උණුසුම් පුවත්

කණගාටුයි කණගාටුයි ශ්‍රී ලංකා

Spread the love

වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 

ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසයි.මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසි වාරය ආරම්භ  කිරීමේ අවස්ථාවට එක්වෙමින්

ඔහු එම අදහස් පල කර තිබේ.

ඊයේ (19)ජිනීවා හිදී ඇරඹුන මෙම සැසි වාරය ලබන ජුලි 14 වන දින දක්වා පැවැත්වීමට අපේක්ෂිතය.අදාල යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයන් නිරතුරුව ශ්‍රී ලංකාවට පැමිණ සම්බන්ධතා අඛන්ඩව පවත්වාගෙන ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මානව හිමි කම් කවුන්සිලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට  ශ්‍රී ලංකා බලධරයන් දිරිමත් කරන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.


Spread the love

You may also like