උණුසුම් පුවත්

රත්ගම නේවි විදුරගේ මස්සිනාට වෙඩි ප්‍රහාරයක්- වෙඩි තැබුවේ කොස්ගොඩ සුජීවගේ ගෝලයන් බවට සැකයක්

Spread the love

අද (17) සීනිගමදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ දුලාජ් රංඟනට යතුරුපැදියකින් පැමිණි සාහසිකයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වේ.

දුලාජ් රංගන සිය කැබ් රථය සීනිගම නවතා ගෙන සිටියදී මේ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.ඔහු පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධ නේවි විදුරගේ මස්සිනාය.

පොලීසියේ ඒඇස්පී ළමාහේවා…….

දුලාජ් රංගනට වෙඩි තැබීමට හේතුව ලෙස අප වෙත ලැබී ඇති තොරතුරු වල සඳහන් වන්නේ පසුගියදා අම්බලන්ගෙොඩ  ධර්මාශෝක විද්‍යාලයේ

නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීමේ සිද්ධියට පලි ගැනීමක් ලෙස කොස්ගොඩ සුජීවගේ කල්ලිය විසින් මේ වැඩි තැබීම කළ බවය. තම මාමාට වෙඩි තබන ලද්දේ විදුර ගේ උපදෙස් මත බවට කොස්ගොඩ සුජීව සැක කරන බවද අපට මීට පෙර ආරංචි වී තිබුණි.කොස්ගොඩ සුජීවගේ මාමාට වෙඩි තැබීමට රත්ගම විදුර සම්බන්ධ බවට සුජීව වෙත තොරතුරු සපයා ඇත්තේ රහස් පොලීසියේ ඒඇස්පී ළමාහේවා බවද වාර්තා වේ.

කෙසේවෙතත් රත්ගම විදුර නාවුක හමුදාවේ සේවය කර ඉන් ඉවත්ව මෙරට සිදු කරන ලද මිනීමරුම් ගනනාවක් සම්බන්ධව චෝදනා ඇති අයෙකි.විදුර මෙරට පාතලයේ ප්‍රචලිතව සිටින්නේ සිත් පිත් නැති දාම් ඝාතකයෙක් ලෙසය. 

දැනට ඔහු විදේශගතව සිටී.කොස්ගොඩ සුජීවද ඩුබායි රාජ්‍යයේ ජීවත්වන අතර මෙරට හෙරොයින් ජාවාරමේද නිරත වේ.පසුගියදා ජාත්‍යන්තර පොලීසිය මගින් ප්‍රකාශයට පත් කරන ලද රතු වරෙන්තුකරුවන්ගේ ලැයිස්තුවේ කොස්ගොඩ සුජීවගේ නම සඳහන්ව තිබුණි.


Spread the love

You may also like