උණුසුම් පුවත් උණුසුම් පුවත්

පොලීසියේදී රාජ් කුමාරිට පොලීසියෙ දෙන්නෙක් පහර දෙනවා මා දැක්කා – වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය රාජ්කුමාරිගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂිකරුවකු පවසයි

Spread the love

වැලිකඩ පොලීසියේ අත් අඩංගුවේදී මියගිය රාජකුමාරි නැමති ගෘහ සේවිකාවගේ මරණ පරීක්ෂණය අද (21) කොළ⁣ඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් පවත්වන ලදී.

මෙම මරණ පරීක්ෂණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සාක්ෂි දුන් මහේන්ද්‍රන් සුරේෂ් නැමැත්තා පවසා සිටියේ රාජ්කුමාරිට පොලිස් නිළධාරීන් පහර දෙනු තමන් දුටු බවය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය

මම පිටකොටුවෙ බස් නැවතුමේ ඉන්න වෙලාවෙ පොලීසියෙ දෙන්නෙක් ඇවිල්ල මට මාංචු දාල ජිප් එකකට නග්ග ගෙන

කොටා පාරේ ගේකට ගියා.එතැන හිටිය රාජ්කුමාරි ජිප් එකට නග්ගගෙන මගේ අතේ තිබුණ මාංචුවෙ එක මාංචුවක් ඇගේ අතට දැම්මා.ඈ ජිප් එකට නැග්ගෙ හොඳ සනීපෙන් ඇවිද ගෙන ඇවිල්ලා.ඇයට පේන්න කිසිම අසනීපයක් ති⁣බුණෙ නෑ.⁣පොලිස් ජිප් අරං එන කොට උඹ නේද මුද්දයි,සෙන්ට් බෝතලයයි,සපත්තු කූට්ටමයි හොරකම් කෙරුවෙ කියල ජිප් එකේ හිටිය පොලීසියේ කෙනෙක් ඇගෙන් ඇහැව්වා.පස්සෙ අපි දෙන්න වැලිකඩ පොලීසියට ගෙනාවා.පොලීසියෙදි මටයි රාජ්කුමාරිටයි පොලීසියෙ දෙන්නෙක් ගෑහැව්වා.එක්කෙනෙක් තට්ටෙ තියෙන කෙනෙක් .අනෙක් කෙනා කෙට්ටුයි.උසයි.කෙට්ටු උස කෙනා රාජ්කුමාරිට බටයකින් පහර දුන්නා.පස්සෙ සුධර්මා මැඩම් පොලීසියට ආවා.මැඩම් පොලීසියට කිව්වා ගහන්න එපා.ප්‍රශ්ණය විසඳල දෙන්න කියල.

මරණ පරීක්ෂණය ලබන 26 වනදා දක්වා කල් තැබුණි.

රාජ්කුමාරි පොලිස් අත් අඩංගුවේදී මිය යාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 වන දින අධිකරණය⁣ට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල   වැඩිදුරටත් නියෝග කරන ලදී.


Spread the love

You may also like