උණුසුම් පුවත් දේශපාලන

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කැඳවමින් ජනපතිවරයා විසින් සංවිධානය කර තිබූ රැස්වීම අංජබජල් වේ.

Spread the love

ජනපතිවරයා විසින් අද කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ රැස්වීමට පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨයන් ගණනාවක් සහභාගි නොවූ බව වාර්තා වේ.මෙම රැස්‍වීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හා ලන්සා මන්ත්‍රීවරයා වෙි.මේ දෙදෙනා මේ වන විට ජනපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන බව අනාවරණය වේ.

මෙම රැස්වීම පොදු ජන පෙරමුණ වර්ජනය කිරීමට හේතුව පක්ෂ⁣යේ ඡ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය තනතුරු දීම ජනපතිවරයා විසින් නොසළකා හැරීම බව පුකාශ වේ.ජනපති වරයා විසින් කැඳවූයේ යැයි පැවසෙන මෙම රැස්වීම සම්බන්ධව මීට පෙර පොදු ජන පෙරමුණේ ලේකම්වරයා විසින් අදහස් දක්වා තිබුණේ ජනපතිවරයාට අවශ්‍ය නම් කැබිනට් අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු රැස්වීම් වලට කැඳවිය හැකි නමුත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා නියමිත ක්‍රියා පරිපාටියක් පවතින බවත් ඉන් පිටස්තරව ජනපතිවරයාට පොදු ⁣ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැස්වීම් වලට කැඳවිය නොහැකි බවය.වැඩිදුරටත් ජනපති වරයා එසේ රැස්වීමක් කැඳවා තිබීම පිළිබඳවද එහිදී සාගර කාරියවසම් කණගාටුව ප්‍රකාශ කර තිබුණි.

ලංකා දවසට වාර්තා වන ආකාරයට මෙි වන විට පොදු ජන පෙරමුණ අතර පැහැදිලි බෙදීමක් ඇති වී තිබේ.මින් එක පාර්ශවයක් ජනපතිවරයා සම්බන්ධව සිටින අතර අනෙක් පාර්ශවය රාජපක්ෂ කඳවුර නියෝජනය කරයි.රාජපක්ෂ පාර්ශවය  පාර්ලිමේන්තුව තුළ පවතින තමන්ගේ බලය ප්‍රදර්ශනය කරමින් ජනපතිවරයා ගේ විධායක බලය අභියෝගයට ලක් කරමින් සිටී.එහෙත් එහිදී ඔවුන් ජනපතිවරයා සමග මුහුණට මුහුණ සටනකට අවතීර්ණ නොවේ.ඒ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ බලය මේ වන විට ජනපතිවරයා හට පවතින බැවිනි.පොදු ජන පෙරමුණ මේ වන විට ජනපතිවරයා  සමග හොරා පොලිස් සෙල්ලම කරන බව කරන බව පෙනී යයි.ඔවුන් මේ සෙල්ලම කරන්නේ පාර්ලිමේන්තුව විසුරවා නොහැරිය යුතුය යන කොන්දේසිය යටතේය.


Spread the love

You may also like