උණුසුම් පුවත් උණුසුම් පුවත්

එංගලන්තයේ පැවති අන්තර් ජාතික පොලිස් සංගම් ක්‍රිඩා උලෙලට සහභාගිවීමට ගිය පොලීසියේ හතරක් අතුරුදන් වේ

Spread the love

ජාත්‍යන්තර පොලීසිය විසින් සංවිධානය කරන ලද අන්තර් ජාතික පොලිස් සංගම් ක්‍රිඩා උලෙලට එක්සත් රාජධානියට ගිය පොලිස් නිළධාරීන් 6දෙනෙකුගෙන් 4 දෙනෙකු ආපසු මෙරට පැමිණ නැති බව වාර්තා වේ.

එසේ ආපසු පැමිණ නැත්තේ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු  හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ වන විට එම පොලිස් නිළධාරීන් ගේ වැඩ තහනම් කර ඔවුන් සමිබන්ධයෙන් විමර්ෂණයක් අරඹා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් කිහිප දෙනෙකු ඇතූළු ⁣ඡ්‍යෙෂ්ඨයන් ගණනාවක්ද මේ වන විට විදේශගත පුහුණුවීම් වලට ගොස් නැවත මෙරටට පැමිණ නැති බවද දැන ගැන්මට තිබේ.

පසුගියදා ජාත්‍යන්තර  මලල ක්‍රීඩා උත්සවයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයෙක්ද මෙරට ආපසු නොපැමිණ අතුරුදන් වී ඇති බවට වාර්තා විය.

පසුගියදා ප්‍රකාශයට පත් වූ මාධ්‍ය වාර්තාවක සඳහන්  වූයේ මෙරට පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයන් දැඩි මානසික පීඩාවකින් සේවය කරන බවය.පොලීසියේ හා හමුදා සාමාජිකයන් නොදන්වා සේවය අත්  හැර  යාමේ වැඩි ප්‍රවණතාවක්ද මේ වන විට වාර්තා වේ.

මේ වටපිටාව යටතේ හෙට දවසේදී  පොලිස්පතිවරයා හමුදාපතිවරයා ආදී හමුදා පොලිස් ඡ්‍යෙෂ්ඨයන් පවා විදේශ සංචාරවල සහභාගි වීමට ගියහොත් මෙරටට ආපසු නොපැමිණ අතුරුදන් වේදැයි ලංකා දවසට සැකයක් පවතී.


Spread the love

You may also like