උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඒ ඇස්පී ළමාහේවා දකුණේ පාතාලයට ගිණි අවුලයි

Spread the love

දකුණේ පාතාලයේ ගිණි ඇවිලෙන බවට  ලංකා දවස කළ අනාවරණය සත්‍යය වී තිබේ.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීමෙන් පසුව අප ඇමතූ ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරකයකු පැවසුවේ කොස්ගොඩ සුජීට සම්බන්ධ සෑම ගෝතයෙක්ම “මිනී පෙට්ටි වලට පැක්” කරන බවය.

අද උදෑසන කොස්ගොඩ සුජී⁣ගේ සමීපතමයකු වන කොස්ගොඩ රන් මහත්තයා නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබේ.

මේ ආරවුල අවුලවන්නට හේතු වූයේ රහස් පොලීසියේ ඒඇස්පී ළමාහේවා බව අපි වගකීමෙන් සඳහන් කරමු. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබන ලද්දේ අහවල් පාතාල නායකයාගේ උපදෙසින් බවට කොස්ගොඩ සුජීට තොරතුරු සපයන ලද්දේ ඒඇස්පී ළමාහේවා බව අපට තොරතුරු ලැබී තිබේ.එම තොරතුරු අනුව කොස්ගොඩ සුජීගේ උපදෙසින් පසුගියදා සීනිගමදී වෙඩි තැබීමක් සිදු කෙරිණි.එම වෙඩි ප්‍රහාරයට ලක් වූ අය රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.මෙම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට වෙඩි තැබීමට පිළිතුරු ලෙස අද කොස්ගොඩ සුජීගේ සමීපතමයා ඝාතනය කරන ලද බව ලංකා දවසට වාර්තා විය.  

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවය කළ පොලිස් නිළධාරීන් සැකකරුවන් කරන ලද නඩුවක සාක්ෂිකරුවකු අලුත්ගම කළුවමෝදරදී ඝාතනය කරවීම ඒඇස්පී ළමාහේවා විසින් කොස්ගොඩ සුජීව මාර්ගයෙන් සිදු කරන ලද්දකි.එම නඩුවේ විමර්ෂන නිළධාරියා වන්නේද ඒඇස්පී ළමාහේවා වේ. මෙවැනි දූෂිතයකු රහස් පොලීසියේ රාජකාරියේ නිරත වී සිටිද්දී මෙරට පාතාල ක්‍රියාකාරකම් මර්ධනය විහිළුවක් බව පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවසේ.   

 ⁣ 



Spread the love

You may also like