අද (13) දින ආණ්ඩුවට සම්බන්ධ සියළුම පක්ෂ ජනපතිවරයා විසින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ.පොදු ජන පෙරමුණ හා ආණ්ඩුව අතර ඇතිවී තිපබෙන දේශපාලනික ආරවුල විසඳා ගැනීමේ මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙි.
පොදුජන පෙරමුණ හා ජනපති රනිල් රාජපක්ෂ අතර පවතින දේශපාලනික ආරවුල විසඳීමට නොහැකි තත්වයක් උදාවුව හොත් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනපතිවරයා අදහස් කර ඇති බව ජනාධිපති කාර්යාලීය අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් ලංකා දවස වෙත දැන ගැන්මට ලැබී තිබේ.
පසුගියදා ජනාධිපතිවරයා විසින් පොදුජන පෙරමුනේ දිස්ත්‍රික් නායකයන් කැඳවා තිබූ රැස්වීමට සහභාගි වූයේ පවිත්‍රා වන්නිආරච්චි,මහින්දානන්ද අළුත්ගමගේ,තේනුක විදානගමගේ , ප්‍රසන්න රණතුංග,කාංචන විජේසේකර ආදී කිහිප දෙනෙක් පමණය.පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මෙම රැස්වීම ගැන මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ පොදු ජන පෙරමුණට සම්බන්ධ දිස්ත්‍රික් නායකයන් කැඳවීමට කිසිවෙකුට නොහැකි බවත් ඒ සඳහා පක්ෂයේ අනුමැතිය තිබිය යුතු බවය.මෙහිදී සාගර කාරියවසම් ”කිසිවෙකු” යනුවෙන් අදහස් කරන ලද්දේ ජනපතිවරයා පිළිබඳව බව පැහැදිලිය.
එම රැස්වීම සම්බන්ධයෙන් ලංකා දවසට ලැබුණ තොරතුරු අනුව එය සංවිධානය කරන ලද්දේ ප්‍රසන්න රණතුංඟ ඇමතිවරයා හා ලන්සා මන්ත්‍රීවරයා වෙි.මේ දෙදෙනා පොදු ජන පෙරමුණේ දේශපාලනයෙන් ඉවත්ව ජනපතිවරයාගේ පාර්ශවය වෙත සම්බන්ධ වී සිටී.
පොදු ජන පෙරමුනේ ඡ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය තනතුරු දෙන ලෙසට ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් ජනපතිවරයා විසින් ඒ ඉල්ලීම නොසලකා හැරීම ගැන පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨයන් මේ වන විට සිටින්නේද දැඩි කළකිරීමකිනි.
මේ වටපිටාව තුළ තව දුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරවා හැරිය යුතු බව ජනපතිවරයාගේ අදහස වී තිබේ.කප්පම් දේශපාලනයට තමන් අකමැති බවද ජනපතිවරයා මෙහිදී සිය සමීපතමයන්ට පවසා තිබේ.එහෙත් ජනපතිවරයාගේ සමීපතමයන් ගේ අදහස වී ඇත්තේ මතුව තිබෙන ප්‍රශ්ණය සාකච්ඡා කර විසඳා ගත යුතු බවය.කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරවා හරින බවට වූ තුරුම්බුව තුළ පොදු ජන පෙරමුණේ දේශපාලන කෙනහිළිකම් අවසන් කරනු ඇතැයිද ඔවුන්ගේ අදහස වී තිබේ.අද ජනපතිවරයා හා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ අතර පවතින සාකච්ඡාවේදී දැනට උද්ගත වී ඇති මේ
ආරවුල පිළිබඳව අවසන් විසඳුමකට එළඹෙනු ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.
Sent from Yahoo Mail for iPhone