උණුසුම් පුවත්

ජනපතිකම් අහිමි වූ දවසක රනිල්ට ජම්පරය අන්දන්නට නීතිඥවරුන් පිරිසක් සූදාන⁣ම් වේ

Spread the love

මෙරට ආණ්ඩු බලය ජනපති රනිල් වික්‍රමසිංහ අහිමි වීමෙන් පසුව බලයේ සිටියදී ඔහු විසින් සිදු කරන ලද  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම්  සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයන් රැසක් සැළසුම් කරමින් සිටින බවට ලංකා දවසට වාර්තා වේ.  

 ඒ සම්බන්ධයෙන් එම නීතිඥයන් අතර පැවැති සාකච්ඡාවේදී ජනපති රනිල් රාජපක්ෂගේ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට මැදිහත් වූ රාජ්‍ය නිළධාරීන්ටද එරෙහිවද නීතිමය ක්‍රියා මාර්ග ගත යුතු බවටද එහිදී තීරණය කර තිබේ.

මේ වන විට එම නීතිඥයන් පිරිස මේ ආණ්ඩුව සිඳු කරන ලද ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ අවස්ථා පිළිබඳව

වූ චෝදනා  ගොනු කරමින් සිටී.මෙම නීතිඥ පිරිස සමග දේශපාලනිකව කීර්ති නාමයක් හිමි කරගත් ප්‍රබල දේශපාලඥයන් ගනනාවක් සිටින බවද වාර්තා වේ.

නිර්දේශපාලනික නීතිඥ වරුන් පිරිසක් වන මේ පිරිසගේ අදහස වී ඇත්තේ  මෙරට බලයට පත්වන ජනපතිවරුන් විසින් විධායක බලය ආවරණය කර ගනිමින් සිදු කරන අත්තනෝමතික ක්‍රියා වැලැක්වීමත් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයන්  පවතින ආණ්ඩුවෙි වහලුන් ලෙස ක්‍රියා කිරීම වැලැක්වීමත්ය.


Spread the love

You may also like