන්තකයේ පවතින දූෂිත ජාවාරම්කරු පිළිබඳව පොලීසියට කෙතරම් පැමිණිලි ලැබුණද අත් අඩංගුවට ගැනීමක් සිදු නොකරන්නේ අමාත්‍යවරයාගේ සමීපතමයකු බව දැක්වෙන “නිල ලයිෂම” නිසාය.අමාත්‍ය දිළුම් අමුණුගමගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ගැන අපට ලියන්නට ඇත්තේ ඔය ටිකය.නමුත් මෙවැනි දූෂිත ජාවාරම්කාර තක්කඩියන් ඇත්තේ ඇමති දිළුම් අමුණුගමට පමණක් නොවන බවද මෙවැනි දෙකේ පන්තියේ සම්බන්ධීකරණ ලේකම් වරුන් ආණ්ඩුවේ සියළුම තරාතිරමේ අමාත්‍යවරුන් විසින් පත් කර ගෙන සිටින බව සඳහන් කළ යුතුය.
මෙම තක්කඩි සම්බන්ධීකරණ ලේකම් පත්වීම් පිළිබඳව මෙතෙක් කිසිදු මාධ්‍යයක් අනාවරණය කර නැති වීමද විශේෂයකි.අමාත්‍යංශයක මුදල් ප්‍රතිපාදන වැය නොකර වැටුප් නොලබන නිල නොවන පත්වීමක් ලෙස පවතින මේ සම්බන්ධීකරණ ලේකම් තනතුර හිමි බොහෝ අයවළුන් විවිධ ප්‍රදේශවල යටිබිම් ගත ජාවාරම්කාරයන් ලංකා දවස සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.
, or

AjithLanka Dawasa