උණුසුම් පුවත් උණුසුම් පුවත්

පොහොට්ටුව හා අලියා ගැටේ- ඒත් ආණ්ඩුව බිඳ නොවැටේ ?

Spread the love

මෙතෙක් කාලයක් රාජපක්ෂ වලව්වේ ප්‍රධාන ආරක්ෂකයකු ලෙස සිටි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉන් සේවයෙන් ඉවත්ව රනිල් හාමුගේ ⁣යටත් ⁣සේවකයකු ලෙස බවට පරිවර්තනය වී තිබෙන බව අප හට වැටහී තිබේ.

ඒ බව අපට වටහා ගන්නට හැකි වූයේ ඔහු පුවත්පතකට කළ සාකච්ඡාවක් ගැන අවධානය යොමු කරද්දීය.

ප්‍රසන්න රණතුංඟ අමාත්‍යවරයා එම  සාකච්ඡාවේදී මෙසේ පවසා තිබුණි.

“….පක්ෂය එකක් රට තව එකක්.නමුත් පක්ෂය කියන්නෙ  රාජපක්ෂලාම විතරක් නොවෙයි.අනික රාජපක්ෂ විරෝධය තියෙන්නෙ අලුත් පරපුර තුළ බව අප පක්ෂයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.පොහොට්ටුව හදන්න අපි සෑහෙන්න මහන්සි වුනා.එතැන ගම් මට්ටමේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නවා .ඔවුන් තීරණය කරල තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න ගත්තු තීන්දුව හොඳ තීන්දුවක් කියලා.ඒක වසරක් ඇතුළත පෙන්වා තිබෙනවා.ඉතිං පක්ෂයක් කියන්නෙ පොදු තීන්දුවක් එක්ක යන ගමනක්.ඒ නිසා ජනපතිවරයාට සහය දෙන්න ඕන කියන තැනක තමයි ගමේ පාක්ෂිකයන් කටයුතු කරන්නේ….”

දැන් වැඩේ තේරුම් ගන්නට කාට කාටත් පුළුවන් විය යුතුය.ඒ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඇඟට පතට නොදැනී  කරණමක් ගසා ඇති බවය.

මේ වන විටත් ආණ්ඩුවේ කෙරුවාව ගැන ප්‍රචාරය කරන්නට පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමති ප්‍රසන්න රණතුංග,ඇමති බන්දුල ගුණවර්ධන හා මන්ත්‍රී මහින්දානන්දට බාර දුන් බවද ජනාධිපති කාර්යාලීය  තොරතුරු වලින් පැවසේ.එහි මාධ්‍ය සම්බන්ධීකරණයට පත් කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,ජනාධිපති මාධ්‍ය 

 මඟ ⁣හිටියොත් තෝ නසී.ගෙදර ගියොත් අඹු නසී ……………

අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක,අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න පත් කර තිබේ.මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන සඳහා ඉඳි කළ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය යොදා ගැනීමට සැළසුම් කර ඇති බවද වාර්තා වේ.

මේ අතර නිමල් ලංසා මන්ත්‍රීවරයා ඇතුළු පොදු ජන පෙරමුණේ තව කණ්ඩායමක් රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ ඔඩොක්කු කුක්කන් බවට පත් වී ති⁣බේ.ඒ ඇමති කාංචන විජේසේකර,ඇමති ශෙහාන් සේමසිංහ ආදීන්ය.

රනිල් රාජපක්ෂ පාර්ශවයේ මෙම කුමන්ත්‍රණකාරී දේශපාලනික උපක්‍රමය පිළිබඳව පොදුජන පෙරමුණ තුළ විශාල කළකිරීමක් පැවතියද ⁣එම වැඩ පිළිවෙළට එරෙහිව නැගී සිටීමට නොහැකි වාතාවරණයක් පවතී.ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපති රනිල් රාජපක්ෂ සතුව පවතින නිසාය.

පොදු ජන පෙරමුණ දැන් සිටින්නේ මඟ ⁣හිටියොත් තෝ නසී.ගෙදර ගියොත් අඹු නසී පටලැවිල්ලේය.කෙසේ වෙතත් ජනපති රනිල් රාජපක්ෂගේ දේශපාලන ඉරණම  පිළිබඳව තීරණය ඇත්තේ පොදු ජන පෙරමුණේ නායකයන්ගේ ආත්ම ගරුත්වය හා හෘද  සාක්ෂිය මත බව පැහැදිලිය.ප්‍රශ්ණය වන්නේ පොදු ජන පෙරමුණේ නායක⁣යන්ට හෘද සාක්ෂියක් හෝ ආත්ම ගරුත්වයක් නැති කමය.


Spread the love

You may also like