උණුසුම් පුවත් උණුසුම් පුවත්

කෙහෙළියගේ උපදේශකයන් ලේක්හවුස් එකෙන් හොරට පඩි අරගෙන බව කෝප් කමිටුවේදී හෙළිවේ. මේ උපදේශකයන් පුරාවිද්‍යා මංකොල්ලයකටද මාට්ටු වෙලා

Spread the love

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ආණ්ඩුවේ රෙදි හෝදන්නට හරිම දක්ෂය.ඒත් මේ උන්දෑ අඳින්නේ හතර අතේ ගඳ ගස්සන ⁣කිළිටි රෙදිය.එක වතාවක විදේශ සංචාරයකදී කොටු පනින්නට ගොස් උඩු මහලකින් බිම වැටී ගාත් දෙකම කඩා ගත්තේය.ඒ ගාත් දෙක කඩා ගත්තාට බේත් හේත් කෙරුවේ ජනාධිපති අර මුදලින් කෝටි එකහමාරක් අරගෙනය.

ඒත් වැඩේ නෝන්ඩා වුනාට පසුව ඒ මුදල ආපසු රිටර්න් කරන ලදී.කෙහෙළිිය ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවදියේ රූපවාහිනියේ නාට්‍යයක් ප්‍රචාරය කර ගැනීමට නිළියන් දොළ පිදේනි ලෙස ලබා ගත් බවද ඒ ක්ෂේත්‍රයේ කාට  කාටත් රහසක් නොවීය.හැට පැන්නත් බිම ගමන් ⁣යන්නේ නැතැයි කියන්නේ වඳුරාටය.⁣කෙහෙළියත් ඒ වගේ බඩුවකි.

ඊයේ පෙරේදා රැස්වූ කෝප් කමිටු රැස්වීමකදීද කෙහෙළිය රඹුක්වැල්ලේගේ තවත් හපන්කමක් හෙළි විය.ඒ 2020 දෙසැම්බර් 17 වන දින සිට ලේක්හවුස් ආයතනයට බඳවාගෙන ඇමති කෙහෙළියගේ උපදේශකයන් ලෙස කටයුතු  කරන ලදැයි කියන පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 18 කට වැඩි මුදලක් ගෙවා ඇති බවය.මේ දෙදෙනා ටොප් ක්ලාස් හොරු දෙන්නෙකි.මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ මාලිගා භූමියේ තිබූ ඓතිහාසික සඳගල සොරකම් කර එය කුඩු කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට ⁣පත් වූයේ කෙහෙළිය ඇමතිගේ ⁣මේ උපදේශකයන් දෙදෙනාය.

ඇමති ගේ උපදේශකයන් ලෙස ලේක්හවුස් ආයතනයෙන් වැටුප් ලබා ගත් මේ දෙන්නා කිසි ⁣දිනක ලේක්හවුස් ආයතනට පැමිණ නැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.පසුගියදා  පැවැති එම කෝප් කමිටුවේදී මේ සම්බන්ධව සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදී ලේක්හවුස් ආයතනයේ අතිරේක සාමාන්‍යාධිකාරී මුදල් විසින් ප්‍රකාශ කරන ලද්දේ ඇමතිවරයාගේ නිර්දේශ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශ මත මේ පුද්ගලයන් දෙදෙනාට වැටුප් ගෙවා ඇති බවය.

මෙහිදී ඒ පිළබඳව කෝප් කමිටුව වෙත අදහස් දැක්වූ ලේක්හවුස් ආයතනයේ සභාපති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට පවසන ලද්දේ මෙය ලේක්හවුස් ආයතනය සිදු කරන ලද බරපතල වැරැද්දක් බව පිළිගන්නා බවය.

ඔහු එහිදී මෙසේ ප්‍රකාශ කර තිබේ.

” මා පිළිගන්නවා ..ඒ දීපු මුදලට සේවයක් ලබා ගෙන නැහැ.දැනටත් අපි ජනපති කාර්යාලයට ,අගමැති කාර්යාලයට,සේවකයන් නිදහස් කරනවා.ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලුවාම එහෙම නිදහස් කරනවා .ඒ මීඩියා ස්ටාෆ් එකේ අය.නමුත් පාට කෙනෙක්ව අළුතෙන් බඳවා ගෙන පඩි ගෙවීමක් කරන්නේ නැහැ.

මෙතැනදි වෙලා තියෙන්නෙ පිට අය බඳවගෙන ඒ අයට වැටුප් ගෙවන එක.මින් ඉදිරියට කිසිම අවස්ථාවක ඒ තත්ත්වය ඇතිවෙන්න දෙන්නේ නැහැ.

ඒ වගේම කිව යුතුයි.ඩලස් ඇමතිවරයාගේ හා බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ කාලයේ මෙවැනි සිදුවීම් වාර්තා වී නැහැ.මා වගකීමෙන් කියනවා මේ සිද්ධ වෙලා තියෙන්නෙ බරපතල වැරැද්දක්.දැන් ඒ වැරැද්ද සිද්ධ වෙලා ඉවරයි.

මේ සම්බන්ධව කරුණු සොයා බලා සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග කරන ලදී.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට පවසා ඇති ආකාරයට මෙම සිදුවීම බරපතල වැරැද්දකි.එය එසේ වන්නේ නම් මෙම ඇමති උපදේශකයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ට ගෙවා ඇත්තේ කෙහෙළිය ඇමතිගේ අම්මා අප්පාගේ මුදල් නොවේ.මහජනතාවගේ මුදල්ය. ලේකම් අනූෂ පැල්පිට වැඩිදුරටත් කියන විදියට නැවත එවැනි වැරැද්දක් නොවන්නට වග බලාගන්නා බවට සහතික වෙයි.

අපට⁣ මේ ගැන කියන්නට ඇත්තේ හොරකම් කර අසුවූවාට පසු ඒ හොරකමට සම්බන්ධ ඇමතිවරයාට “ආවඩා ආයුබෝවේවා” කියා අනේ තවත් ඒ වගේ හොරකම් කරන්න ඉඩ දෙන්නෑය කියා දහ අතේ දිවුරන එක මාරම තියරියක් කියලාය.

මේවා ඇසෙන විට අපට මතක් වෙන්නේ මුන් ජාතක කරපු අම්මලා මිස වෙන කවුරුවත් නොවේ.


Spread the love

You may also like