බඩු බනිස් වෙලාය.අතේ මාට්ටුය.මාට්ටු වී ඇත්තේ පවුලේ අයවළුන්ටය.අපේ වීරයාට කට උත්තර නැත.සීන් එක සිද්ධ වී ඇත්තේ ජපානයේදීය.
මේ වීරයා මෙරටදි කළ කී දේ ගැන මතක් වෙන විටත් ඇඟ හිරි වැටෙනවාය.මේ වීරයා වෙනින් කවුරුවත් නොවේ.මාගල්කන්දේ සුදත්ත උන්නාන්සේය.
බුද්ධාගම ආරක්ෂා කරන්නට වැඩ ඉන්නා සතරවරම් දෙවියන් හා තිස් තුන් කෝටියක් දෙවිවරුන් ඇරුනාම මරාගෙන මැරෙන සයිස් එකෙන් බුද්ධාගම ආරක්ෂා කළ සංඝ බලකායේ ආඥාපති වරයෙක් ලෙස මාගල්කන්දේ උන්නාන්සේ හැඳින්විය හැකිය.
උපාසක මහත්තයෙක් පෝය දවසක පන්සලේදී හයියෙන් අධෝ වාතයක් ඇරියත් ඒ අධෝවාතයෙන් බුද්ධාගමට කෙල වුන බවට වාහිනී වලට වොයිස් කට් දී උපාසක මහත්තයාගේ පයිල් එක සීඅයිඩී එකට උස්සාගෙන දුවන චීවර පුත්‍ර සැට් එකේ කෙනෙකි මේ උන්නාන්සේ.
මාගල්කන්දේ උන්වහන්සේ ගේ ගිහි පැටිකිරිය ගැන වැඩි දෙනෙකු නොදන්නා තොරතුරුද අප සතුය.මාගල්කන්දේ සුදන්ත චීවරය යුනිෆෝම් එක දාගන්නට පෙර හිටියේ සිවිල් ආරක්ෂක බලකායේය.එහි සේවය කරද්දී එස්එස්පී මහත්මයකුගේ ෆෝන් එකක් සොරකම් කර මාට්ටු වී උසාවි ගොස් අත් හිටුවූ සිර දඬුවම් ලබා සිවිල් ආරක්ෂක බලකායෙන් නෙරපා හරින ලද මාගල්කන්දේ චීවරය දාගන්නේය.එතැන් සිට මාගල්කන්දේ පොලිස්පති වරයා පවා අල්ලේ නටවන ජාතියේ වීරයෙක් බවට රූපාන්තරය වන්නේය.
චීවරධාරී මාගල්කන්දේ ෆෝම් කරන්නේ රෙණ හිරුය.ඒ දින වල රෙණ හිරුගේ වොයිස් කට් පෝලිමේ මාගල්කන්දේ නැති දවසක් නැති තරමේ විය.ජාතිය හා ආගමේ ගැලවුම්කරුවන් ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටි මාගල්කන්දේ ගේ වොයිස් කට් වඳ වූයේ මිල්ටෙරි නන්දසේන එලවා දැමූ දින සිටය.
දැන් මාගල්කන්දේ ගේ කෙරුවාව අතේ මාට්ටු වී තිබේ.ඒ මෙරටදී නොවේ.
රට ජාතිය සංස්කෘතිය ගැන මරාගෙන මැරෙන්නට යන්නේ මෙවැනි තක්කඩියන් බව මේ රටේ උපාසක මහත්තරු හා උපාසකම්මලා තේරුම් ගන්නේ නම් ලොකු දෙයකි.
සමරිසි ඇබ්බැහිය වරදක් නොවේ.එය ලෙඩක්ද නොවේ.දියුණු මනසක එය තවත් ලිංගික ක්‍රියාකාරකමක් ලෙස හඳුනාගන්නවා මිස නින්දාවට නිග්‍රහයට ලක් කෙරෙන්නේද නැත.එහෙත් මාගල්කන්දේලා පෙනී සිටියේ එය තිරශ්චීන හා මෙලෙච්ඡ ක්‍රියාවක් ලෙස සමාජයට හඳුන්වාදෙමිනි.සමරිසි ඇවතුම් පැවැතුම් නින්දාවට අපහාසයට ලක් කරමිනි.
එහෙත් දැන් මාගල්කන්දේ හත් පොලේ ගාගෙන තිබේ.ඒ ගැන අපට කියන්නට ඇත්තේ මෙච්චරය.
“කොට්ටෝරුවා ගහින් ගහට කොට යනවා
කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා”
අපොයි දෙයියනේ මාගල්කන්දේ -සොරි ඩොටි කොම් අනේ