උණුසුම් පුවත් උණුසුම් පුවත්

සජින් වාස් හැංඟිලා – අධිකරණයේ පිස්කල් තැන අධිකරණයට දන්වයි

Spread the love

කෝටි තුනක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ⁣චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පදිංචිය වෙනස් කර හෙයින් නව ලිපිනය සොයා ගෙන ඉදිරිපත් කරන ලෙසට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කරන ලදී.

මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය කරන ලද්දේ හිටපු මන්ත්‍රීවරයා පදිංචි සිටි නිවස අත් හැර ගොස් ඇති බවට අධිකරණ පිස්කල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලමිනි.

හිටපු මන්ත්‍රිවරයාට ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිළධාරීන්  දෙදෙනෙකු විසින් මේ වන විටත් ආරක්ෂාව සැපයේ.මෑතකදී ජනපති රනිල් රාජපක්ෂ ඔහු දැනට පදිංචිව සිටින අතුරුගිරිය නිවසට ගොස් පැය පහක පමණ කාලයක් එහි රැඳී සිට රාත්‍රී භෝජනය පවා ගත් බවද අප වෙත වාර්තා ⁣වී තිබේ.⁣


Spread the love

You may also like