පසුගියදා අප විසින් වාර්තා කරන ලද දකුණේ පාතාලයට සමිබන්ධ තොරතුරු
ලබා ගත් මූලාශ්‍රය කවුරුන්ද යන්න ගැන ඒඇස්පී ළමාහේවා ඇතුළු පාතාලයන් දත මිටි කාගෙන සොයමින් සිටින බව දැනගන්නට තිබෙි.
පාතාලයන් කෙලෙස දැඟලුවද ඒඇස්පී ළමාහේවා “කිරි සප්පයකු” විදියට ලංකා දවසට තොරතුරු දෙන අය ගැන සෙවීම ගැන අපට කියන්නට ඇත්තේ “අනේ පව්” කියා විතරමය.
ඒඇස්පී ළමාහේවා ගේ කෙරුවාවෙන් අප ලිව්වේ සොච්චමකි.අපගේ ගොනුවේ ඇති ඔහු සම්බන්ධ තොරතුරු ලියන ලද ඒවාට වඩා වැඩිය.ඒ දොඩන්දූව ප්‍රදේශවාසීන් ලියන ලද අනවසර ඉඩම් ගොඩ කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට එවා ඇති පෙත්සම් තොගයට අමතරවය.ඒ පෙත්සම් අතරේ දොඩන්දූව පොල්ගස්දූව ආරන්‍යයේ වැඩ විසූ ජර්මන් ජාතික ස්වාමින්වහන්සේ අභිරහස් ලෙස මිය යාම පිළිබඳව සිදු කළ පොලිස් පරීක්ෂණ යටපත් කර සත්‍යය වසන් කිරීම ගැන අනාවරණය කිරීම්ද වේ.
මේවා ගැන පරීක්ෂණ ඇරඹෙන්නට නම් නීතිය සාමය ආරක්ෂා කරන ආණ්ඩුවක් මේ රටේ තිබිය යුතුය.
පාතාලයන්ටද අපට කියන්නට ඇත්තේ අප ගැන සොයනවාට වඩා ඔහේලාගේ ගණුදෙනු ඔහේලා විසින්ම විසඳාගන්නා එක ඇඟට පතට හොඳ බවය.
අපට පාතාලය ගැන හා දූෂිත පොලිස් නිළධාරීන් ගැන තොරතුරු දැනගන්නට අප බොහෝ විට සම්බන්ධ කරගන්නේ මෙරට බුද්ධි සේවාවන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.එසේත් නැතහොත් ඒ ඒ ප්‍රදේශවල බුද්ධි සේවා නිළධාරීන්ය.මෙරට දකුණේ සිට උතුර දක්වා අප හට නිල තොරතුරු සපයන
බුද්ධි නිළධාරීන් විශාල පිරිසක් සිටී.
දූෂිත පොලිස් නිළධාරීන් හා පාතාලය ගැන හා ඔවුන් ගේ කෙරුවාව ගැන තොරතුරු ඔවුන් ගේ ගොනු වල තිබේ.
දූෂිත පොලිස් නිළධාරීන් හා පාතාලය උදේට කන කෑම වේලේ සිට රාත්‍රියේ නින්දට යන තුරු බුද්ධි සේවා උකුසු ඇස් අවදියෙන් බව සිතා ගන්නේ නම් හොදය.හිටපු සීඅයිඒ ලොක්කෙක් වුන කෝල්බි කියපු කතාවක් ඒඇස්පී ළමාහේවාට මතක් කර දීමට අප කැමතිය.” හැම තිස්සෙම මොකෙක් හරි පස්සෙන් එනවා වගේ දැනෙනවා.තමන් ගැන තමන් බලා ගන්න ඕන.නැතිනම් මැරුම් කන්න වෙනවා.එහෙමත් නැතිනම් කවද හරි හිරේ විලංගුවෙ ලගින්න වෙනවා.එහෙමත් නැතිනමි පිස්සු හැදෙනවා යැයි කෝල්බි පවසා තිබේ.
උප සේවයෙන් පොලිස් සේවාවට එක්වූ ඒඇස්පී ළමාහේවා සීඅයිඒ කෝලිබි වැනි වෘත්තිකයන් ගැන නොදන්නා බව අපි දනිමු.ඒ සමග ඒඇස්පී ළමාහේවාට අපට සිහිපත් කරන්නට තියෙන්නේ ලෝ වැඩ සඟරාවේ තියෙන කකුළුවා වතුර උණු වෙන තුරු නටමින් සිටින බව කියවෙන කවියයි.
වෙරි සොරි ඒඇස්පී ළමාහේවා …..තමන් ගැන තමන් බලා ගත්තා නම් හරිය.
බුද්ධි වාර්තා පදනම් කරගනිමින් අප ලියන ලද වාර්තා අසත්‍ය නම් එහි නම් සඳහන් ඕනෑම අයෙකුට පුද්ගලයෙකුට හෝ සංවිධානයකට අපට කතා කර තමන්ගේ නිර්දෝශී බව ප්‍රකාශ කරන්නට පුළුවන.අපි ඒ වෙනුවෙන්ද පෙනී සිටින බව සිහිපත් කරමු.
වෙරි සොරි ඒඇස්පී ළමාහේවා- මොනිටසෝරි ළමයෙක් වෙන්න එපා හලෝ