උණුසුම් පුවත්

මහර හිර ගෙදර නේවාසිකයන් මරා දැමු සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වේ.

Spread the love

කොවිඩ් සමයේදී මහර බන්ධනාගාර පරිශ්‍රය තුළදී නේවාසිකයන් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා එම සිදු වීමෙන් මිය ගිය සම්පත් කුමාර නම් නේවාසිකයාගේ බිරිඳ වන එම්.ජී.ලසන්ති විසින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය අප්‍රේල් 26 වන දින මෙම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට අධිකරණය විසින් නියෝග කර ඇතත් මේ වන විටත් පොලීසිය කිසිම සැකකරුවකු අත් අඩංගුවට ගැනීම⁣ට ක්‍රියා කර නැති බව පෙත්සම්කාරිය කියා සිටී.

පොලිස් පතිවරයා,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා මෙම රිට් පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස සඳහන් කර ඇත.  


Spread the love

You may also like