හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (19)දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලදී.
2016 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුන්මුල්ල පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමෙන් මහජන පීඩාවක් සිඳු කරන ලද බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කරන ලදී
මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 11 වන දින නැවත කැඳවීමට නියමිතය.
තුන්මුල්ලේ විමලේට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ