හිටපු පොලිස්පති විශ්‍රාම යාමෙන් හිස් වූ පොලිස්පති තනතුරට පත් කරන්නේ කවරදාදැයි පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කරන ලදී.
එම ප්‍රශ්ණයට පිළිතුරු සැපයූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හැකි ඉක්මනින් ආණ්ඩුව ඒ ගැන තීරණයක් ගන්නා බවත් බොහෝ විට ඉදිරි පැය හතලිස් අටට පෙර ජනපතිවරයා විසින් ඒ පිළිබඳව තීන්දුවක් ගනු ඇති බව.අග්‍රමාත්‍යවරයාගේ මෙම පිළිතුර විමසන විට පොලිස්පති තනතුරට නමක් ජනපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කොට එවන බවක් නොකියවේ.ඉන් හැඟවෙන්නේ හිටපු පොලිස්පතිවරයාට සේවා නැවත සේවා දීර්ඝයක් ලබා දීමටද යන්න අදහසක් ඇතිවේ.
පොලිස්පති තනතුරට පත්වීමට මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇතිවී ඇත්තේ බලු පොරයකි.හිටපු පොලිස්පතිවරයා නැවත සේවා දිගුවක් අපේක්ෂාවෙන් කතරගම දේවාලයේ පූජා පවත්වා බාර හාර වී ඇති අතර ඔහු දේවාලයෙන් පිටව යාමත් සමග දේවාලයට පැමිණි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද බාරයක් වූ බව ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ නිසා කතරගම දෙවියන්ද දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බව අපගේ කතරගම තොරතුරු කරුවන් අප වෙත හාස්‍යයෙන් පවසා තිබේ.
කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පවත්වන ලද ස්ථාවර රටකට සැවොම එක මගට යන මාධ්‍ය හමුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන ලද්දේ පොලිස්පතිවරයකු පත් කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑමට යටත්වීමට ආණ්ඩුව සූදානම් නැති බවය.
පොලිස්පතිවරයා පත් කරන්නේ කවදාද ඩලස් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරයි