උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජඩ මාධ්‍යයේ වාචාල ගිරා පෝතකයන්ගේ සිංහල බෞද්ධ උන්මාදය බරපතළයි

Spread the love

දවසේ පත්තර අහුර හැම උදෑසනකම වාහිනීවල කියවීම දැන් ස්ටැයිල් එකකි.

පත්තර කියවන ගිරා මාක් ⁣නිවේදකයන් මාර පොරවල්ය.නොදන්නා දෙයක් නැත.නීතිය,විද්‍යාව,ආගම,සංස්කෘතිය ආදී හැම මගුලක් ගැනම දන්නා වැඩ්ඩන්ය.නොදන්නේ ඔවුන් කිසි දෙයක් ගැන නොදන්නා බව පමණකි.බ්‍රේක් නැති වාචාල කටත් ඇට නැති හන්දා හැට පැත්තකට නැවෙන දිවත් තිබුණාට මහා ප්‍රාඥයකු නොවන බව මේ පොරවල් වලට දැනීමක් අවබෝධයක් නැත.

පත්තරේ පල වී ඇති නිවුස් එක කියවන මේ පොරවල් කියවන ඒ නිවුස් එකේ තිබෙන වාර්තාව ගැන තමන්ගේ නිර්දේශ පවා ඉදිරිපත් කරති.⁣ස්ත්‍රී දූෂණයක් ගැන ඒ ප්‍රවෘත්තියේ සඳහන්ව තිබේ නම් සැකකරුගේ “අරක” කපා දැමිය යුතු යැයි පොලීසියට ⁣යෝජනා කරයි.ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ මිනීමැරුමක් නම් සැකකරු ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතු යැයි නඩුකාරයන්ට ඇහෙන්ට පවසයි.කාන්තාවක වැරැද්දක් කර ඇතැයි සඳහන් ප්‍රවෘත්තියක් මේ ගිරවුන්ට කියවීමට චාන්ස් වැදුන දවසට වෙස්සන්තර ජාතකයේ මන්ද්‍රී දේවිය ගැන සිට ⁣යසෝදරා දක්වා ගුණ යහපත් කම ගැන වූ ආදර්ශ චරිත ගැන සිහිපත්  කර  මුළු රටේම ගෑණු පරාණ සිංහල බෞද්ධ උපාසිකාවන් ලෙස ජීවත්විය යුතු බවට නියෝග පමුණවයි.

මේ ගිරවුන්ගේ උදෑසන පත්තර කියවීම ජාති ආලයෙන් පත්තු වෙන්නේ උතුරු නැගෙනහිරට අදාලව ප්‍රවෘත්තියක් පල වී තියෙන දිනටය.උතුරු නැගෙනහිර  සම්බන්ධ ඥාතිත්වයක් පවතින සිවිල් නාමධාරියකු  හෝ සංවිධානයක්

යම් වැරැද්දක් කර ඇති බවට පුවත් පත් වාර්තා කළ දිනයට මේ පොරවල් ඒ ප්‍රවෘත්තිය කියවන්නේ සිංහල බෞද්ධ උපාසක හෙණ්ඩුව අතට අරගෙනය.හැබෑවටම මේ ⁣වස්සන් ජාතිවාදය ආගම් භේදය අවුස්සන්නේ හීනියටය.ඇඟට පතට නොදැනීය.

ස්වර්ණවාහිනියේ අයිතිකාරයා ලයිකා මොබයිල් කාරයාය.වැඩේ කියන්නේ ස්වර්ණවාහිනියේ පාන්දර පත්තර කියවන එකාට  ‘සිංහල බෞද්ධ නිවුස්” එකක් දැක්කාම තමන්ට පඩි ගෙවන්නේ මොන ජාතියේ එකෙක්ද කියන එක අමතක වෙන එකත් මාර ආතල්ය.

සියත වාහිනියේ ටෙලි  වැකියෙන් මේ රටේ තියෙන වංචාව දූෂණය හෙළිදරව් කරමින් කා⁣ට කාටත් රිදෙන්නට කතා කරයි.ඒත් ඒ අපූරු ටෙලි වැකිය ඉදිරිපත් කර විනාඩි ගනනක් ගෙවන්නට පෙර පත්තර කියවන්න එන්නේ ගිරා පෝතක රංඟනය.මේ හාදයා කරන්නේ සියත වැසිකිළියේ අසූචි  කටට අ⁣රගෙන රට පුරා විසි කරන එකය.හිරු හා දෙරණ උදෑසන පත්තර කියවන වුන් කෝමත් හැමදාම පත්තර කියවන්නේ වැසිකිලි ගලියේ බැහැලාය.ඒවා ගැන අමුතු රෙකමදාරු අවශ්‍ය නැත.

අද ජුනි මස 12 දාය.සියත පත්තරේ අද වැඩසටහනේදී රංඟනගේ ඇහැට අහුවන නිවුස් එකක තිබුනේ තද තීන්දුවකට පෙර ජනපතිට ජුලි 30 තෙක් කල් දෙයි.එම නිවුස් එක කියවූ ගමන් රංඟන ඇවිස්සිනි.පොර ඒ නිවුස් එක කියවා ටීඑන්ඒ එකට “සිංහල බෞද්ධ” අවවාදය කෙරුවේ “ටීන්ඒ එක තරම පෙන්නන්ට ගිය ටීඑන්ඒ එක තමන්ගේ තරමට වඩා ඉදිමෙන්නට ගිය අවස්ථා හොඳට මතකය” කියාය.දෙකට දෙවාරයට අහගෙන ඉන්න මනුස්සයෙකුට මේ වචන සැට් එකේ බරපතල කමක් ඔළුවට එන්නේ නැත.

ඒත් එය හොඳට කිරා මැණ බලා හිතන කෙනෙකුට රංඟන කාගෙ කාගේත් ඔළුවට දාන මෙලේච්ඡ ජාති ආලය ගැන අදහසක් ගන්නට පුළුවන.ඊළඟ නිවුස් එකද උතුරු නැගෙනහිරට සම්බන්ධය.එහි සිරස්තලය තිබුණේ ලබන 1 දා සිට සිකුරාදා- ඉරිදාා  යාපනයේ ටියුෂන් නෑ යනුවෙනි.මේ නිවුස් එක කියවූ රංගන ,”ගත යුතු තීන්දු තීරණ ගන්⁣ට ඕන.”අපි ඒ ගොල්ල ගත්තු” තීන්දුව පැත්තකින් තියමු ” යැයි පැවසූවේය.රංඟන ‘ඒ ගොල්ලො යැයි” එහිදී පැවසුවේ යාපනයේ ජීවත්වෙන්නේ  ශ්‍රී ලාංකිකයන් නොවන බවට ඔහුගේ හිතේ පැළපදියම් වී ති⁣යෙන නිසාය.⁣හැමදාම පාන්දර වාහිනීවල පත්තර  කියවන එවුන් ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ ඔන්න ⁣ඔහොම ඇඟට පතට නොදැනීය.

වඳ කොත්තු වඳ සැත්කම් ගැන පාන්දර හිස් බඩේ රට ගිණි ඇවිලුවේද මේ ගිරවුන්ය.පසුගියදා ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එරෙහිව මඩ තොග ගානට පැකට් කර රට පුරා විසිරවූ හැටිද අපි දුටුවෙමු.ගජේන්ද්‍ර පොන්නම්බලම් පැවැත්වූ රැස්වීමකට සිවිල් ඇඳුමෙන් සැරසුන ⁣බුද්ධි අංශ නිළධාරින් යැයි කියවෙන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණීමත් සමගම රැස්වීමේ සිටි අය ඔවුන්ගේ අනන්‍යතාව පැහැදිලි කර ගැනීමට හැඳුනුම්පත් ඉල්ලීම ප්‍රශ්ණයක් බවට බවට පත්විය.ඒ ප්‍රශ්ණයේ වැරදිකාරයා ලෙස ජඩ මාද්‍ය හුවා දැක්වූයේ ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.මෙවැනි සිදධියකට අපට මුහුණ දීමට සිදු වුව⁣හොත් අපද ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයා විදියටම ගේම ඉල්ලන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එරෙහිව ඔහු දඬු කඳේ ගසන්නට ඕනෑය කියා පෝලිම් වුන සියල්ලන්ටම දකුණේ සිද්ධ වුන ඔය හැඩයේ සිදුවීම් ගැන ඕනෑ තරම් මතක් කරන්නට පුළුවන.

මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අවදියේ අක්මීමන පැවැත්වූ රැස්වීමකදී එහි සිටි ජාතික බුද්ධි සේවාවේ නිළධාරියකු එළවා දැමුවේ ප්‍රසිද්ධියේය.ඒ එළවා දැමීම මනූෂ නානායක්කාර සිද්ධ කෙරුවේ එම නිළධාරියාට ප්‍රසිද්ධියේ අපහාස කර බැණ වදිමිනි.මන්ත්‍රීවරයා ජාතික බුද්ධි සේවා නිළධාරියා එසේ එලවා දමන විට එහි සිටි පිරිස එම නිළධාරියාට හූ කියන ලද ආකාරයද කාට කාටත් අමතක වුනාට අපට තවමත් මතකය.ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ එඩ්වඩ් ගුණසේකර නීති විරෝධී රැස්වීමක් පවත්වද්දී එහි පැමිණි උප පොලිස් පරීක්ෂක වරයෙකු මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත ඉල්ලූ විට එහි සිටි මන්ත්‍රීවරයාගේ හෙංචයියන් විසින් එම පොලිස් පරීක්ෂකවරයා   එලවා දමන ලද්⁣දේ හූ කියමිනි.අපහාස කරමිනි.

මනූෂ නානායක්කාර බුද්ධි සේවාවේ නිළධාරියකු එළවා දැමීම වීරකමකි.ගජේන්ද්‍ර පොන්නම්බලම් බුද්ධි සේවා නිළධාරියකු ගේ හැඳුනුම්පත ඉල්ලීම පච්ච පීචං වැඩකි.වාහිනී වල උදෑසන පත්තර කියවන වාචාල ගිරවුන් හිතන්නේ එහෙමය.

මේ සියළු සිදුවීම් ගැන පත්තර වල පල වී තිබූ  නිවුස් ටික වාහිනී වල ගිරා පෝතකයන් කියවද්දී ඔවුන් ප්‍රදර්ශනය කරන ශරීර භාෂාව හා වාචාල කයිවාරුව දකින අසන  අප තුළ හැමදාම පැවතුනේ “තුක් නොදකින් මේ කාලකණ්නි”යන සිතුවිල්ලය.  

හැම උදෑසනකම මේ ජඩයන් හීනියට අවුස්සන ජාතිවාදය හා ආගම්වාදය වහා නැවැත්වීමට කටයුතු කළ යුතුමය.මෙවැනි අසික්කිත මාධ්‍යකරණයට ⁣එරෙහිව මැදිහත් විය හැකි හොඳ යෝජනාවක්  අප සතුව තිබේ.ඒ මෙම වාහිනීවලට ප්‍රචාරක දැන්වීමි දෙන සිංහල බෞද්ධ  කැ⁣ටගරියට අයත් නොවන සමාගම් වලින් එම දැන්වීම් ලබා දීම අත්හිටුවීමය.එහෙමවත් මේ ජඩ මාධ්‍යයේ තක්කඩි සිංහල බෞද්ධ උන්මාදය අවසන් කළ යුතුය. 


Spread the love

You may also like