උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජාවාරම්කාරයකු පාතාලයකු පොලිස්පති කිරීමට දඟලන තොපිට දවසක හෙණ ගහනවා- තොපි ජාතක කළ දෙමව්පියන්ටත් හෙණ ගහනවා- සත්තයි… සත්තයි…. සත්තයි

Spread the love

නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් ගේ බලපෑම මත අද(7) දින පොලිස් කොමිසම විශේෂ රැස්වීමක් පවත්වන බව සාමාන්‍යය සම්ප්‍රදායට අනුව පොලිස් කොමිසම සිකුරාදා රැස් නොවේ.

අද රැස්වෙන පොලිස් කොමිසම නව සාමාජිකයන් ගෙන් සමන්විතය.එහි සභාපතිවරයා වන්නේ ලලිත් ඒකනායකය.අනෙකුත් සාමාජිකයන් වන්නේ දිල්ෂාන් ජයසූරිය රේනුකා ඒකනායක ,කනපති පිල්ලේ කරුණාකරන්,ගාමිණි සිල්වා වේ.

මේ වන විට පාස්කු කොමිසමේ නිර්දේශ මත ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් හට පොලිස් දෙපාර්තමේන්තු විනය සංග්‍රහයේ බී පරිෂ්ඨයේ ඒ 7 යටතේ පාස්කු ප්‍රහාරයට අදාලව නියමිත රාජකාරි පැහැර හැරීම රාජකාරි ලිපි වලට නිසි අවධානය නොදැක්වීම ,අලසකම,පීඩා කාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ රාජ්‍ය සේවා කොමිසම මගින් විනය චෝදනා පත්‍රයක් නිකුත් කර තිබේ.මෙම විනය චෝදනා පත්‍රය විභාග කරන ලද්දේ බස්නාහිර පලාත් සභාවෙි ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න වේ.බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාට එරෙහිව නිකුත් කරන ලද චෝදනා පත්‍රයක් විභාග කිරීමට බස්නාහිර පලාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා පත් කිරීම ළබැඳියාවන් අතර පවතින සම්බන්ධය අනුව අනීතිකය.

එහෙත් දැන් සිද්ධ වෙමින් යන්නේ ඒ අනීතික ක්‍රියාවලියටත් එහා ගිය මෙරට නීතිය හා සාමය බරපතල අවදානම් අනතුරකට පත් කරවන සිදුවීමකි.

හදිසියේ පොලිස් කොමිසම රැස් වී ඇත්තේ රට විශාල ඛේදවාකයට ඇද දමන අනීතික කාර්යයකට  නෛතික බවක් ඇති කිරීම සඳහාය.ඒ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂම ලබා දී තිබූ විනය චෝදනා පත්‍රය අහෝසි කර ඔහු නිවැරිදි කර වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමටය.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පතිවරයා ලෙස පත් නොකරන ලෙසට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද ,නීතිඥ සංඟමයද විවිධ සිවිල් සමාජ සංවිධානද ජනපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන ලදී.

එහෙත් ඒ ඉල්ලීම් කිසිවක් නොතකා ජනපතිවරයා විසින් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට යන බව අපට ආරංචි වී තිබේ.පොලිස් කොමිසම අද විශේෂ රැස්වීමක් පවත්වා ඇත්තේද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව තිබෙන චෝදනා පත්‍රය ඉවත දමා ඔහු නිර්දෝශී කිරීමටය.පසුගියදා අභියාචනාධිකරණයද මෙම අශිෂ්ඨ අශීලාචාර ක්‍රියාවලියට සහයෝගය දක්වමින්  දේශබන්දු තෙන්නකෝන්⁣ට එරෙහිව කොළඹ  මහේස්ත්‍රාත්  අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුකරයන් විභාග කිරීම අත්හිටුවා රිට් ආඥාවක් පනවන ලදී. 

අපරාද කාර ජාවාරම්කාරයකු මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කිරීම මහ පොළොව නුහුලන අපරාධයක් වන බව නිසැකය.මේ සාහසික අපරාධයට හවුල් වෙන සියළු වගඋත්තරකරුවන් ජාතක කළ දෙමවුපියන්ට පවා අව් නැති හෙන වදින්නට ඉඩ තිබේ.පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ අහිංසක අසරණයන්ගේ අඳෝනාවම ඒ සඳහා සෑහේ.

ජනපතිවරයා ගේ මිනී වල ඉදිරියේදී කැපෙන්නේද දෙවියන් ගේ කෝපය නිසා බව අපට කිව හැකිය.දේශපාලන බලය සදාකාලිකව තබා ගත හැකි යැයි සිතාගෙන මෙලේච්ඡ සාහසිකයන් ලෙස මෙරට සමාජය බිය වැද්දූ ආර්.ප්‍රෙමදාස ජනපතිවරයා මෙන්ම  රංජන් විජේරත්න ආරක්ෂක ඇමතිවරයාද මහ මග දූවිලි බවට පත් වූයේ එම “සොබා දහම් නීතියේ විනිශ්චය” අනුව බව  ජනපතිවරයාට පොලිස් කොමිසමේ කොඳු නාරටි නැති සාමාජිකයන්ට හා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ටද අපි  සිහිපත් කරමු.  


Spread the love

You may also like