පසුගිය වසරේ අප්‍රේල් 9 වනදා හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට එරෙහිව ගාලු මුවදොර ඇරඹුන අරගලය රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ අනුගාමිකයන් කණ්ඩායමක් සැළසුම් සහගත අරඹන ලද්දක් බවට ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.
මිල්ටෙරි නන්දසේන බලයෙන් පහ කර ජනපති ධුරය ලබා ගැනීම දක්වා ක්‍රියාත්මක කරන ලද මෙම කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළ පිටුපස සිවිල් සමාජ සංවිධාන කිහිපයක් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සිටි බව අනාවරණය වේ.
ලංකා දවසට මෙම සිදුවීම පිළිබඳව අනාවරණය කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ හා සමීපව සිටි පුද්ගලයෙකි.ගාලු මුව දොර අරගලය ඇරඹීමට පෙර එහි සැලසුම පිළිබඳව රනිල් වික්‍රමසිංහ හා සාකච්ඡා කළ පුද්ගලයන් සමිබන්ධව ඔහුට හොඳ අවබෝධයක් පවතී.
ඔහු අප සමග මෙසේ අදහස් දැක්වීය.
රට පුරා ඇතිවුන ඉන්ධන හිඟය ගෑස් හිඟය හා පෝර හිඟයත් එක්කම රාජපක්ෂ පාලනය බරපතල අර්බුදයකට යන බවට රනිල් වික්‍රමසිංහ ගනන් හදා ගෙන තිබුණා.ඔහු අප සමග මේ ගැන සාකච්ඡා කරා.කොළඹින් පිටස්තරව නගර වල හුදකලාව ඇතිවන විරෝධතා කොළඹ නගරය තුලට ගෙන ආ යුතු බවට ඔහු අපට කීවා.මේ සියල්ල සිද්ධ විය යුතු වන්නේ අපේ දේශපාලන බල අධිකාරයේ නායකත්වයේ මැදිහත් වීමෙන් නොවෙයි.අපට තියෙන්නෙ වෙන දේ ගැන බලා සිටීමයි.නමුත් මේ විරෝධතාව කිසිදු පුද්ගලයකුගේ හෝ පක්ෂයක අයිතියට පැවරීමට අප ඉඩ නොදිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ තව දුරටත් උපදෙස් දුන්නා.උපක්‍රමශීලී වන්න.අපේ හිතවතුන් ඒ අරගලය තුළ සිටිය යුතුය.අනිකුත් අරගල කරුවන් දිරි ගන්වන්න.ශිෂ්‍ය අරගලකරුවන් මෙහිදී ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරාවි.අපට තියෙන්නෙ ඒ ගැන බලා සිටින්න විතරයි.මේ විදියටයි රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන්නෙ
ගාලු මුවදොර අරගලය ස්ථාන ගත වී පවතිද්දි රාජපක්ෂවරුන් විසින් මැයි 9 දා එයට එල්ල කළ ප්‍රහාරය ගැන රනිල් වික්‍රමසිංහ දැන සිටියේ නෑ.එහෙත් ඔහු ඒ ප්‍රහාරය තමන්ගේ වාසියට හරවගන්න ඉතා කපටි විදියට කටයුතු කෙරුවා.ඒ ගොදුරක් ගැනීමට ඉන්නා පිඹුරෙක් වගේ.මහින්ද රාජපක්ෂ අගමැති කමෙන් ඉල්ලා අස්වෙද්දි අනුප්‍රාප්තිකයා විදියට අගමැති තනතුරට පත් කෙරෙන්නෙ රනිල් වික්‍රමසිංහ.ඒ වන විට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙ එජාපය නියෝජනය කළ එකම මන්ත්‍රීවරයා.රාජපක්ෂවරුන්
කල්පනා කෙරුවා අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ පත් කිරීම තුළ සිය දේශපාලන බලයට තර්ජනයක් නොවන බව.පාර්ලිමේන්තුවෙ එක ආසනයක් තියා ගෙන රනිල්ට මොනව කරන්නද ඔවුන් සිතුවා.තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ කැඳවන්නෙ ඒ සිතීම හා තක්සේරුව තුළයි.ඒ අතරේ අරලිය ගහ මන්දිරයේ රාජපක්ෂවරුන්ට මිල්ටෙරි නන්දසේන බලයෙන් එලවා දැමීමෙි වුවමනාවක් පැවතුණා.මිල්ටෙරි නන්දසේන ඉවත් කිරීමෙන් පසුව ජනපති තනතුර සිය පාර්ශවය වෙත ලබා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ කැමති වෙනු ඇතැයි රාජපක්ෂවරුන් සිතුවා.
ඒත් ඒ දේශපාලනික සංක්‍රාන්ති සමයේ රනිල් වික්‍රමසිංහ දිය යටින් ගින්දර ගෙන යාමේ කපටි ක්‍රීඩාවක නිරත වුනා.තමන්ට ජනපති සිහිනය සැබෑ කර ගැනීමට තිබෙන එකම මාර්ගය විවෘත වෙමින් පවතින බව රනිල් වික්‍රමසිංහට වැටහුනා.මෙතැනදි සිද්ධ වුනේ සුභ හා යස ඉතිහාස කතාව නැවත අභ්‍යාස කිරීමක්.රනිල් වික්‍රමසිංහ අරගලයට පහසුකම් දුන්නෙ සිය ආධිපත්‍යය අරගල භූමිය තුළ රඳවා ගන්න.අරගල භූමියේ සියයට පනහක් වගේ හිටියෙ එජාපයට සම්බන්ධ මධ්‍යම පාන්තිකයන්.ඔවුන් උපක්‍රමශීලීව අරගල භූමිය තුළ යොදා ගන්න රනිල් වික්‍රමසිංහ විසින් හැසිරවූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් වෘත්තීය සමිති නායකයන්ට හැකිවුනා.සැබැවින්ම රනිල් වික්‍රමසිංහ ගෙ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල මෙහෙයවපු මේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා වෘත්තීය සමිති නායකයන් අරගලයෙ ඉදිරිපෙළට එන්න උත්සාහ කෙරුවෙ නෑ.ඉදිරිපෙළ හිටියෙ වමේ දේශපාලනයට සම්බන්ධ අයවළුන් හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්.
ඔවුන් අඹ ගහට ගල් ගහන කොට රනිල් වික්‍රමසිංගේ අනුගාමිකයන් අත්පුඩි ගැසුවා.වැටෙන අඹ අහුල ගත්තෙත් ඔවුන්.රනිල් වික්‍රමසිංහ ගේ මේ කණ්ඩායම ජාතික රහස් ඔත්තු සේවා හා ආරක්ෂක හමුදා ප්‍රධානින් සමග මනා කළමනාකරණයක් පවත්වා ගෙන ගියා.
අරගලයෙ ඉදිරිපෙළ හිටිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් හා වමේ දේශපාලන පක්ෂ වලට මේ අරගලයෙ අවසානය ගැන නිශ්චිත අදහසක් තිබුණෙ නැහැ.නමුත් රනිල් වික්‍රමසිංහ මෙහි අවසානය ගැන නිශ්චිත විනිශ්චයක හිටියා.ඔහුගේ අනුගාමිකයන් අතර සිටි රජිත කීර්ති තෙන්කෝන් සමන් රත්නප්‍රිය තුසිත හල්ලොළුව ආදීන් ඒ අවසානය සිතියම් ගත කර තිබුණා.
දැන් මා මේ කියන ලද කරුණු ගැන පැහැදිලි විශ්ලේෂණයක් කරන්න.එතකොට රනිල් වික්‍රමසිංහ ගෙ කුමන්ත්‍රණය තේරුම් ගන්න පුළුවන් වේවි.
දැන් රනිල් වික්‍රමසිංහ බලය අත හරින්නෙ නෑ.ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරගෙන ඉදිරියට පාලනය කරාවි.විරුද්ධ පක්ෂ ඒවාට එරෙහිව උද්ඝොෂණ කරාවි.පෙළපාලි යාවි.ඉන් එහා දෙයක් කරන්න ඔවුන්ට බැහැ.මේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් වලට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට වැඩක් වෙන්නෙ නෑ .එතැනදි රනිල් වික්‍රමසිංහ මේ සිඳු කරන ව්‍යවස්ථා උල්ලංඝනයට අනියම් ආකාරයෙන් නෛතික ආවරණයක් ලබා දේවි.දැන් සිද්ධ වෙමින් පවතින්නෙ ඒ දේ තමා. රනිල් වික්‍රමසිංහ ගෙ දැන් අපේක්ෂාව ව්‍යවස්ථාව සංශෝධනය කරල විධායක ජනපති තනතුර දිගටම පවත්වාගෙන යන්න.ඔහුට සමගි ජන බල වේගය හසුරවගන්න පුළුවන්.ඒ මන්ද යත් සමගි ජන බලවේගයේ ජාන එජාපය හා සම්බන්ධ නිසා.හර්ෂ ,කබීර් වැනි අයවළුන් ඉඳල හිටල රනිල් ගෙ ගුණ වයන්නෙ ඒ නිසා.ඔවුන් විතරක් නොවෙයි සමගි ජන ජන බලවේගයෙ බොහෝ දෙනෙක් ආණ්ඩුව විවේචනය කරල අන්තිමට ඒ විවේචනය නවත්වන්නෙ රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකයා කියල. මාලිමාව සිය දේශපාලන ආධිපත්‍යය තහවුරු කර ගැනීමට පහල මාලයේ සංවිධාන කටයුතු කරමින් තිබෙනවා.පේන්න තියන විදියට මාලිමාවට මෙරට බලය ඉතා ඉක්මනින් ගැනීමෙි අදහසක් නැහැ කියන මතයක් මෙි වන සමාජගත වෙමින් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රදර්ශන කාමී දේශපාලනය තවදුරටත් පොදු ජනතාව අනුමත කරාවිද යන්න තීරණය කළ හැකි වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලනික උපාය උපක්‍රම වල සාර්ථක අසාර්ථක බව තුළයි. මෙරට පොදු ජනතාවට අයත් බොහෝ පවුල් කන්න තියෙනවා නම් හා බොන්න තියෙනවා නම් වෙනත් ප්‍රශ්ණ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැති බව කිව යුතුයි.
පොදුජන පෙරමුණේ දේශපාලන ආධිපත්‍යය අවසානයි.එම පක්ෂයේ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු රාජපක්ෂ කඳවුරෙන් නික්ම ගොස් නවතින්නෙ රනිල් වික්‍රමසිංහ ගාව.ජනපතිවරයා පොදුජන පෙරමුණට බිමට වැටෙන්න ගහනවා.හැබැයි ඔහු ඒ සඳහා කල් බලමින් සිටින බව පැහැදිලියි.
මේ වන විට ජනපතිවරයා හමුදාව තුනී කරමින් ඉන්නවා.සෙවෙච්ඡා සේනාංක විසුරුවා හරිමින් ඒවායෙ සෙබළුන් වෙනත් සේනාංක වලට අනුයුක්ත කරමින් සිටිනවා.බ්‍රිගේඩ ගණනාවක් විසුරවා හැරීමට නියමිතයි.මේ නිසා ඇතැම් රෙජිමෙන්තුවල සෙබලුන්ට විශ්‍රාම යන තුරු සාමාන්‍ය සෙබළුන් ලෙස ඉන්න සිදු වේවි.බොහෝ සෙබළුන් හමුදාව අත්හැර යන්න එය හේතුවක් වේවි.ජනපති රනිල් වික්‍රමසිංහ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.ඔහු හසුරවන්නේ ඇමරිකාව ඉන්දියාව හා චීනය විසින්.මේ රටවල් තුනේම මැදිහත්වීම වන්නේ මෙරට භූමිය තුළ ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීම මිස අන් කාරණයක් නොවෙයි.ජනපතිවරයා ඒ සඳහා ඔහුගේම න්‍යාය පත්‍රයකට මෙරට භූමියත් ආයතනත් මේ රටවල්වලට බෙදා දේවි.මේවාට එරෙහිව හුදකලා විරෝධයන් මතු වෙයි.එහෙත් ජනපතිවරයා තමන්ට ඕනෑ දේ කරමින් සිටිනවා.
හිටපු ජනපති නන්දසේනට එරෙහිව අරගලයට සේලයින් දුන්නේ රනිල් වික්‍රමසිංහ- අරගලය දේශපාලන කුමන්ත්‍රණයක් බව රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු පවසයි