උණුසුම් පුවත් උණුසුම් පුවත්

සමූපකාර රක්ෂණේ නව සභාපතිට වෙඩි තැබීමට සම්බන්ධ මාතර චමින්ද රජ ගහේ බඩුවක් හොඳේ

Spread the love

සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට ගිය පුද්ගලයෙකුට මීගොඩදී වෙඩි තැබූ බව පසුගියදා වාර්තා විය.එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට සැකකරුවන් තුන්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.ඒ සැකකරුවන් අතරේ හමුදා සෙබලකුද බස් කොන්දොස්තර වරයෙකුද එම වෙඩි තැබීමට කොන්ත්‍රාතුව දුන් මාතර චමින්ද ගුණසේකර වේ.

අප ලියන්නේ මේ මාතර චමින්ද ගැනය.

ඒ මන්ද යත් මාතර චමින්ද පොලිස් අත් අඩංගුවට ගත්තාට ඔහුගේ පැටිකිරිය ගැන පොලීසියට හොයන්නට නොහැකි වන නිසාය.එය පොලීසියේ නොහැකියාව ලෙස සිතිය යුතු නැත.

අපරාධයක් පිළිබඳව විමර්ෂනය කරන විට අදාල අපරාධ සිද්ධියට සම්බන්ධ වී ඇති සැකකරු දේශපාලනික සබඳතා ඇති තැනැත්තකු නම් ඒ ගැන  විමර්ෂණය කරන පොලිස් නිළධාරීන් ඉහළින් එන නියෝග වලට අනුව හැසිරෙන එකත් ඒ නියෝග වලට යටත්ව අපරාධ විමර්ෂණය සිදු වෙන බවත් එහිදී සැකකාරයන් කට උත්තර ගෙන ලහි ලහියේ බන්ධනාගාර ගත කිරීම සිදුවන බවත් සාමාන්‍ය සිදුවීමකි.

අපරාධයක සැකකරු ප්‍රභූ වරයකු හෝ ප්‍රභූ සම්බන්ධතා තිබෙන අයකු නම් මේ ක්‍රියාවලිය අධි වේගයෙන් සිද්ධ වේ.  

මීගොඩ වෙඩි තැබීමේ අපරාධය හා සමිබන්ධ පොලිස් පරීක්ෂණද සිද්ධ වෙන්නේ අධිවේගයෙනි.මෙම සිද්ධියට සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇති එක සැකකරුවකු වන චමින්ද ගුණසේකර මාතර සමුපකාර රෝහළහි සභාපතිවරයා වේ.මොහු වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා ගේ මෙන්ම බැසිල් රාජපක්ෂගේ ගජ මිතුරු සමීපතමයෙකි.බැසිල් රාජපක්ෂ විසින් වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මාතර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරද්දී  මේ චමින්ද ගුණසේකර හඳුන්වා දී ඇති අතර එදා සිට පොලිස්පති හා චමින්ද අතරද එක පතේ කන යාළු කමක් පැවතෙන බවද තතු දන්නන් පවසයි.

මාතර සමූපකාර රෝහළෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන චමින්ද  ගුණසේකර පෞද්ගලික හෙදියන් පුහුණු කිරීමේ ආයතනයක් පවත්වාගෙන ගිය බවත් මෙහි පුහුණුවට එන අහිංසක තරුණ කෙල්ලන් දේශපාලඥයන් වෛද්‍යවරුන් හා ටියුෂන් ගුරුවරුන්ට සම්බන්ධ කර ගණිකා වෘත්තියේ යෙදවීමට ක්‍රියා කර ඉන්  විශාල ආදායමක් උපයා ගෙන ඇති බව අනාවරණය වෙි.මොහුට මේ වන විටත් මාතර මහාධිකරණයේ අධිචෝදනා ඉදිරිපත් කෙරුණ අපරාධ නඩුවක්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු දෙකක් විභාග වෙමින් පවතී.

මොහු විසින් සපයන ගණිකා සේවාවේ ප්‍රධාන ගැණුම්කරුවකු වන්නේ වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා උන්නැහේය.එතුමාණන් මාරම ස්ත්‍රී ලොල්ලෙකු  බව මාතර ජනතාවට රහසක්ද නොවේ.පුත්‍රයාද එසේමය.

අප්පලා පුතාලා රති රහ විඳින්නේ මෙන්න මේ චමින්ද  ගුණසේකර නිසාය. ඒ නිසාම චමින්ද ගුණසේකර ලක්ෂ්මන් යාපා පවුලේ හෙවනැල්ල වාගේය.

කොස්ගොඩ තාරක විසින් සිදු කළ මාතර බැංකු මංකොල්ලයකදී පොලිස් නිළධාරියෙකුට වෙඩි තබා ඝාතනය කෙරිණි.එම මංකොල්ලයට සම්බන්ධ වේයන්ගොඩ චාමර නැමැත්තා පොලීසිය මගින් එදිනම අත් අඩංගුවට ගන්නා ලදී.පසුව ඔහු පොලිස් අත් අඩංගුවෙන් පලා යාමට උත්සාහ කරන ලදැයි ⁣පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.වේයන්ගොඩ චාමර අත් අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබි ටී පනස් හය වර්ගයේ අවිය ඔහුට සපයා තිබූණේ මාතර චමින්ද ගුණසේකර බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබුණි.එහෙත් පොලීසියේ ඉහළින් ආ නියෝග මත චම්න්ද අත් අඩංගුවට නොගත් අතර චාමර ඝාතනය කිරීමෙන් සියල්ල යටපත් කෙරිණි.චාමර හට එම ගිණි අවිය ලබා දී තිබුණේ ලක්ෂමන් යාපා බව කියවේ.

බලපි⁣ටියේ ප්‍රසිද්ධ හෙරොයින් ජාවරම්කරුවකු වන චීවරධාරී වාස හාමුදුරුවන්ගේ පාතාල ජාවාරම්වල සාමාජිකයකු ලෙසද චමින්ද ගුණසේකර සමිබන්ධ බවටද අප හට තොරතුරු ලැබී තිබේ.

මේ චම්න්ද ගුණසේකර සතුව පවතින දේපොළ හා යාන වාහන පිළිබඳවද මාතර ප්‍රදේශවාසීන් බොහොමයක් තුළ පවතින්නේ බරපතල සැකයකි.මොහු මීට අවුරුදු පහකට හයකට පෙර තැපැල් නයින්⁣ටියකින් සිය ගමන් බිමන් වලින් නිරත වූ අයෙකි.එවැන්නකු  ඉතා කෙටි කාලයකදී මහා වස්තු සම්භාරයක් ඇත්තෙකු බවට පරිවර්තනය වීම ගැන සෙවිය යුතු වන්නේ පොලීසියේ මුදල් විශුද්ධිකරණ ඒකකයි.එහෙත් එය මෙලෝ සම්මෙකට සිදු නොවන බවද අපට විශ්වාසය.ඒ එවැනි විමර්ෂණයක්

කළ හොත් එහි කෙළවර සිටින්නේ ලක්ෂමන් යාපා අබේවර්ධන ගරු මැතිදු නිසාය.  

අප චමින්ද ගුණසේකර ගැන මේ හදිසියේ ලිව්වේ ⁣මීගොඩ වෙඩි තැබීමේ සිදුවීමට  අත් අඩංගුවට ගත්තාට ඔහුගේ පාතාල පැටිකිරිය හොයන්නට පොලීසියට අවස්ථාවක් නොලැබෙන නිසාය.එහෙම හොයන්න ගියොත් පොලිස්පති චන්දන වික්‍රමරත්නට කේන්ති යන්ටත් පුළුවන.ඒත් අප මෙහෙම මේ සැඟවුන සත්‍යය අනාවරණය කරන්නේ කාගෙ කාගේත් කෙරුවාව හෙළිදරව් කරන්ටය.

පොලීසියේ පොල්ලේ නීතිය ක්‍රියාත්මක වන්නේ බඩගින්නට හොරෙන් පොල් ගෙඩියක් කඩා ගත්තු අසරණයාට පමණක් වන නිසාය.



Spread the love

You may also like