උණුසුම් පුවත් උණුසුම් පුවත්

අබසරණයි ඉතින් දැන් අපෙ රටට

Spread the love

මාගල්කන්ද හිමියනි මුලසුනෙ වැඩ ඉන්න

වෙන්ට පොලිස්පති මම හොඳටම දැන ගන්න

නඩුවක් වැටුන විට හිමියනි දැනගන්න

අනික් පැත්ත ගහනා හැටි     අහගන්න

හිමියනි කියන්නකො දැන් මේ විදියට  රටට

පන්සල වෙත ආපු කොල්ලා සැක වුනා මට

වින කටිනා නිසා මුස්ලිම් වුන් අපෙ ආගමට

කලිසම ගලවන්න කිව්වා මම ඒ කොල්ලාට

කිව්වේ මම එහෙම උගෙ තොංගලෙ බලන්නට

අපෙ ඒ කැපවීම නැතිනම් බැහැ රට හදන්නට

එන්ජීඕ කාරයන් දන්නේ මඩ තලි  ගහන්නට

ලැජ්ජාවක් නෑ යකුනි ඉපදෙන කොටම මට 

වොයිස් කටුව ඔය විදියට ⁣දෙමු රෙණ හිරුට

හිමියනි කියන්නකො අබ සරණයි මුළු රටට

මම ඉන්නවා හිමියනි සාමය   රැකගන්ට

ආගමෙ භාරකරු හිමියනි ඔබ      වෙන්ට

අසා සිටි ඔබ සැමට ඉස්ටූටියි නන්රේ ටෑන්කියුවේවා

මීට,

පොලිස් කයිකාර දේශබන්ඩු තෙන්නේ වන මා විසින් මාගල්කන්දේ සුදත්ත නායක උන්වහන්සේට  පුන්‍යානුමෝදනා කරනු පිණිස රචනා කරන ලදී.  

, or


Spread the love

You may also like