ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින ඡ්‍යෙෂ්ඨයන් රැළ මෙි වන විට ඉන්නේ ඇමති මාන්දම වැළඳිලාය.
තමන්ට වඩා ජූනියර් මන්ත්‍රීවරුන් වන සේමසිංහ ,ටිරාන් අලස්,කාංචන විජේසේකර වැනි අයවළුන් ප්‍රබල අමාත්‍ය ධූර වල වැජඹෙන ආකාරය දකින විට මේ ඡ්‍යෙෂ්ඨයන්ගේ ඇහැට කටු අනින්නා වාගේය
පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පසුගියදා තම පක්ෂයේ ඡ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය ධුර අවශ්‍ය බවට ජනපති වරයා වෙත ලිඛිතව දැනුම් දෙන ලදී.එස්.බී.දිසානායක,රෝහිත අබේගුණවර්දන ,එස්.එම්.චන්ද්‍රසේන,
සනත් නිශාන්ත,ගාමිණි ලොකුගේ ,ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නම් එහි සඳහන්ව තිබුණි.මේ නම් ලිස්ට් එකේ ඉන්න එස්.එම් .චන්ද්‍රසේන ඉන්නේ තමන්ට ඇමතිකමක් නැති වීම ගැන ආඩාපාලි කියමිනි.මාධ්‍ය වලට වොයිස් කට් දිදී මේ උන්නැහේ හොටු පෙරාගෙන අඬ අඬ කියන්නේ තමන් මහ විශාල ඡ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් බැවින් තමන්ට ඇමතිකමක් දිය යුතු බවය.එස්.එම්.චන්ද්‍රසේනගේ මේ නිරූපනය පොදුජන පෙරමුණේ අනෙකුත් අයියලාගේද හෘද සාක්ෂියම බව අප සිතා ගත යුතුය.
මේ සියළුම දෙනා පසුගියදා ජනපති වරයා හමුවූයේ මේ ප්‍රශ්ණය විසඳා ගැනීමටය.එහෙත් එහිදී ජනපති වරයා පවසා ඇත්තේ දැනට ඇමතිකම් දීමට හැකියාවක් නැති බවය.එහෙත් මේ සියලුම දෙනාට දේශපාලනය කිරීමට අවශ්‍ය පහසුකම් හා වගකීම් පැවරීමට තමන්ට හැකි බවද ජනපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
ලංකා දවසට මේ ගැන ආරංචි වූ හැටියට පොදු ජන පෙරමුණේ මේ ඡ්‍යෙෂ්ඨයන්ට ඇමතිකම් දීමෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙල විනාශ කරන වෛරස් විය හැකි බවට ලන්සා මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට පවසා තිබේ.ලන්සා මන්ත්‍රීවරයා මේ වන විට පොදු ජන පෙරමුණු දේශපාලන ක්‍රියාකාරකම් වලින් ඈත්ව ජනපතිවරයා හා සම්බන්ධව සිටී.
පොදු ජන පෙරමුන ඉල්ලා සිටින ඇමතිකම් ලබා දීම ජනපතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ හොත් පාර්ලිමේන්තුවේදී ජනපතිවරයා ඇතුළු පිරිසට දේශපාලනිකව බරපතල විදියට දැනෙන වැඩක් කිරීමට පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨයන් පිරිස රහසිගතව සැළසුම් කරමින් සිටින බවද වාර්තා වේ.
පොදුජන පෙරමුනේ අයියලාට ඇමතිකම් දෙන්න ජනපති බැහැ කියලා