උණුසුම් පුවත් උණුසුම් පුවත්

නිලන්ත හා දේශබන්දු පොලිස්පති තනතුරට පත් කරන්න එපා- කාදිනල් හිමිපාණන් ජනපතිට ලිඛිතව දන්වයි

Spread the love

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධව සිය රාජකාරි වගකීම ඉතා බරපතල ආකාරයෙන් පැහැර හරින ලද  ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හෝ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඒ සම්බන්ධව කොළඹ අගරදගුරුවරයා ලෙස තම බලවත් කනස්සල්ල නිල වශයෙන් ප්‍රකාශ කරන බව මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජනපතිවරයා වෙත ලිඛිතව දන්වා  යවා ඇත.

පාස්කු ඉරිදාා ප්‍රහාරයට ඉඩ හැරීම සම්බන්ධව වඩාත් වග කිවයුතු පොලිස් නිළධාරියා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බව එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වාර්තා කර ඇතැයිද කාදිනල් හිමියන් මෙහිදී පෙන්වා දී තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව පත් කරන ලද පාස්කු කොමිසම් වාර්තාවේ සදහන් වන ආකාරයට එම අපරාධය  සිදු වීමට ඉඩ හැරීම ගැන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට  එරෙහිව සාපරාධී අපරාධ චෝදනා එල්ල වී ඇති බවද පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති⁣ දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරය සිඳුවන විට උතුරු කොළඹ බාරව සි⁣ටි නමුත් ඔහු එම තොරතුරු සම්ප්‍රේෂණය කළ පණිවිඩකරුවා ලෙස ක්‍රියා කෙරුවා මිස එම විනාශය වැලැක්වීමට පියවර නොගත් බව පාස්කු කොමිසමේ අවසන් වාර්තාව උපුටා දක්වමින් කාදිනල් හිමියන් එම ලිපියේ අවධාරණය කර ඇත.

මේ වන විට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු⁣ තෙන්නකෝන් පිළිබඳව මෙරට ජනතාව තබා ඇති විශ්වාසය ඉතා බරපතල ලෙස පලුදුු වී ඇති බවද එතුමානන්වහන්සේ වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ති⁣බේ.



Spread the love

You may also like