උණුසුම් පුවත් උණුසුම් පුවත්

විරෝධයන් නොතකා වැබ පොලිස්පති ලෙස දේශබන්දු පත් කිරීමට පොදුජන පෙරමුණේ තක්කඩි රැළ සූදානම්

Spread the love

මෙරට ජනතාව නීතිය හා සාමය පිළිබඳව තබා ඇති විශ්වාසය බරපතල පිපිරීමකට ලක් වීමට තව ඇත්තේ දින ගනනකි.ඉන් අනතුරුව ⁣⁣ශ්‍රී ලංකාව පාදඩ මිනීමරු හා ජාවාරම්කාර පාතාලයන්ගේ රාජධානියක් බවට පත් වීම නිසැකය.

මෙි වන විටත් අධිකරණය කුණු වී ඕජස් ගලන තත්ත්වයට පත් වී හමාරය.

ඊළඟට ඇත්තේ පොලීසියයි.මේ වන විට පොලිස්පතිවරයා විශ්‍රාම ගොස් දින ගණනාවක් ගෙවී ගොසිනි.පොලිස්පති තනතුරට පත්වීම සඳහා පොලිස් ⁣ඡ්‍යෙෂ්‍ඨයන් ගනනාවක් බලු පොරයක නිරත වෙමින් සිටී.ඒ අතුරෙන් ⁣ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව මෙරට නීති ගරුක ජනතාව තුල බොහෝ පොලිස් නිළධාරීන් අතර පැවතෙන්නේ  අපුලකි.බලවත් අප්‍රසාදයකි.ඒ ඔහුගේ අශීලාචාර හා ජාවාරමිකාර කැරැට්ටුව නිසාය.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මෙරට පාතාල ⁣ජාවාරමිකරුවන් සමග ගනුදෙනු කරන හා ඔවුන්ගේ අපරාධ වලට උදව් උපකාර කළ තැනැත්තෙකි. කුඩු සළිඳු ගේ අවශ්‍යතාවය මත පානදුරය සිඳුවූ මිනිස් ඝාතනයක් කළ ගිණි අවිය මාරු කිරීමට දේශබන්දු තෙන්නකෝන්ගේ සහයෝගය ලැබී තිබුණි.මොහු මාතර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරද්දී මදූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ බවට වාර්තා වේ.මේ ⁣සියළු තොරතුරු අප විසින් අතේ  ගෙතූ අනාවරණය කිරීම් නොව එස්අයිඑස් බුද්ධි සේවාව මගින් වාර්තා කරන ලද ඒවාය.

මේ බුද්ධි තොරතුරු ජාතික ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූවාදැයි අපි නොදනිමු.එසේ නැතිනම් එම බුද්ධි තොරතුරු පිළිබඳව දැනුවත්ව ජාතික ආරක්ෂක මණ්ඩලය ඇස් කන් පියාගෙන සිටිනාවාදැයි කියන්නට බැරිය.පාස්කු බෝම්බය පිපිරුණේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ මේ නොසැලකිල්ල නිසාය.පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට ලක් වූ පිරිස සංඛ්‍යාත්මකව ගණනනය කර තිබේ.

මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව ජාවාරම්කාර පාදඩ තක්කඩියෙකුට බාර දීමට යාම ගැන හා ඉන් කවදා හෝ රටට සිදුවන සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැකි බරපතල  හානිකාරී විනාශය ගැන කවදා හෝ වර්තමානයේ ජාතික ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන අයවළුන් වග කිව යුතුය.ඒ පිළිබඳව වගකිව යුතු වන අනෙක් පාර්ශවය වන්නේ ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයන්ය.

දැන් මේ සියළු තක්කඩියන් සමූහය සූදානම් වී සිටින්නේ මෙරට වැඩ බලන පොලිස්පති වරයා ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමටය.සාධාරණ හා යුක්ති ගරුක සමාජයක් පිළිබඳව සිහින මවමින් සිටි පුරවැසියන් මින් දැඩි කම්පනයට පත් වෙන බව සහතිකය.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යනු තක්කඩි ජාවාරම්කාරයෙකි.ඔහු පොලිස් කාරයෙකුට වඩා පාදඩ පාතාලයකු ලෙස හැඳින්වීම වරදක් නැත.අප⁣ට ප්‍රශ්ණය වන්නේ මේ අපරාධකාරයා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනපතිවරයා එකඟ වීම පිළිබඳවය.

ජනපතිවරයා සම්බන්ධයෙන් අපට දැඩි විවේනයන් තිබුණද ඔහුගේ තීන්දු තීරණ ගැනීම ගැන අපට යම් සාධාරණ විනිශ්චයක් තිබුණි.ඒ ජනපතිවරයා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා මෙන් ජනප්‍රිය තීන්දු නොගන්නා බවට අප දැනුවත්ව සිටි නිසාය.එහෙත් මේ වන විට ජනපතිවරයා දේශබන්දු තෙන්නකෝන් වැනි පාතාල ජාවාරම්කාරයකු වැඩ බලන පොලිස්පති වරයා ලෙස පත් කිරීමට තීන්දු කර තිබේ නම් ඔහු එවැනි තීන්දුවකට එන්නට ඇත්තේ පොදු ජන පෙරමුණේ බලපෑම නිසා බව අපට සිතා ගන්නට සිදුවේ.

මෙහිදී පොදු ජන පෙරමුණ ⁣යනුවෙන් අප හැඳින්වූවද එහි සිල්ලර කෑලි මේ සිද්ධියට අදාල වන්නේ නැත.පොදු ජන පෙරමුණ තුළ සිටින තක්කඩි රැළ මේ සඳහා මැදිහත් වී ඇති බව අපට විශ්වාසය.මේ තක්කඩි රැළ මේ වන විට රාජපක්ෂ ආධිපත්‍යයෙන් මිදී ජනපතිවරයාට සම්බන්ධව සිටී.එහි පෙරමු⁣ණේ සිටින්නේ ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග ,විජේදාස රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන ,දිනේෂ් ගුණවර්ධන වැන්නන්ය.පොලිස් දෙපාර්තමේන්තුවේ ආධිපත්‍යය මේ තක්කඩි රැළ තුළ රඳවා ගැනීම මෙහි අරමුන බව ඉතා පැහැදිලිය.රාජපක්ෂ වරුන් බලයේ සිටියදී ඔවුන් ඉවත ලන කටු ලොවමින් සිටි⁣ මේ තක්කඩියන් ජනපතිවරයාට සමීප වී ඇත්තේ සිය ජාවාරම්කාර දේශපාලනය ආරක්ෂා කර ගැනීමට මිස වෙන දෙයකට නොවේ.වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත්කර ගැනීමට මේ තක්කඩියන් සැලසුම් කරමින් සිටින්නේද සිය ජාවාරම්කාර දේශපාලනය තවදුරටත් තහවුරු කර ගැනීමය.මේ සැළසුම පිළිබඳව අපට අනාවැකියක් පැවසීමට හැකිය.ඒ වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත් කිරීමට ජනපතිවරයා කටයුතු කළ හොත්  ජනපතිවරයාගේ විනාශයේ මුල්ගල  වන්නේද එම පත් කිරීම බවය.දේශබන්දු

වැඩ බලන පොලිස්පති වරයා ලෙස පත් කිරීමට දත් මිටි කන අවස්ථාවාදී තක්කඩියන් ගැන දැනුවත් වීම තුළින් එය තහවුරු කර ගත හැකිය.

⁣දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස්පති ලෙස පත් නොකරන ලෙසට නීතිඥ සංඟමය ලිඛිතව ජනපතිවරයාට දෙවරක් දන්වා තිබේ.

කාදිනල් තුමා ප්‍රමුඛ කතෝලික ජනතාව සෘජුවම දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පෙනී සිටී.මේ සියළු විරෝධයන් ජනපතිවරයා විසින් ඩෝසර කරමින් පොදුජන පෙරමුණේ තක්කඩියන් රැළගේ වුවමනාවට කටයුතු කළ හොත් එය ජනපතිවරයාගේ දේශපාලන මිනීවල ඔහු විසින්ම කපා ගැනීම  බව අපි නැවත නැවතත් සිහිපත් කරමු.

මෙරට පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්වීම සිදු වුව හොත් මේ ⁣රටේ ජනතාවට අපට කියන්නට ඇත්තේ දෙයියන්ගේ පිහිටයි කියා විතරමය.

, or

AjithLanka Dawasa

[email protected]

+ Add to contacts


Spread the love

You may also like